Watch Trailer

Amar Akbar Anthony (2015) Sinhala Subtitles | අපූරු යහලුවන් තුන්දෙනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිකරනය. ඒ නිසා අඩුපාඩු වැරදි තියේ නම් කියා දෙන්න. ඇත්ත වශයෙන්ම මං ලොකූ මලයාලම් පිස්සෙක්. මේකත් ඉතාමත් ලස්සන මලයාලම් කොමඩි ෆිලුමක්. මෙහි රඟපාන්නේ අපි කවුරුත් දන්න හඳුනන සෙට් එකක්. Prithviraj Sukumaran, ප්‍රිත්විරාජ්ගේ මල්ලි Indrajith Sukumaran, ඒ වගේම මලයාලම්…

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිකරනය. ඒ නිසා අඩුපාඩු වැරදි තියේ නම් කියා දෙන්න. ඇත්ත වශයෙන්ම මං ලොකූ මලයාලම් පිස්සෙක්. මේකත් ඉතාමත් ලස්සන මලයාලම් කොමඩි ෆිලුමක්.

මෙහි රඟපාන්නේ අපි කවුරුත් දන්න හඳුනන සෙට් එකක්. Prithviraj Sukumaran, ප්‍රිත්විරාජ්ගේ මල්ලි Indrajith Sukumaran, ඒ වගේම මලයාලම් සිනමාවේ වෙනස් වෙනස් චරිත කරන Jayasurya ප්‍රධාන චරිත 3 කරනවා. 2006 දී උන්මාදක් වූ Classmates චිත්‍රපටයට පසුව මේ තුන්දෙනා එකට එකතු වුණේ මේ චිත්‍රපටයෙන්. මීට අමතරව, Asif Ali, Namitha Pramod, Srinda Ashab යන අයද අපට මෙයින් දැකබලා ගන්න පුලුවන්.

මෙය Musical, Comedy යන කාණ්ඩ යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. කතාව පැත්තට ගියොත් අමර්, අක්බර්, ඇන්තනී කියන්නේ මධ්‍යම පාන්තික ගජ යාලුවෝ තුන්දෙනෙක්. ගෙවල්වලත් තියෙන දහසකුත් ප්‍රශ්නත් එක්ක මෙයාලා පඩියෙන් සල්ලි ඉතුරු කර ගනිමින් ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා. ඒ තායිලන්තයේ පට්ටායා බීච් එකට. ඒත් හිතන් ඉන්න තරම් ලේසියෙන් මෙයාලට මේ වැඩ කරගන්න වෙන්නේ නෑ. සිද්ද වෙන එක සිදුවීමක් නිසා මෙයාලගේ ජීවිත උඩු-යටිකුරු වෙනවා. ඒ සිද්ධිය මොකක්ද? මේ තුන් දෙනාට මොකද වෙන්නේ කියලා හොයාගන්න නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්න වෙනවා.

කොමඩි වුණත් සමාජයට හොඳ පණිවිඩයක් දෙන ලස්සන චිත්‍රපටයක්. එතෙක් මෙතෙක් වැඩිම ආදයම් ලබපු මලයාලම් චිත්‍රපටි අතරින් Amar Akbhar Anthony ෆිල්ම් එක ඉන්නේ #13 වැනි තැන. විකිපීඩියාවලට අනුව මෙය නිර්මාණය කරන්න ඉන්දියානු රුපියල් කෝටි 6.7 ගිහින් තියෙනවා. මෙය උපයා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 28.5 කි.

මෙහි සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ, 5 Sundarikal, 100 Days of Love, Pathemari, Maheshinte Prathikaram, Aby, Thondimuthalum Driksakshiyum, Carbon ආදි ෆිල්ම් වල සංගීත නිර්මාණය කල Bijibal ය. ඇත්තටම මෙහි සංගීතය ඉතාමත් ලස්සනයි. මේකේ සිංදු 3යි තියෙන්නේ. ඒ 3 උපරිමේටම තියෙනවා. එයින් එක ගීතයක්, මෙහි එන ප්‍රධාන නලුවන් තුන්දෙනා වන Prithviraj, Indrajith හා Jayasurya තමයි ගයන්නේ.

විස්තර ඇති නේද? මං හිතනවා මේ ලිපිය කියෙව්ව ඔයාව, මේ ෆිලුම බලන්න පොළඹවන්න මට පුලුවන් වුණා කියලා. බොහොම ස්තුතියි සියලු දෙනාටම !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.

7,275 downloadsDownload Amar-Akbar-Anthony-2015.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,275 downloadsDownload Subtitles69 KB

73 comments

  1. ශසිත් සඳරුවන්

    එහෙනම් තවත් කෙනෙක් මලයාලම් උපසිරැසිකරුවන් කිහිපදෙනා අතරට එක් වුනා.
    පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම්.
    තරු 5න්ම පළමු උපසිරැසිය දීලා නෙහ්. :P
    අපිත් එක්ක එකතුවෙලා දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. Nethini_97

      බොහොම ස්තුතියි

  2. Krishan NiShalya

    බොහොම ස්තූති ...
    හැකිනම්
    දිගටම මලයාලම් ඒවට උපසිරැසි ලබාදෙන්න..
    (Aadu එකට එහෙම (කොමඩිවලට))
    පළමු උපසිරැසි නිර්මාණයට
    උණුසුම් සුභ පැතුම්..
    Good Luck..

    1. Nethini_97

      බොහොම ස්තුතියි

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Sis.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nethini123

      බොහොම ස්තුතියි

  5. Kovidu

    මලයාලම් සබට ස්තූතියි සහෝ, එලම, ජය වේවා.........

    1. Nethini123

      බොහොම ස්තුතියි

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  7. rangika Kariyawasam

    අඩේ සහෝදරී .කරපු පලවෙනි සබ මලයාලම්. නියමයි ආ. අපිත් මලයාලමි පිස්සො තමා.දැන් මේවට අපි රහ වැටිලා ඉන්නේ. නියම ෆිලුමක්. සබ දීපු එකට බෝම තුති වේවා.ඉදිරියටත් නියම මලයාලම් ෆිලුමි වලට අත ගහන්න ලැබේවා කියලා පතනවා.ජය හෝ...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  8. ERANDA MALITH

    සබ් එකට ස්තූතියි
    ජයවේවා!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  9. pramod1996

    ela.good job

    1. Nethini123

      බොහොම ස්තුතියි

  10. Hemantha De Silva

    පලවෙනි උපසිරැසිය - මලයාලම් !
    ස්තුතියි නිමන්තිකා.
    ස්තුතියි බයිස්...

    1. Nethini123

      බොහොම ස්තුතියි

  11. shehan prathapasinghe

    නෙතිනි නිමන්තිකා,
    ෆිල්ම් එක බැලුවා මලයාලම් වල මම බලපු සුපිරිම කොමඩි ෆිල්ම් එක කියන්න වදන් නෑ පට්ට....
    ඒ වගේම උපසිරැසිය, මේ පළවෙනි උපසිරැසියද? ඒකත් කෙල්ලෙක්? හිතාගන්න බෑ...නියමයි 100% හොදටම එළටම කරලා තිබුනා...
    බොහෝම ස්තුතියි!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  12. malshika

    සබ් එකට ස්තූතියි!!!!දිගටම සබ් දෙමු@@@ඔබට ජය!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  13. kasun_chathuranga10

    film eka baganne kohomda help me friends

    1. Nethini123

      Baiscopedownloads එකට යන්න

  14. Hiran Eranda

    නියමායි.........තවත් මලයාලම් කරන්න කෙනෙක් අවිල්ලා....උපසිරසියට බොහොම ස්තුතියි.
    අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝදරී. ජය වේවා.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  15. SanjulaJeter

    උපසිරසියට බොහොම ස්තුතියි ! දිගටම සබ් ද‌ෙන්න .

    1. Nethini123

      බොහොම ස්තුතියි

  16. TharakaWAS

    Subata Thanks..Digatama Karan Yamu...
    Jaya Wewa....!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  17. Malithsank

    පෘතුගේ ඩයමන්ඩ් නෙක්ලස් වලටසබ් දෙන්න පුලුවන්ද

    1. Nethini123

      උත්සාහ කරන්නම්. බොහොම ස්තුතියි

  18. Chami.S

    Thanks..
    Good Luck..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  19. Chamal Perera

    onna thawath samajikawak ekathu una ape malayalam gang ekata.. digtama sub denna hekiyawa lebewa kiyala wish krnwa.. good luck

    1. Nethini123

      බොහොම ස්තුතියි

  20. sublove

    sthuthi me upasirasiyata

  21. sublove

    sthuthi me upasirasiyata. thawa thawath me wage upsiriasi apita aragena enna hakivenna kiyala parthana karanawa.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි.සුභපතනවා

    1. Nethini123

      බොහොම ස්තුතියි

  23. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

    1. Nethini123

      බොහොම ස්තුතියි

  24. ඩොක් අයියා

    “නෙතිනි නිමන්තිකා” සොයුරියට ස්තූතිය

    1. Nethini123

      බොහොම ස්තුතියි

  25. ThilinaDinelka

    සුපිරි Film එකක් සහෝ.....එළ....
    #Odiyan ෆිල්ම් එක ආව ගමන් ...Sub එක ඉක්මනින් දෙයි කියලා බලපොරොත්තු වෙනවා ........ජයෙන් ජය..#Baiscope..

    1. ThilinaDinelka

      Sorry සහෝ නෙවෙයි සහී

    2. Nethini123

      බොහොම ස්තුතියි

    3. Nethini123

      බොහොම ස්තුතියි

  26. supunjd

    torrent link pls

    1. Nethini123

      Baiscopedownloads වල බලන්න

  27. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  28. Udara_sandanuwan

    niyamai degatama sab hadanna good luck

    1. Nethini123

      බොහොම ස්තුතියි

  29. spd

    බොහොම ස්තුතියි සහෝදරිය සිංහල උපසිරසියට.
    දිගටම මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න කියල ඉල්ලා සිටිනවා.
    කවුරු හෝ මලයාලම් සබ් දෙන පින්වතෙක්ට Queen(2018) නෙත ගැටෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ජයෙන් ජයම වේවා...!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි

  30. Thilina Chamara

    Ela,Thanks

    1. Nethini123

      බොහොම ස්තුතියි

  31. Asela4590

    සුපිරී ඈ.....පලවෙනි එකට මලයාලම් එකක් ගත්ත එකනම් එල..හොදටම තිබ්බා..ඔයාගේ පිස්සුවනේ ....අපෙත් එහෙම ත්මා..මලයාලම් නම් අත අරින්න එපා.දිගටම ඔනී.ගුඩ් ලක්....

    1. Nethini123

      බොහොම ස්තුතියි

  32. iupasanta

    හිතාගන්න බෑ එච්චර ෆ්ලැට් කතාවක් කොහොමද ඔච්චර සල්ලි හෙව්වෙ කියල. කිසිම විදිහකින් වැදුනෙ නැති ඉල්ම් එකක්.

    දැනට බලපු මලයාලම් ෆිල්ම් වලින් පරොලෙ, මේක සහ ප්‍රේමම් කියන්නෙ කට්ටිය කිව්ව තරම් මට ගතියක් නොදැනුන ෆිල්ම්.

    ඒකට චාලි, බැන්ගලෝර් ඩේස්, ආනන්දම්, බායිජු ඔප්පු.. දෘශ්‍යම් ඉස්සරම බලපු ඔටෝග්‍රාෆ්.. අන්න බඩු.

    හැබැයි මේ සිංහල සබ් ඉතාම හොඳට කරල තිබ්බ, ස්තූතියි ඒකට බොහොම..

    1. Nethini123

      බොහොම ස්තුතියි

  33. දිල්ශාන් සචින්ත

    නියමයි ඈ. පලවෙනි වැඩේට සුභපැතුම්.
    දිගටම සබ් දෙමු. ජය.

    1. Nethini123

      බොහොම ස්තුතියි

  34. tharidu sagara

    සහෝදරිය පලවෙනි වැඩේට සුභපැතුම්.
    ජය වේවා!!!

    1. Nethini123

      බොහොම ස්තුතියි :-P

  35. Su

    thanks sis. great job. keep it up. :)

    1. Nethini123

      බොහොම ස්තුතියි

  36. iresha

    good job..thank you vary much ....

    1. Nethini123

      බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.