මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.2 ක අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර් සහ සද්නා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙ…

ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි! මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහනවවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
131 downloadsDownload Arzoo-1965.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
31 comments
Withanage Priyantha Dayakeerthi
udaya saman
obata suba aluth auruddak wewa.aurudu thegi genath wage aiya apita.ithin aurudu dawas tike balanna onna ehenam ekak thiyanawa.obage uthsahayata man suba pathanawa.jaya.bs
udaya saman
lebuwa u aluth aurudda obata suba nawa wasarak weewa.onna apita aurudu thegi genath aiya.aurudu dawas tike balanna ekak onna thiyanawa.godak agayanawa obage kepaweema.gd luck
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----නව වසර සුබම සුබ නව වසරක් වේවා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.nipun gunasekara
aiye maru sub eka oyata abiman ekata sub eka denna puluwanda aiye..........
menn aiye film eka sub denna hode ikmanatama-[https://www.youtube.com/watch?v=WP34eysE7pc]
Gathsara Umesh Kumara
Bohiom wtna jryk krnn oya ayyee...ek dgtn jrgen ymuu...
Bohoom sthuuthuy upasiresiyt....Tharaka
"පැතුම් මල් පීදෙන……
හද නීවී සැනසෙන…..
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන…..
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට… "සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
හැකිනම් Andaz (1971), Mela (1948), Satyam Shivam Sundaram (1978) ෆිල්ම් වලටත් සබ් දෙන්න.
ජය වේවා!
බුදු සරණයි!
බුදු සරණයි!Withanage Priyantha Dayakeerthi
තාරක සොයුර,
ඔබ, මාගේ උපසිරසි නිතරම අගය කරනා සොයුරෙක්. ඔබ විසින් ඉල්ලා ඇති සිනමාපට සඳහා ඉදිරියේදී සිංහල උපසිරසි ලබා දෙන්නම්. Andaz (1971) එකට සිංහල උපසිරැසිය ඉක්මනින්ම ලබාදෙන්නම්. ඔබේ ඉල්ලීම දැකලා ඊයේම මම එහි ඉංග්‍රීසි සබ් එක සහ වීඩියෝව ඩවුන්ලෝඩ් කළා. ඉතිං, ඒවාගේම අදහස් දැක්වූ අනෙක් සොයුරු සොයුරියන්ටද මාගේ ස්තුතිය මෙයින් පුදකර සිටින්නෙමි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වජිර රත්නායක
උපසිරැසියට සුබ පැතුම්.
Tharanga Sandakelum Weerathunga
Aji roothkar ab, Aye nargise mastana, Chhalke teri aankhon se වැනි ඉතාමත්ම ජනප්‍රිය ගීත ඇතුලත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි.
Tharanga Sandakelum
Aji roothkar ab, Aye nargise mastana, Chhalke teri aankhon se වැනි ඉතාමත්ම ජනප්‍රිය ගීත ඇතුලත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි.
Shaun Maximus Dissanayake
මෙය අතීශයින්ම සුන්දර වූ චිත්‍රපටයක්. එකල මෙය උන්මාදයක්. රාජෙන්ද්‍ර සාධනාගේ සුසංයෝගය පුුදුමාකාර ආකර්ශනයක්. ශන්කර් ජායිකිෂන්ගේ සංගීතය, රාfපි ලතාගේ ගීත, ඒවගේම සුන්දර දර්ශන , "අර්සු" චිත්‍රපටය පරිපූර්න කලා. "අර්සු"වගේ චිත්‍රපටයක් සිංහල උපශීර්ෂ පාඨ වලින් බලන්නට ලැබීම ඇත්තටම සිහිනයක්. එම සිහිනය සපල කිරීම ගැන ප්‍රියන්ත දයාකීර්තිට කොපමණ ස්තූති කලත් මදිය. එහෙත් මට එය නොරැඹීමේ වාසනාව නොලැබෙන්නෙ එම තාක්ෂණය තවම මට නිිවැරදිව හසුරුවා ගැන්මට නොහැකි නිසාය.එය මගේ අවාසනාවක්.
Tharanga Sandakelum
Aye nargise mastana, Chhalke teri aankhon se වැනි ඉතාමත්ම ජනප්‍රිය ගීත ඇතුලත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි.
Sisira Hegoda
අප බලාපොරොත්තුව සිටි චිතුපටයක් .මෙය ලබා දීම ගැන ස්තූතියි.
Tharanga Sandakelum
මෙය Aji rothkar ab, Aye nargise mastaana, Chalke teri aankhon se වැනි ඉතාමත්ම ජනප්‍රිය ගීත ඇතුලත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි.
කසුන් හර්ෂණ
Gumnaam(1965) චිත්‍රපටයත් ඉක්මණින් ලබාදෙන්න
කසුන් හර්ෂණ
හිතවත් සොයුර ප්‍රියන්ත,
යුගයක අතිශය ජනාදරයට පත් වූ මෙවන් අද්විතීය සිනමා නිර්මාණ කාලයේ වැලි තලාවට වැසී යාමට ඉඩ නොදී මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම අමිල මෙහෙවරක් ලෙස සලකමි.සරල සුගම බස් වහරක් යොදා ගනිමින් කාටත් තේරුම්ගත හැකි අයුරෙන් උපසිරැසිය නිර්මාණය කොට තිබීම මා ඔබෙන් දකින සුවිශේෂී ගුණයක්. ලේඛකයෙකු ලෙස ඔබ ලබා ඇති පරිචයද ඊට උපකාරී වන්නට ඇති බවට සැකයක් නැහැ. ඉතිං ඔබට හැකිතාක් මෙවන් නිර්මාණ සඳහා සිංහල උපසිරැසිකරණයෙන් දායකත්වය සපයන ලෙස අප සැම ඉල්ලා සිටිනවා. දැන් දැන් ඔබේ උපසිරැසි වටා රසිකයින් වැඩි පිරිසක් එක්රොක් වන බවක්ද පෙනෙනවා.කුතුහලය මූලික කරගත් මියුරු ගී සහිත සංවේදී කතා පුවතක් රැගත් යැයි පැවසීමෙන්ම නරඹන්නා තුළ චිත්‍රපටය සම්බන්ධයෙන් විශාල පැහැදීමක් ඇතිවෙනවා එය නැරඹීමට. ඉදිරියේදී Gumnaam(1965) චිත්‍රපටය යොමු කරන්න. ඔබට ජය!Withanage Priyantha Dayakeerthi
කසුන් හර්ෂණ සොයුර,
ඔබ මාව නිතරම දිරිමත් කරවන ආකාරයේ අදහස් දක්වන සොයුරෙක්. එයට ගොඩක් ස්තුතියි.ඔබේ ඉල්ලීම අනුව Gumnaam(1965) සිනමාපටයේ සිංහල උපසිරැසිය ඉදිරියේදී දෙන්නම්. මා ළඟ දැනටම එම ඉංග්‍රීසි සබ් එක සහ වීඩියෝව තිබෙනවා. මගෙන් මෙතෙක් ඉල්ලුම්කර ඇති පැරණි හින්දි සිනමාපට විශාල ප්‍රමාණය අනුව මෙම වෙබ් එකට මා වැනි 1960 දශකයේ හින්දි සිනමාපට සඳහා සිංහල උපසිරසි සපයන තවත් එක් අයෙක් හෝ සිටියා නම් කියා මට බොහෝ විට සිතෙනවා. අදහස් දක්වන සහ මෙම උපසිරැසිය බාගත කරගන්නා ඔබ සැමට මාගේ ස්තුතිය!
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
mah mah
Altitude 2017 sub eka dennako
shan
attenma DEN MAN ME OLD FILMS BALANNA ASAI
AEKATA REAL HETUWA MAN BORN MEVA RELEASE VUNA KALE NEMEI.BUT MATA ME OLD MOVIES BALALA MAGE KALEN ATEETAYA MATAKAYAN LABAAA GANNA PULUWAN VEI KEYALA HITANAWAChami.S
Thanks..
Good Luck..Kasun Harshana
Good
SPD
බොහොම ස්තුතියි විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සහෝ උපසිරසියට. පැරණි හින්දි චිත්‍රපට වල උපසිරසි ඉදිරියේ මම වැඩිම වාර ගණනක් දුටු නම තමයි විතානගේ ප්‍රියන්ත දයාකීර්ති. ඇත්තටම ඔබගේ මෙම සේවය මම හදවතින්ම අගය කරනවා. අද මේ වගේ චිත්‍රපට බලන පිරිස ක්‍රමයෙන් අඩු වේගන යනවා ඒ කොහොම වුනත් අලුත් චිත්‍රපටවල නැති අමුතුම වෙනසක් මෙම චිත්‍රපටවල තියනවා. ඒ නිසාම මම අලුත් හින්දි චිත්‍රපට බලන්නේ හරිම අඩුවෙන්. පැරණි චිත්‍රපට බලන්න ගොඩක් ප්‍රිය කරනවා. "ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි" යන ඔබගේ උත්සාහය සපල වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. තව තවත් අමරණීය හින්දි නිර්මාණ අප වෙත ගෙන එන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම දිලිප් කුමාර්ගේ පහත චිත්‍රපට බයිස්කෝප් අඩවිය තුල දකින්න නොමැති එක විශාල අඩුවක් ලෙස මම දකිමි. හැකිනම් ඒ චිත්‍රපට සඳහාද සිංහල උපසිරසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Naya Daur(1957)
Madhumati(1958)
Gunga Jumna(1961)දහරා මුතු අමා
ලස්සනම කතාවක් වගේම ලස්සන සිංදු තියෙන චිත්‍රපටියක්.
නියමයි අයියෙ.Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Geet සිනමාපටය ඩවුන්ලෝඩ්කර ගන්නා සොයුරු සොයුරියන් වෙත,
මෙය බාගත කරගැනීමට, ඉහත දී ඇති මෙම ලින්ක් නාමය https://drive.google.com/file/d/0B3BxOq2-_xCDNTdyMzhaSVhOc1k කොපිකර ගූගල් වෙත ගොස් ඒ මත පේස්ට්කර සර්ච් කරන්න.
එසේම Comment දැමීමට අවශ්‍ය අයවළුන් ගත යුතු ක්‍රියාමාර්ගයේ අනුපිළිවෙල වන්නේ, Name යටතේ තමාගේ නම සඳහන්කර, Email යටතේ තමාගේ ඊ මේල් එක සඳහන්කර Comment යටතේ තමාගේ අදහස් එකතුකර Post Comment මත Click කරන්න. ස්තුතියි!