සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය දෙයක් උනත් එදා පටන්…

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය දෙයක් උනත් එදා පටන් අද දක්වා කරගෙන එන්න හේතුව විශේෂයෙන් අපිව දිරිමත් කරන ඔයාල කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම බයිස්කෝප් කිව්වම ඔයාලට මේ පෙනන වෙබ් අඩවිය විතරක් උනාට අපිට නම් ඒක ලොකු පවුලක්. ඒ පවුලේ සාමාජිකයෝ දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නැහැ. මම උපසිරසි කරණයට එකතු වෙනකොට සිටි පිරිස එක්ක බලනකොට අද විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොට සාමාජික සාමාජිකාවෝ 973ක් කිව්වොත් වඩා නිවැරදියි. මෙහම පිරිස එන්න එන්න වැඩිවීම එක අතකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ වාසනාව. හැමදාම උපසිරසි 6-7 ඔයාලට ලැබෙන්න මූලික හේතුව තමයි ඒ පිරිස. ඒ වගේම ඒ එවන උපසිරැසි ඔයාලට මෙහෙම දකින්න සලස්වන්න හැමදාම තිරය පිටුපස ඉඳන් වෙසෙසෙන පිරිසත් අමතක නොකර බැහැ. ඒ තමයි බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලය.
මේ දවස් වල නම් තිසර සහෝ තමයි ලොකු බරක් ඇදගෙන යන්නේ. ඒ වගේම රොයිලි, චාමර, සමන්, නවෝදනී, සිසිල, අසංක, සුදීර, විමා මේ පිරිසත් වෙබ් අඩවියේ තිරය පිටුපස නිතර නිතර ක්‍රියත්මක වෙන පිරිසට අයත්. අනික් සහෝදර සහෝදරියෝ තරහ වෙන එකක් නැහැ කියල හිතනවා මොකද ඔයාලගේ නම් ලියන්න ගියොත් මේ උපසිරස ගන්න ත්‍රිවිල් එකක පහලට යන්න වෙනවා. හැමදාම කියනවා වගේ පොතේ නැති උනාට හැමෝම හිතේ ඉන්නවා. ඒ තරම් දිගයි අපේ උපසිරසිකරුවන්ගේ ලැයිස්තුව. ඒ හැම කෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. වෙබ් අඩවියක් විදිහට එදා සහ අද බලනකොට අපි ගොඩක් ලොකු දේවල් අත් කරගෙන තියෙනවා. විශේෂයෙන් මේක උපසිරසිකරණයට පමණක් සීමා උනත් අපි එතනින් එහාට සුහද හමු, සමාජීය යහපත වෙනුවෙන් කරන සත්කාර හරහා අවුරුද්දකට කීප වතාවක් මුණ ගැහෙනවා. ඒ දේවල් හරහා මේ පවුල තව තවත් ශක්තිමත් වෙනවා වගේම මේ විනෝදාංශය අදටත් එපා නොවෙන්න මූලික හේතුව ඒ මිතුරු බැඳීම කියලයි මම විශ්වාස කරන්නේ. කමෙන්ට් එකකින් ස්තුතිය පල කරපු, අපේ උපසිරසි බාගත කරගෙන හැමදාම අපි එක්ක හිටපු ඔයාලටත් නැවත ස්තුතිවන්ත වෙනගමන් බයිස්කෝප් පවුලේ සෑම සාමාජිකයෙක්ම සාමාජිකාවක්ම ආදරෙයෙන් මතක් කරන ගමන් අදට සමුගන්නම්. පහලින් තියෙනවා තිසර සහෝ විසින් මේ චිත්‍රපටය වෙනුවෙන් ලියු ලිපිය.

2001 දී සාමාන්‍ය සිනමාපටයක් හොලිවුඩයේ තිරගත වනවා. නීතිවිරෝදී වීදි ධාවන තරඟ වල නියැලෙන සහ මංකොල්ලකෑම් වල නියැලෙන කණ්ඩායමක් සමඟ ඇරඹෙන මේ සිනමාපටය අද වන විට හොලිවුඩය හොල්ලන සිනමා පෙළහරක් වී අවසන්. නීතිවිරෝදී ධාවන තරඟ සමඟ ඇරඹුණු මේ කතා පෙළ අද වන විට ජාත්‍යන්තර අපරාද දක්වා දුරදිග ගොස් තිබෙනවා. ඉතින් මේ තමයි ඔබ අප ආදරය කරන The Fast and the Furious සිනමාපට පෙළ.
1955 දී The Fast and the Furious නමින්ම B Grade සිනමාපටයක් තිරගත වී තිබුණු අතර මෙම නමෙහි අයිතිය පැවතියේ එම සිනමාපටයටයි. නමුත් පසුව යුනිවර්සල් සමාගම විසින් එම සිනමාපටය මිලදී ගෙන එම නමෙහි අයිතිය තමන් සතු කරගනු ලැබුවා. පසුව එම නමම මෙලෙස 2001 සිනමාපටය වෙනුවන් ඔවුන් යොදාගනු ලබනවා. අද වන විට ප්‍රධාන සිනමාපට 08 ක් සහ කෙටි සිනමාපට ද්විත්වයක් සහ Spin-off හෙවත් එයට ඈඳුණු අතුරු සිනමාපටයකින් සමන්විත වන්නේ හොලිවුඩයේ ඉහල ආදායම් ලබන සිනමාපට පෙළක් වෙමින්.
- The Fast and the Furious
- 2 Fast 2 Furious
- The Fast and the Furious: Tokyo Drift
- Fast & Furious
- Fast Five
- Fast & Furious 6
- Furious 7
- The Fate of the Furious
- Fast & Furious Presents: Hobbs & Shaw
- The Turbo Charged Prelude for 2 Fast 2 Furious
- Los Bandoleros
සිනමාපට පෙළ ඇරඹෙන්නේ වැඩිදියුණු කල කාර් සමඟ නීතිවිරෝදී මාර්ග ධාවන තරඟ වල යෙදෙන අතර විටින් විට මංකොල්ලකෑම් වල යෙදෙන කණ්ඩායමක් (ඩොමිනික් “ඩොම්” ටොරෙට්ටෝ, ලෙටී, වින්ස්, මියා) සහ ඔවුන්ව හසුකරගන්නට එන වෙස්වලාගත් පොලිස් නිලදාරියෙක් වටායි. දෙවෙනි වරට සිනමාපටය දිගහැරෙන්නේ පෙර සිනමාපටයේ පොලිස් නිලධාරියා වටායි. සිනමාපට ද්විත්වයම බ්‍රයන් ඕ’කෝනර් නම් පොලිස් නිලධාරියා සමඟ සම්බන්ද වුවත් තෙවන සිනමාපටය නවතම ආරකින් දිගහැරෙනවා. ඒ ජපානය මූලික කරගෙන. හැබැයි අවසාන මිනිත්තුවේ කතාව පළමු සිනමාපටය හා සම්බන්ද කරන්නේ ඩොම් නම් චරිතයේ කැමියෝ එකක් සමඟින්.
මෙලෙස එකිනෙකට වෙනස් තනි සිනමාපට ත්‍රිත්වයකින් පසුව නැවත වරක් සිව්වන වරට සිනමාපටයක් නිර්මාණය කරන්නට තීරණය කරනවා. එහිදී නිෂ්පාදකයින් සැලසුම් කරන්නේ පෙර සිනමාපට වල මෙන් නීතිවිරෝදී ධාවන තරඟ මෙන් නොව අපරාධ සහ රහස් මෙහෙයුම් සම්බන්ද සිනමාපට කිහිපයක් නිර්මාණය කරන්නටයි. එබැවින් පළමු සිනමාපටයේ චරිත සහ තෙවන සිනමාපටයේ සිටි හන් නමැති චරිතය යොදාගනිමින් සිනමාපටය නිර්මාණය කරනවා. නිර්මාපකයින් සිතු පරිදිම සාර්ථක වන සිනමාපටය තවත් දැවැන්ත ලෙසින් පස්වන වරටද නිර්මාණය කෙරෙනවා. පස්වන සිනමාපටය තිරගත වන්නේ රිදී තිරයේ අපූර්වතම මංකොල්ලකෑමේ දර්ශනයක් මවාපාමින්. මේ සිනමාපටය උදෙසා එතෙක් පැමිණි සිනමාපට හතරේම සිටි චරිත ගණනාවක් එක්කරගන්නවා. එමන්ම එක් විශේෂ චරිතයක් හඳුන්වා දෙනවා. ඒ රාජ්‍යත්‍රාන්තික ආරක්ෂක ඒකකයේ නියෝජිතයෙක් ලෙස පැමිණෙන ලුක් හොබ්ස් නම් චරිතයයි. රෙස්ලින් තරුව Dwayne Johnson විසින් එම චරිතය රඟ දක්වනු ලබනවා..
පස්වන වතාව අති සාර්ථක වූ නිසා හයවන වරට දිගහැරෙන්නේ පෙරටත් වඩා දැවැන්ත සිනමාපටයක්. මෙලෙස හයවන වතාව අති සාර්ථක වූ නිසා හත්වන සිනමාපටය කෙරෙහි දැවැන්ත බලාපොරොත්තු තබා තිබුනා. එය සඵල කරමින් සිනමාපටය බිලියනයේ අදායම පවා පසුකර යන්නට සමත් වූවා. දුක්බර කාරණය වන්නේ සිනමාපටය අඩක් රූගත කරමින් සිටියදී සිනමාපට එකතුවේ ඩොම් සමඟ ජනප්‍රියතම තාරකාව වූ බ්‍රයන් ඕ’කෝනර් චරිතය රඟ දැක්වූ පෝල් වෝකර් මෝටර් රථ අනතුරකින් මියයාමයි. පෝල්ගේ සොහොයුරු කෝඩි වෝකර් සමඟ VFX තාක්ෂනය යොදාගනිමින් රූගතකිරීම් අවසන් කල අතර බ්‍රයන් ගේ චරිතය වෙනුවෙන් සංවේදී අවසානයක් සිනමාපටය තුල ලබාදෙනවා. ඉතින් මේ හත්වන සිනමාපටයේදී තවත් විශේෂ චරිතයක් හඳුන්වා දෙනවා. Jason Statham විසින් රංග දක්වන ඩෙකාර්ඩ් ෂෝ එම චරිතයයි. අතිශය දරුණු අපරාධකරුවෙක් වන හිටපු බ්‍රිතාන්‍ය විශේෂ කාර්ය බලකා සෙබලෙකුගේ චරිතය ඔහු රඟ දක්වනවා.
පසුව ඩොම් ගේ චරිතය රඟදක්වන වින් ඩීසල් පවසා සිටියේ මෙම සිනමාපට මාලාව තවත් සිනමාපට ත්‍රිත්වයකින් අවසන් කරන බවයි. එහි පළමු සිනමාපටය ලෙස The Fate of the Furious සිනමාපටය තිරගත වූයේ නැවත වරක් බිලියනයේ කඩයිම පසුකර යමින් මේ සිනමාපට මාලාව ඉහලම ආදායම් ලද සිනමා මාලා අතර නමවන තැන හිමිකර ගනිමිනි. (MCU හෙවත් මාර්වල් සිනමා විශ්වය තමයි පළමු තැන ඉන්නේ)
මෙම අටවන සිනමාපටයේ දී ඔවුන් විශේෂ සිදුවීමක් එක් කරනවා. එනම් නාහෙට නාහන නියෝජිත ලුක් හොබ්ස් සමඟ පෙර සිනමාපටයේ දුෂ්ටයා වූ ඩෙකාර්ඩ් ෂෝ ගේ කිසිසේත් නොගැලපෙන කණ්ඩායම් එක්වීමක් ඉදිරිපත් කරමිනි. මෙම නොගැලපෙන දෙදෙනාගේ අපූර්ව ටීම්-අප් එක රසිකයන් හට නවතම විනෝදජනක අත්දැකීමක් වූවා. ඉතින් මේ නිසා Fast and Furious නිෂ්පාදකයින් තීරණය කරන්නේ නමවන සිනමාපටය මදක් පස්සට ගෙන ලුක් සහ ෂෝ ගේ Spin-off සිනමාපටයක් නිර්මාණය කරන්නටයි.
Hobbs & Shaw යනු එහි ප්‍රතිඵලයයි. ලුක් සහ ෂෝ ගේ මෙම ටීම්-අප් එක සැමවිටම රසිකයන් පිනවන අවස්ථා වූවා. දෙන්නට දෙන්නගේ නුරුස්නා බව, කටකැඩුනු වචන, දෙදෙනා අතර ගැටුම් ආදී එකී නොකී සිදිවීම් මේ එකතුව තුල සිදුවෙනවා. හොරා පොලිස් සෙල්ලමක හොරා සහ පොලිස්කාරයාගේ ගැටුම පැත්තකට කර පොදු අරමුණක් වෙනුවෙන් එක්වීම අපුර්ව ලෙස ගලපන්නට සමත් වෙනවා.
හොබ්ස් සහ ෂෝ සමඟ මෙවර ඩෙකාර්ඩ් ෂෝ ගේ සොයුරිය වන Hattie ලෙසින් වැනේසා කර්බි එක්වනවා. එමෙන්ම මේ හොරා පොලිස් කණ්ඩායමේ එදිරිවාදියා ලෙසින් සයිබනේටික් තාක්ෂණයෙන් වැඩිදියුණු කල මිනිසෙක් ලෙසින් Idris Elba විසින් බ්‍රික්ස්ටන් නැමති චරිතය එක්වනව. හැඩිදැඩි ලුක් සහ වැඩකරු ෂෝ වෙනුවෙන් මේ පාර එන්නේ එසේ මෙසේ සතුරෙක් නම් නෙවෙයි.. ඉතින් ෂෝ ගේ සහෝදරියත් එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ මම, මොකද මේ පාර තියෙන්නේ මුල ඉඳන් අගටම එක දිගට ක්‍රියාදාම පෙළක්.
ඒ වගේම මේ සිනමාපටය තුල හොලිවුඩයේ දැවැන්ත තාරකා කීපයකම කැමියෝ දර්ශන දකින්න පුළුවන්. ඉතින් මේ වසරේ ක්‍රියාදාම සිනමාවේ බලාපොරොත්තු කඩ නොකරපු මේ සිනමාපටය බලන්න කියලා කියන ගමන් මං නවතිනවා. ඒ වගේම අද මේ දෙන පිටපත කොරියානු උපසිරසි සහිත පිටපතක්. ලබාදෙන උපසිරසි ඊට ගැලපෙන්න සහ වෙනත් වර්ණයකින් දෙන්නේ පැහැදිලිව පෙනෙන විදිහට. තවත් කාරණයක් මේ චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් 2ක් තියෙනවා. HD /BR පිටපත් ආවම ඒ කොටසටත් උපසිරසි යාවත්කාලීන කරන්නම් කියන පොරොන්දුවත් පිට අදට සමු ගන්නම් හැමෝටම ජය!!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි Bluray / WEB පිටපත් සඳහා අදාළ වේ.
102,782 downloadsDownload Hobbs-Shaw-2019-BR.zip134 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
293 comments
Prabodha Madhusankha Hettiarachchi
තාරක නුවන් දිල්හාර
සුභ පැතුම් හසන්ත අයියේ..
දෙසීය පනහේ ලිපිය පැත්තක තියෙන අතරේ මෙහෙ තුන්සීයකුත් යනවා..
ඊළඟ කඩයිමෙනුත් ඉස්මනටම හම්බවෙමු.
ඒජ් ඉස් ජස්ට් නම්බර් කියලා ඔයා නැවතත් ඔප්පු කරා. :)
වැඩ රාජකාරි අස්සේ කරන මේ ක්‍රියාදාමයට හිස නමා ආචාර කර සිටිනවා..
ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියා පතනවා..
ජයෙන් ජය..!!!PaSindu MaDumal
අම්බෝ සිහිය නෑ හසා අයියා...ආපු සැනින් සබ් එක දුන්නා...බොහොම තුති අහ්
Sulakshana Thilakarathna
ගොඩක් ස්තුතියි!! සුභ පැතුම් 300 ට,, කැපවීම ගොඩක් අගය කරනවා, ජය වේවා!!
praneeth01
No.03
Thank You For your Sub
Congratulations for your 300 SubOsandaFdo
NO word to say bra..tnx a lot..super mve this year...❤️
gihan perera
ස්තුතියි සහෝ....300ට ජයෙන් ජය ම වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 300 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Ravindu Rukshan
300 ට සුබ පතනව හසන්ත අයියෙ ආපු ශනික උපසිරැසය ලබාදුන්නා. කොහොම නමුත් බ්ලුරේ එකක් ආවහම තමයි බලන්නෙ.
කවිශල් රසින්ත (කවී)
එනකල් මගබලාන හිටිය ෆිල්ම් එකක්. ආපු සැනින් අරගෙන ආපු එක නම් කියලා වැඩක් නෑ. ඉතින් මේ 300වෙනි උපසිරසියටත් සුභ පතනවා හසා අයියේ. ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. සයිට් එකේ නිත්‍ය සභාපතිවරයා වශයෙන් සිදු කරන මෙහෙය නම් කියලා නිම කරන්න බෑ අපිට. ඉතින් ඒ කටයුතු වලට බෙහෙවින් ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා, එහෙනම් අයියේ සබ් එකට තුති. ජය වේවා..!!
දමිත් රත්නායක
300ට මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝ.
ජයෙන් ජයම වේවා!
බලන් හිටපු සුපිරිම ෆිලුමක්.C.R.Jayalath
*300ට සුබ පැතුම් හසන්ත අයියේ*
Helili Hemamali
අවුරුදු හතක් කියන්නේ ලේසිපාසු කාලයක් නෙවෙයිනේ.
මෙහෙම කිව්වට කවුරුවත් තරහ වෙන එකක් නෑ කියලා හිතනවා. උපසිරැසි ගන්වන එක කරන්නන් වාලේ නොකර, ගුණාත්මක විදියට කරන උපසිරැසිකරුවන් අතරෙ, හසයියා ඉස්සරහින් ම ඉන්නවා. උපසිරැසිකරුවන්ට, හසයියා, ගුරුවරයෙක් සහ ආදර්ශයක් කිව්වොත් මං හරි. අන්න ඒ නිසා,
මේ සුබ පැතුම හදවතින්මයි!Navodani Thilini Sasanika
300 වෙනි උපසිරසියට හදවතින්ම සුභපතනවා වගේම ගුණාත්මකම උපසිරසි 300ක් බයිස්කෝප් රසිකයන්ට දායාද කළාට ගොඩක් ස්තූතියි හසන්ත අයියෙ.
dil_shan
tnz sub ekata
CSJAYAS
Many more thanks for the sub Bro. My congratulations for the milestone. I appreciate so much about your dedication. Keep it up your good work. Well done!
sampath n perera
oyalage pawule hithawthun thama api
300 ta subapethumchamal kalum
300 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම් හසන්ත සහෝ.. තව තවත් සබ් කරන්න කාලය ශක්තිය ජවය ලැබේවා කියල මං ප්‍රර්ථනා කරනවා!!!
darshana100
300 jayem jayama wewa saho budusaranai jaya wewa thank
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata.. 300weni kadaimata suba pathum.. :)
Jaya wewa.!Shansenarathne
Tnx mcn
Amalka Himeshan
Subapathum 300 veni sub ekata
Ishan Madusanka
Thax bro ❤
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
300 වෙනි උපසිරැසි කඩඉමට උණුසුම් සුභ පැතුම්..! අවුරුදු හතක් තිස්සේ මේ කරන කැපවීමට බයිස්කෝප් සිංහලෙන් රසිකයන් වෙනුවෙන් ස්තුතිය පිරිනමනවා. ගුණාත්මක උපසිරැසිකරණයේ මෙන්ම සිංහල උපසිරැසි ගන්වන්න තමන් බාරගෙන තියෙන චිත්‍රපටයක හොඳ පිටපතක් නිකුත් උන සැනින් සිංහල උපසිරැසිය රසිකයන්ට දයාද කරන්න කැපවී සිටින උපසිරැසිකරුවකු විදියට අයියව හඳුන්වන්නත් පුලුවන්.! ඔබගේ සියලු කටයුතු සාර්ථකම වේවා..!
Hemal
Congratulations mame.
Wish you all the best for your wishes.
Thank you for the sub <3jagath55
Thanks
Buddi
Thanks........
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
arawindasunimal
thanks unu unuwenma dunnata
hashan chathuranga 1996
thanks
Dharmasooriya
Brexit 2019 sub eka denta puluwnd
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි...
300* කඩයිමට උණුසුම් සුභපැතුම් හසා අයියේ !!!
තව තවත් කඩයිම් පසු කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...Dharmasooriya
Brexit 2019 sub eka danta puluwnd
YasasPerera
thanks bro.. and contragts
Rvmendis85
Thank you bro...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
300 වෙනි උපසිරසියට සුබ පැතුම්!!
දිගටම සබ් කරමු....
ෆිල්ම් එක නම් Bluray ආවහමම බලනවා...lighthouse american
සබට බෝම පිං... 300ට සුභ පතනවා..
ඒ එක්කම පොඩි පැමිණිල්ලකුත් තියෙනව..
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දෙන ටොරන්ට් ලින්ක් බොහෝ විට අසාර්ථකයි..
මේ ෆීල්ම් එකෙත් ඩවුන්ලෝඩ් වෙලා නවතිනව.. කරැණාකර සොයා බලන්න ඇඩ්මින් මහතුනි..
ස්තූති..lakmal chathuranga
niyamyi sho tank you digatama sub damu 3oo weni sub akata suba pathum..
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaa
kolitha
Thanx bro....
Chämàrá Sâmpáth
300'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් හසන්ත අයියෙ.
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉහින් සබ් විතරක් නෙවෙයි ඕනම දෙයක් කොලිටියට කරන්න දන්න කෙනෙක් විදිහටයි මමනම් දන්නෙ. බොරු කියන්න ඕන නැහැනේ, සබ් කරන අය අතරේ වැඩියෙන්ම හිතට අල්ලපු සබ් කරන අයගෙන් කෙනෙක් කිව්වොත් හරි. ඒ තරමටම අපිට වුනත් ඉගෙන ගන්න සැහෙන දේවල් තිබුනා වගේම තාමත් තියෙනවා.
අවුරුදු හතක් තිස්සෙ කරගෙන ආව ගමන තවත් හැකිතාක් කාලයක් කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕන.
මේකෙ බ්ලුරේ කොපියක් ආවම අනිවා බලනවා.
මාවත් මතක් කලාට හුගක් ස්තුතියි!
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!Gathsara Umesh
300t hadawathinm subapatanva ayyeeee...............
digataaaam sab demuuuuu..
1000000k sub demuuuuuuuuu.....................................chinthaka_priyadrshana
300 ta subapathum......... thank u very much..........
kelumchathuranga
thanks
ranger
Thank you!
Ayesh Prashan
Thank You
Tharukadreamzz
Ela
Rohanvanderlan
thank you bro
ආසිරි ප්‍රියන්ත
හුම්මට, 300 ත් ගෙනල්ලා නෙහ්, මෙදා පාර නම් ගෙනාපු ගමන් දැක්කා. ආයේ එනකම්ම බලන් ඉඳපු සුපිරියකින්. හැමදාම කියන්න ඕන නෑ ඉතිං. සයිට් එකේ නොම්බර එකේ උපසිරැසිකරුවා, නොම්බර එකේ සහෘදයා කවුද කියලා ඇහුවොත් ඔටෝම කියවෙන්නේ හසී කියලම තමයි. හැට පැන්නත් ගමන උඩින් කියන එක මොනවට ඔප්පු කරමින් ඉන්න පොරක් තමයි ඉතිං මේ. එහෙනම් 300 ට පට්ට උණුසුම් සුභ පැතුම් ඈ... හොද කොප්පක් ආවම ගන්නවා. ජය වේවා!!
ආසිරි ප්‍රියන්ත
ටෞකණ්ඩ... කලින් කමෙන්ට් එකක් දාල....
Hasitha Madush
300 වැනි කඩයිමට සුබපැතුම් හසා අයියේ
geeganagamage
බොහොම ස්තුතියි කියන්න වචන නැහැ සුපිරිම වැඩක් .
dsdkavishka
Congratulations , thenks for sub
krishan7777
Thanks macho
Advertisement
![Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/hobbs-and-shaw-2019-300.jpg)
300th upasirasata unusum suba pathum sahooo ...