Watch Trailer

Death Race (2008) | මරුවා සමග වාසේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ හයවැනි සබ් එක ඔයාලට අරගෙන ආව. මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 6.4 ක් ලැබිල තියෙනවා. මේකෙ කොටස් 03 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේ පළවෙනි එක. අනිත් Films දෙකටම Baiscope එකේ ස…

death race 2008

ඔන්න මගේ හයවැනි සබ් එක ඔයාලට අරගෙන ආව. මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal සමාගමේ බෙදාහැරීමක් වන මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස්  6.4 ක් ලැබිල තියෙනවා. මේකෙ කොටස් 03 ක් දැනට නිකුත් වෙලා තියෙනවා. මේ පළවෙනි එක. අනිත් Films දෙකටම Baiscope එකේ සබ් දීලා තියෙනවා.

ඔක්කොටම කලින් පොඩි සමාව ඉල්ලීමකුත් තරන්න තියෙනවා. මගේ 5 වෙනි සබ් එකත් (Gulliver’s Travels 2010) එක්ක දාපු ටොරන්ට් එක සබ් එකට ගැලපෙන්නෙ නෑ කියලා ගොඩක් අය කියලා තිබ්බා. සමහරු බැනලත් තිබ්බා.  මම File Size එක අඩු YIFY ටොරන්ට් එකක් තමයි මුලින් දැම්මෙ. ඒත් එක ගැලපෙන්නෙ නැති නිසා 1.7GB ටොරන්ට් එක පස්සෙ දැම්මා. ඒක හදන්න විදිහක් තිබ්බෙත් නෑ. මොකද YIFY ටොරන්ට් එකට හරියන ඉංග්‍රීසි සබ් එකක් තිබ්බෙ නැති නිසා. ඉදිරියට එහෙම නොවෙන්න වගබලා ගන්න බවත් කියන්නම ඕන.

හරි ආයෙත් ෆිල්ම් එක දිහාට හැරෙමු. මිනිත්තු 110 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Paul W.S. Anderson නම් අධ්‍යක්ෂවරයා. Transporter, Expendables, Mechanic, Parker වගේ චිත්‍රපටිවල රඟපාපු Jason Statham තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. 

තමුන්ගෙ බිරිඳව මරපු චෝදනාවට Jensen Ames (Jason Statham) ට හිරේට යන්න වෙනවා. ඒ කාලෙ වෙනකොට ඇමරිකාවෙ හිරගෙවල් පාලනය ක‍රන්නෙ පුද්ගලික සමාගම් විසිනුයි. ඔවුන් පවත්වනවා Death Race නම් කාර් රේස් එකක්. ඒත් සාමාන්‍ය කාර් රේස්වලට වඩා නම් වෙනස්. කොහොම හරි මේකෙන් 5 වතාවක් දිනන කෙනාට හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. Jensen Ames ට තියෙන්නෙ තව එක වතාවක් මේ රේස් එක දිනන්න විතරයි. ඉතිං ඔහුට ඒක දිනන්න පුළුවන් වෙයිද?.  මේ කාර් රේස් එකේ තියෙන වෙනස මොකක්ද? ඒව දැනගන්න නම් ෆිල්ම් එක ඔයාලටම බලන්න වෙනවා. බැලුවට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේකෙ අසභ්‍ය වචන ගොඩක් පාවිච්චි කරලා තියෙනවා පුළුවන් විදිහට ඒ ඔක්කොම ඉවත් කරලා තියෙන්නෙ *** දාලා. එහෙම කරන එක හොඳද නරකද කියලා ඔයාලම කියන්න. එ‍තකොට ඉදිරියෙදි ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. 

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කලින් පලවූ ලිපිය 

මරණය අප හැමටම නියත දෙයකි. එමෙන්ම නිදහස අපිට නැතිම දෙයයි. අපි හැමොම කැමතියි නිදහසේ ජිවත් වෙන්න. ගොඩක් දෙනෙක් බලලා ඇතැයි සිතන මෙම චිත්‍රපටිය ඔබට දෙන්න හිතුනෙ මෙය අනිවාර්යෙන්ම බයිස්කෝප් එකේ අඩංගු වියයුතු චිත්‍රපටියක් ලෙස මම සිතන නිසයි. ඉතින් නරඹා නැති අයට හා බයිස්කොප් අඩවිය වෙනුවෙන් මගෙ මතකයේ ‍රැඳිතියෙන මේ චිත්‍රපටිය කට්ටියට දෙන්න හිතුවා. ඇත්තෙන්ම චිත්‍රපටි කර්මාන්තය පමනක් නොව පරිගණක ක්‍රිඩා ක්ෂෙත්‍රයද වෙනස් මගකට ගෙන යාමට මෙ චිත්‍රපටියට හැකි වුනා. මන්ද යත් වර්තමාන ජනප්‍රිය පරිගණක ක්‍රිඩාවන් වන Split second හා Blur මෙම චිත්‍රපටියටම ආරොපිත ගුණාත්මකබාවයෙන් ඉහළ පරිගනක ක්‍රිඩා වෙයි.

මෙහි මගෙ ප්‍රියතම නළුවන් දෙපලක් වන Jason Statham හා Tyrese Gibson රංගනයෙන් දායකවෙනවා. කතාවනම් අමුතුයි. හිතන්න ලොකු හිරගෙදරක් තියෙනවා එහි මසකට වරක් කාර් රෙස් එකක් පවත්වනවා. එය එකපිට පස් වතාවක් දිනනකෙනා හිරගෙදරින් එලියට යනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දිනන්න නම් එක වෙනවා වගෙම ජිවත්විමත් වැදගත්. ඔබට හිතෙයි මම විකාර දොඩවනවා කියලා. මොකද එක වෙන එකා කොහොමත් ජිවත් වෙනවානෙ. නමුත් මෙය පටන්ගෙන තප්පර කිපයක් යද්දි ඔබට තේරෙයි මම කිව්වෙ ඇත්ත කියලා. එමෙන්ම මෙහි විරයා නම හරහා බිහිවෙයි. ඒ කොහොමද දන්නවාද ඔහුගෙ නම ජෙසන්, ජෙසන් යනු තනි පුද්ගලයකු නෙමෙයි, ඔහුට අරුඪ වුනු නමකි. ඔහුගෙ ප්‍රධාන ප්‍රතිවාදියා මැෂින්ගන් ජො (මගෙ චිත්‍රපටියෙ ආසම චරිතය) වෙයි. ජෙසන් ගෙ තැනට අළුතෙන් එකතු වෙන්නෙ Jason Stathamය.

ජෙසන් තුල මෙය ජයගැනිම මෙන්ම තව අරමුනක්ද වෙයි ඒ තම බිරිදගෙ මිනිමරුවා සොයා ගැනිමයි.එමෙන්ම මැෂින්ගන් ජො ට අවශ්‍යව ඇත්තෙ මෙ අපායෙන් ගැලවියාමටයි. අවසානය කුමක් වෙයිද? මෙය MaxxA එකටත් එහාගිය IMDB 6.6 ඇති 2008 දි අනෙක් රටවල් කෙසෙවෙතත් ලංකාව තුල උන්මාදයට භාජනවුනු උපරිම බයිස්කොප් එකයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  මංගල සුබසිංහ (KOK)  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Death Race (2008) on IMDb

 

 

27,253 downloadsDownload Death-Race-2008.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

27,253 downloadsDownload Subtitles76 KB

68 comments

  1. psw

    patta film 1k.:D
    Balapu nathi aya aniwa balanna.

  2. පුන්නා

    patta film 1k.wagakeem sahathikayak man denawa.mokada man meka 5 wathawak vtara balala thiyenawa.a nisa oyala hemoma aniwa balanna.

    1. Madhushan

      Me wage thawa supiri film tikak kiyannako.gangster,prison,18+ wage

  3. ඉදුනිල්

    onna demma

  4. Dhanuka Pathinayake

    thanks......................

  5. උදය

    maxxa film ekkkk.... thanks.

  6. ෂෙලින්ක - කටාර්

    රොයිලියෝ.. ඔන්න මමත් බානවෝ...
    කොමෙන්ට්ස් වලට වෙලා නැතෝ..
    බොහොම ස්තූතියි...

  7. ashan kandy

    ane .. meka paranaine baaan.. habai patta.. balapu nathi hamoma balanna.. :P

  8. පොඩි මෑන්

    මම මේක බලලා තියෙනවා
    පට්ට film එක.
    ඇයි KOK අයියේ මේකෙම ගේම් එකක් තියෙනවා Death Track කියලා
    බොහොම ස්තූතී... :P

  9. AL1717

    Meka Nam Eay Kalema Bewa
    Patta Film Eka Ne...Thanks Wewaaaa

  10. Confiuzd ප්‍රෝග්‍රැමර්

    ජේසන් ස්තෙටහැම් ඉන්නවනම් ඉතින් ....මොකක් උනත් බානවා ..පට්ට ෆිල්ම් එක ...

  11. Namila

    fatta film eka..mama kalin balala tiyenawa :D :D thankz

  12. kathu

    පට්ට movie එක. කට්ටියම බලන්න...

  13. sam 007

    Maxxa Film 1k balala natto adama blanna , balapu hodama Action Film 1k Action kiwwata meka patta

  14. Supun

    math balala tiyenawa
    kata dekak ne maxxa

  15. ආසිරි

    මේක බලල තියනව රොයිලි සහෝ!!!කොහොම වුනත් තැන්කු වේවා!!!Prince of Persia හො‍ද කොපියක් අවුට් වුනේ නැද්ද?ඉක්මනට සිංහල සබ් දාල හරි නැතුව හරි දෙන්නකො අනේ!!!!

  16. uda

    අමුතුම කතාවක්. නියමෙට හදලා තියෙනවා. පටන් ගත්තු වෙලේ ඉඳන් එක දිගටම කම්මැලි නැතිව බලන්න පුලුවන්. දෙකක් නෑ; ශිරා ‍ෆිල්ම් එකක් !!!!!!!

  17. uda

    http://singreesi.vndv.com/download.htm

    සිංහලෙන් කොටන්න ලේසිම විදිය මෙන්න තියෙනෝ!!!! මේන් මේකෙන් "සිංග්‍රීසි" බාගන්නෝ. help ෆයිල් එකකුත් තියෙනෝ. අදින් පස්සේ සිංහලෙන්ම කොමෙන්‍ටු දාන්නෝ.

    මේ ගැන කස්ටිය නොදැන ඉන්නනම් විදියක් නෑ!!!!
    මැලිකම මිසක්..............

    මොකද මේකට එන අය, මේක කරන අය ගොඩාක් ප්‍රවීණයෝ නිසා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    (සොරි වෙන්න ඕනේ! මං link එක add කරන්න දන්නේ නෑ ??????)

  18. chamila

    meka kalin baluwa..... hoda film akak......

  19. gvs

    ela ela

  20. namalfdo

    thank in advance, still downloading................

  21. INDIKA

    ඔන්න කාලෙකින් මමත් බාන්න සෙට් උනා මෙකයි කාටුන් එකයි දෙකම එකට බානවා තැන්කූ

  22. yaka007

    ko sinhala sub

  23. Danula Damsara

    මම කලින් බලුව . ආඉමත් බලන්න ආසඉ. තන්x !!!

  24. Ramraj

    මේක නම් එළම ෆිල්ම් එකක්. මේකේ අන්තිම කෑල්ල මරුම මරු.

  25. Anton

    Transformers walata passe balapu hodama film eka !

  26. Jayanga

    Machan me film eke Simhala sub naddaaaaa????

  27. nelum nethanjana

    man meka hoya hoya idiye.sub ekata hugak sthuthi oonn...

  28. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  29. Supun

    yalu sub eka nane

  30. නලින් පෙරේරා

    ස්තුතියි අසංක සහෝ!

    ජය වේවා!

  31. malitha

    meka dammata godak thanks man godak kal balan hitiye meka enakal
    meke 2,3 danna puluwannam loku udawwak udawwak onenam puluwan udawwak dennam
    Ehenam Api giyooooooooooooooooooooo!...............

    1. එන්.විජිත අසංක

      2, 3 දාලනෙ තියෙන්නෙ....

  32. Chanaka Hasitha Naveendra

    kattiyama balana

  33. #YasmikaSH

    බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය෴෴.

  34. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි........
    ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  35. Kulanjana Maduranga

    mekata sub 1ka dunna 1ka nm loku deyak....thanks VIJITHA saho....digatama sub denn.jaya wewa............

  36. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. Laksh!tha

    Thanks Bro...!!!

  38. දමිත්

    මේකේ සබ් එක අඩුවෙනුයි කලෙක්ෂන් එකේ තිබ්බේ..
    නියමයි දැන් ඒකත් හරි..
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    ජයෙන් ජය...

  39. Bobby

    good flim, Thanks lot

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  41. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. “චූටී මල්ලි”

    කලින් බැලුවෝ
    එල
    සබට තුති
    ඔබට ජය............

  43. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  44. Gayan

    mata thiyanawa film ekak ekata sub danna one podi ganak gewanna puluwan kenek hoyala denawada mage e mail eka [email protected]

  45. malaka

    Thanks saho subata.

  46. shanika dissanayake

    thanks saho

  47. ravindu prabashwara

    Ala bro

  48. Damru Ravihara

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.