දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ බොහෝ ල…

දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ බොහෝ ලෙසින් දකින්නට ලැබෙන කාරණාවක්.!
මම එහෙම කියපුවම ඔබට හිතෙන්න පුලුවන් එහෙනම් අපි මොකක්ද කරන්න ඕන..? කොහොමද දරුවෝ හදන්න කියන්නේ..? ඔන්න ඔය වගේ අදහස් එක්කම ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.!
මෙහෙමයි දරුවන්ව දරුවො විදියට හදලා දරුවන්ගේ සිතුම් පැතුම් අරමුණු මොනවද කියලා දෙමාපියන් විදියට තේරුම් අරගෙන කටයුතු කරොත් කිසිම විදියක පසුකාලීනව හෝ වර්තමානයේදි දරුවන් හැදුවැදු අය විදියට දොසක් නම් එන එකක් නෑ. ඇතැම් දරුවොන්ට ඇතැම් දෙමව්පියෝ කියනවා තාත්තා මෙහෙම දේවල් කරලා තියෙනව නම් ඇයි ඔයාට බැරි අම්මා මේවගේ තත්වෙක ඉන්නේ අරම කරපු නිසා මෙන්න මේ වගේ දේවල් කියලා හැම දරුවම හදන්න බෑ කියන එක දෙමව්පියෝ තේරුම් ගන්න ඕන කොටින්ම කියනව නම් තමන්මේ පටවන බර දරුවට දරාගන්න පුලුවන්ද කියලා බලන්න ඕන. එහෙම බලලා දරුවන්ගේ හැකියාවන් බුද්ධි මට්ටම් බලලා ඒවා ක්‍රමාණුකූලව වැඩි දියුනු කරලා ඒගොල්ලන්ට දරාගන්න පුලුවන් දේ විතරක් දරුවන්ට කරන්න කියන්න ඕන. කිසිම විටකවත් දරුවෙකුට මට මේ දේ කරගන්න බැරිවුනා ගෙදර අම්මා මොනව කියයිද.? තාත්තා මොනව කරයිද..? ගහයිද.? බනියිද..? අන්න ඒ තත්වේ නම් දරුවන්ට උදාකරන්න නම් එපා මොකද එතකොට ඒ දේවල් මඟ අරින්න දරුවෝ වෙන වෙන ක්‍රම හොයාගනිවි ඒ ක්‍රම වලින් වෙන කිසිකෙනෙකුට නොපෙනෙන අනිසි ප්‍රථිවිපාක ඔබටත් විඳින්න වෙයි කියන එක ඔබ සැමට මතක් කර සිටින්න කැමතියි..!
දෙදාස් දහනවය අවුරුද්දේ ජනවාරි මාසේ දහවෙනිදා දමිළ සිනමා ලෝලින්ට මෙන්ම තල ගේ එහෙමත් නැත්තන් අජිත් කුමාර් යන රංධරයාගේ රසිකයින්ට විශේෂ දවසක් ඒ බහුතරයක් දමිළ රසික රසිකාවියන්ද තිරගතවෙනකන් මඟ බලා සිටි තල අජිත්ගේ ගේ Viswasam 2019 සිනමා නිර්මාණය තිරගතකල දවස නිසාවෙන්.! මේ සමඟම දමිළ සිනමාවේ එදාමෙදා තුර දැවැන්තයෙක් වන සූපර් ස්ටාර් රජිණි කාන්ත්ගේ Petta 2019 චිත්‍රපටයද මේ දිනයේදීම තිරගතවුනා.! ඉතින් තරමක අවදානමක් වගේම අභියෝගයක් නිෂ්පාදන කටයුතු පැත්තෙන් එහෙම බලද්දි..! ඒත් පෙනි යන ආකාරයට කිසිඳු අවදානමකට ලක්වුනේ නම් නැතිතරම් මොකද චිත්‍රපට දෙකම ආදායම් අතින් කිසිවිටකවත් පසුබෑමකට ලක්වුනේ නෑ. එසෙනම් මා හට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා බැඳි සිටින රසිකරසිකාවියන් හට imdb හි මේ ලිපිය ලියනා මොහොත වන විට චන්ද 3486 කින් 7.2/10 අගයක් සටහන් කල සිනමා සිත්තමක් ඉදිරිපත් කිරිමට අවසරයි.!
චිත්‍රපටය අධ්‍යක්ෂණය – Siva .
කතාව – Siva සමඟින් Aadhi Narayan.
රංගනය -Ajith Kumar,Nayanthara.
සංගීතය – D. Imman.
ආදායම් විස්තරය – සෑම අතින්ම අතිශය සාර්ථකවු චිත්‍රපටයකි.!

Ajith Kumar කියන්නේ කවුද කියලා දමිළ සිනමා රසිකයින්ට අමුතුවෙන් මා මතක් කලයුතු නෑ මන්ද ඔහු ගැන නොදන්නා කෙනෙක් නැතිතරම් එදා මෙදා තුර ඔහුගේ චිත්‍රපට අතරින් තවත් අනර්ඝතම සලරුවක් ලෙස Viswasam 2019 හඳුන්වන්න පුලුවන් ඔහුටම අවේනික රංඟන ශෛයිලය, ඔහුගේ නර්තන විලාසිතාව,ක්‍රියාදාමයන් ඒවගේම හැඟීම්බර දුක්මුසු තැන් වලදි ඔහු විසින් ඉදිරිපත් කරනා කිසිවකුටත් සමකල නොහැකි භාව ප්‍රකාශනය ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා හැමදේකින්ම සමන්විත Viswasam 2019 චිත්‍රපටය ඉතාමත් තාත්වික රංගනයක් සිදුකර අවසානයේ තම ප්‍රේක්ෂකයන්ගේ දෙනුවනට කඳුලක් පවා උපද්දවන ආකාරයේ රංඟනයක් ඉදිරිපත් කරන Ajith Kumar කිසිම විටක තමන්ගේ රසිකයින්ට අසාධාරණයක් සිදු කර නොමැති බව වඟකීමෙන් යුතුව ප්‍රකාශ කල හැක්කක්..! ඉතින් ඒවගේම තවත් කෙනෙක් ගැන මා මතක් කරන්න කැමතියි ඒ තමයි Nayanthara මා දන්නා ආකාරයට තමන්ට ලැබෙන ඕනම චරිතයක් කිසිම අපහසුතාවයකින් තොරව රඟපෑමට දක්ෂ නිලියක් ඒ වගේම මා ඔබට මතක් කර සිටින්න කැමති සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිතය නැත්නම් වානිජ චිත්‍රපට වලට පොදු ප්‍රධාන නිලියට හොබවන චරිතයන්ට වඩා පසුගිය වසරේ තිරගතවුන Imaikkaa Nodigal 2018 චිත්‍රපටය බලපු අයට මැයගේ ප්‍රතිභාපූර්ණ රංඟනය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. තවද ඇය මීට පෙර Ajith Kumar සමඟම ප්‍රදාන චරිත රඟපෑ Aegan 2008 , Arrambam 2013 යන චිත්‍රපට ගැනත් ඔබට මතක ඇති Thirunaal 2016 චිත්‍රපටයේ ඇයගේ රංගන රටාවෙන් සම්පූර්ණයෙන්ම මිදි කල ඒ රංඟනයේදි ඇය මේ රඟපානව දෝ යන සැකය ඔබටත් ඇතිව තිබු බව සහතිකයි..!
ඉතින් මෑතකදි අජිත්කුමාර් ගේ චිත්‍රපට වල අපි දැක්ක දෙයක් තමයි ඔහු තමන්ගේ සැබෑ වයස සඟවන ආකාරයේ මූලික තේමාවක් තියෙන චරිතයන් රඟපෑවේ නැති බව ඒ කතාව මම වගේ දමිළ සිනමා මෙන්න අජිත් කුමාර්ගේ රසිකයින් වන ඔබ සියලු දෙනාමත් දන්න කරුණක් වෙන්න ඕන.කොටින්ම කියනව නම් කොන්ඩය කළු කරපු තරුණයකුගේ චරිතයෙන් මිදිලා සාමාන්‍ය ගැමියෙක් විදියට ඒ කිව්වේ කලිසම් කෝට් අඳින්නේ නැති වැඩි ඉඟනීමක් නැති කෙටියෙන්ම කිව්වොත් ඉංග්‍රීසි භාෂා දැනුමවත් නැති ගමේම මනුස්සයෙක් ඉන්න කතාවක් විදියට පටන් ගන්න මේ කතාව මුල ඉඳන් බොහොම ක්‍රියාද්‍රාම පූර්වකව හා හාස්‍ය උත්පාදනය අඩුවක් නැතුව ගලාගෙන යනවා. කෙසේ හෝ චිත්‍රපටයේ මැද භාගය වෙන කොට අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයක් නිර්මාණය කිරිමේදි බලාපොරොත්තුවන මූලික අභිප්‍රායන්ට හානියක් වෙන්නේ නැතිවෙන්න බොහොම සූක්ෂම ලෙසින් තමන්ගේ යටි අරමුණ, ඒ කිව්වේ සමාජ පණිවිඩය ප්‍රේක්ෂකයාගේ දෙනුවන් වලට කඳුලු බිඳු පවා එකතු කරමින් ඔවුන්ට එය ලබා දීමට සමත්ව තිබෙන බව සිනමා ශාලාවකදි මෙම චිත්‍රපටය නරඹා ඒ අවස්තාවට මුහුණ දුන් කෙනෙකු ලෙස මාහටද වඟකීමෙන් යුතුව කිව හැකි දෙයක්.!
මේ ලිපිය ලියන දැන් වෙලාව 2019.02.08 අළුයම 02.43 යි.! නිදාගන්නත් ඕන.! උදේ 5 ට අවදිවෙන්නත් ඕන.! අද මම සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ කතාව ගැන කියන්න යන්නේ නෑ. මොකද කාල වේලා ගැටලුව වගේම කතාවත් දැන් මම මෙතන කිව්වොත් ප්‍රේක්ෂක ඔබගේ කුතුහලය නැතිව යන නිසා.! එහෙනම් මාහට මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අප අඩවියේ සංස්කාරකවරයෙකු වන අශාන් විමුක්ති (විමා) සොයුරාට ස්තුතිවන්ත වෙමින් මාගේ සහොදර උපසිරැසි කරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිටද විශේෂ ස්තුතිය කරන්න කැමතියි ඇතැම් විට මා මෙම චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් පැමිනෙණ අවස්තාවේදි විදුලිබලය,දුරකථන සංඥා නොමැති කැලෑබඳ ප්‍රදේශයක රාජකාරි කරමින් සිටිමට 100% ක්ම ඉඩක් තිබෙනවා.! ඉතින් අසාලිවිමක් විදියට කරපු මේ චිත්‍රපටයට තාරක නුවන් දිල්හාර මල්ලි හොඳ පිටපතක් අන්තර්ජාලයට ආ සැනින් අපේ ආදරණීය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත රැගෙන ඒමට අවශ්‍යය කටයුතු කරයි.! එසේ නම් Petta 2019 චිත්‍රපටයෙන් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
මට අනුව එකම එක දෙයයි තියෙන්නේ.! වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සියදිවිනසා ගත්තොත් ඒක සියදිවිනසා ගැනීමක් නෙවෙයි.!
මිනීමැරුමක්..!
ඒ අපරාදේ කරලා තියෙන්නේ එයාගේ දෙමව්පියොමයි..!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
31,925 downloadsDownload Viswasam-2019-Prop-HD.zip126 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
100 comments
ඔෂද ධනංජය
Anonymous
thanks..u r the sub titles.......'
Nuwan-milinda
Thanks bro
තාරක නුවන් දිල්හාර ©T
නියමයි තරිඳු අයියේ..
කට උත්තර නෑ..
තාම සීඩ්ස්වත් නෑ..
ස්තුතියි උපසිරැසියට..
ඔන් එහෙනම් සතිඅන්ත තෑග්ග..Eranda Malith 2.0
Thanks mcn jayawewa
Dilruk lahiru
Elz film eka switch Kyla danagatteth sub eka salary things eken
Dilruk lahiru
Puluwn wunoth vunnadhi okate zindagi Telugu movie ekatath sub denna....DN awillath masa 5bk withara thama English subtitles ekak wath na.......
maikee
පට්ට තැන්ක්ස් සබට , බයිස්කෝප් එක නිසා ෆිල්ම් බලලා පිස්සු වගේ මේ එනවා මේ දෙනවා. එල සබ් හදපු කෙනාට.
DIlshanmapalagama
Patta kollooo
Iroshan Kumar
thanks bro....
Asitha B Upathissa
Thank you
Rocky45
Doom patrol sub neddoo plzzzz
vas0303
Thank you bro
darshana100
thank saho original awa gaman dunnata budusaranai jaya wewa
tharidu16
thanks macho
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!sathyajith
Thanks for the sub
benukanimsena
නියමයි අයියේ
ආවා විතරයිනේ
බොහොම ස්තූතියි උපසිරැසියට
ජයෙන් ජයම වේවා!!!Haritha245
THANK YOU
Udaya Saman
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි තරිදු අයියේ..
වැඩ රාජකාරි අතර තුර වෙහෙස මහන්සිය නොතකා මේ කරනා මහත් සත්කාරය වෙනුවෙන්...
ආව ගමන්ම දුන්න නේද?.....Lalith Susantha
ඔබට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔබ අප වෙනුවෙන් රැ දවල් නොතකා ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන්ම කැපපකිරිම පිලිබදව විශේෂයෙන්ම උනුඋනුවෙන්ම දැම්මා නේද...........තෙරුවන් සරනයි .....ජය වේවා
විමා
සබට තුති මචෝ
ගින්දර වගේ වගකීම ඉටු කරලා ආයේ මොනාද ඉතිං :Ddamith_janaranjana
Elama
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...ගොඩක් ස්තුතියි... ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
sahan malinga
ela ela broooooooooooooo
Bandaramudiyansi
මෙන්න මෙක කියන්න ඔනේ ඔයාට කොහොම උනත්. Tamilrockers වල උදේ ෆිල්ම් එක වැටිල දකිද්දි .එකම දෙයයි හිතුවෙ හරි. බයිස්කෝප් එකේ M .R.T තරිදු අයේ පුදුම කිරිමක් නම් කරයි කියල . හිතුවත් වගේ යකාගෙ පොරක් තමා.... .තැන්ක්ස් ගොඩක් සහෝ
subodha
Thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!ශසිත් සඳරුවන්
සබට තුති අයියේ...
දවසක් යන්නත් කලින් සබ දීලා..
බාර ගන්න වැඩේ ඒ විදිහටම උපරිමයෙන් ඉටු කරන කෙනෙක් විදිහටයි අයියව දකින්නේ.
රාජකාරි අතරේ ඒ වැඩේ කරන එක ගැන නම් කියන්න වචන නෑ.
මේ විදිහට දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Amila Roshan
Sub ekata thanka saho
mama godak kamati naluwek AJITH
obata jayaPrabashjayawardane
දාපු ගමන් ගත්තා.ගත්ත ගමන් බැළුවා.බොහෝම ස්තූතියි උපසිරසියට සහෝ.
aheshlakmal
Thnkz mcn..
melinda
thank you
sachinthasw
Thaks for your hard effort
Cavil
Niyama wedak. Jaya wewa
Achi
Thanks ❤️
Milind@
Thanks saho
sk kanishka
thanx bro......
Ayesh Prashan
Wechcha Mahansiyata Godaak Sthuthie...Oyala Nisa Thamai Api Mehema Asawen Film Ekak Balanne
hmj
Thanks for the sub bro! Good luck!
Nilush Angana
Sub ekata thanx
kelumchathuranga
thanks
රොෂාන් අබේවීර
තරිදු රුක්ෂාන් සහෝ සබි එක නමි බා ගත්තා බොහොම ස්තුතියි ඇඩමින් මඩුල්ලටද හදවතින්ම සුභ පතනවා!!!
Deshani
thank you
wasanthamax
sub ekata thanks!!!!!!!
කවිනු වීරක්කොඩි
නියමයි තරිඳු අයියේ..
වුණු මහන්සිය වෙනුවෙන තාරක අයියටත් පට්ට ස්තූතියි!TharakaWAS
Subata thanks machan...!!!
PaSindu MaDumal
විශ්වාසම්ම තමයි..!
එළියට දැම්මා විතරයි මෙන්න සබත් එළියට දාලා...!
එකෙන්ම ඔයාටත් කඳ සුරිඳු පිහිටයි තරිඳු අයියේ...!Shalika_dulan
Patta
Kapila4499
thanks for sub
Koda
Nice bro...keep it up..
Advertisement

thanx sahoo..awa gamanma dilaa...elazzz