ඔන්න එහෙමනම් මේ සූදානම කා අතරත් අතිශය ජනප්‍රිය වෙච්ච Predator චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය ඔබ හමුවේ තබන්නයි. එසේම මේ සිනමාපටය තමයි මගේ උපසිරසිකරණ ජිවිතයේ 350වැන්න සනිටුහන් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඉතින් දැන්නම් 350 තරමක් පහුවෙලත් ඉන්නෙ. හරි එහෙමනම් වෙනදා වගෙම මගේ කඩයිම් පහු කරපු කාල වකවානු මතක් කරල…

ඔන්න එහෙමනම් මේ සූදානම කා අතරත් අතිශය ජනප්‍රිය වෙච්ච Predator චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය ඔබ හමුවේ තබන්නයි. එසේම මේ සිනමාපටය තමයි මගේ උපසිරසිකරණ ජිවිතයේ 350වැන්න සනිටුහන් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඉතින් දැන්නම් 350 තරමක් පහුවෙලත් ඉන්නෙ. හරි එහෙමනම් වෙනදා වගෙම මගේ කඩයිම් පහු කරපු කාල වකවානු මතක් කරලම අනිත් දේවල් කියන්නම්කො.
• 01වන උපසිරැසිය 2015.04.19
• 50වන උපසිරැසිය 2015.10.23
• 100වන උපසිරැසිය 2016.03.10
• 150වන උපසිරැසිය 2016.09.13
• 200වන උපසිරැසිය 2017.02.23
• 250වන උපසිරැසිය 2017.09.11
• 300වන උපසිරැසිය 2018.04.23
ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගතවුනේ. ඒ කාලය තුළ ඉතින් වැඩියෙන්ම උපසිරසි ලබාදීලා තියෙන්නෙ ටීවී කතාමාලාවලට කිව්වොත් නිවැරදියි. සිනමාපට ගත්තොත් 50ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි උපසිරසි ලබාදීලා තියෙන්නෙ. ඒ වගේම මේ අවස්ථාවේ අපේ බයිස්කෝප් අඩවියේ සියලුම ඇඩ්මින්වරුන් සහ සහෘද උපසිරසිකරුවන්ව මතක් කර සිටිනවා. එසේම බයිස්කෝප් රසික ඔබවත් මේ අවස්ථාවේ ආදරයෙන් යුතුව මතක් කර සිටිනවා. මන්ද ඔබ සියලු දෙනා නොසිටින්නට මා මෙතරම් දුරක් නොපැමිනෙන්න තිබුනා. ඇත්තටම හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි මුලින්ම උපසිරසියක් කෙරුවේ. නමුත් පස්සේ පස්සේ ඒක පුරුද්දකට ගියා. කොටින්ම කියනවනම් සතියකට එකක්වත් කලේ නැත්නම් කෑවේ බිව්වේ නෑ වගේ තමයි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
එසේම මේ ආව ගමනෙ ප්‍රශංසා සේම ඇතැම් අවස්ථාවල ගල්මුල් එහෙමත් එල්ල නොවුනාම නෙවෙයි. හැබැයි ඉතින් ඒකට වගකිව යුත්තේ ඉතා සුළු පිරිසක්. එසේම හැමදාමත් අපිත් එක්ක ඉදිමින් අදහසක් දක්වලා යන අතළොස්ස නිසා තමයි තවත් උපසිරසියක් කරන්න ඕන කියලා අපිව දිරිමත් වන්නෙ. ඒ වගේම පස්සෙන් පන්න පන්න සබ් ඇගේ ගහන අපේ ඇඩ්ඩින් මණ්ඩලයත් ඕකට වග කියන්න ඕන.. උපසිරසි 350ක් කරන්න ලැබීම පිළිබදව සත්‍ය වශයෙන්ම සතුටුයි. නමුත් දැන් දැන් කාලය හරස් වීම නිසාවෙන් ඉතාම අපහසුවෙන් තමයි ඒ කර්තව්‍යය කරගෙන යන්නෙ. බයිස්කෝප් අඩවිය සමගින් රැදී සිටියත් යළි කවදා කඩයිමක් පසු කරාවිද කියලානම් දැන් හිතාගන්නවත් අපහසුයි.බොහෝවිට මේ මාගේ අවසාන කඩයිම වන්නටත් ඉඩ තිබෙනවා.
ඉතින් ඒ නිසා යළිත් වතාවක් සහෘද උපසිරසිකරුවන් බයිස්කෝප් රසිකයන් ඇතුළු සැමදෙනාවම සාදරයෙන් මතක් කරමින් මා මෙතෙකින් නතර වෙනවා. දැන් අපි බලමු සිනමාපටයෙ මොනාද වෙන්නේ කියලා.

Predator කිව්වම මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ. මොකද මේක කාටවත් අලුත් කතාවක් නොවන නිසා. මොකද මීට කලින් Predator සිනමාපට කීපයක්ම වාගේ ඇවිල්ලා තියෙනවා. ඒ
Predator (1987)
Predator 2 (1990)
Alien Vs Predator (2004)
Aliens Vs Predator (2007)
Predators (2010)
යන සිනමාපටයි.ඉතින් Predator සිනමාපට මාලාවේ දිගුවක් ලෙසින් 2018 වර්ෂයේ නිකුත් වෙන The Predator සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම ආදායම් අතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 159.7ක් උපයාගෙන ඇති බව සදහන්.
ක්වින් මැකෙනා කියන්නේ හමුදා කැප්ටන්වරයෙක්. ඔහු මෙක්සිකෝවේ මෙහෙයුමක නිරතවෙමින් සිටියදි යම් සිදුවීමකට මුහුණ දෙනවා. එනම් කඩාගෙන වැටෙන යානයක සිටි ප්‍රෙඩේටර් කෙනෙක් ඔහුගේ කණ්ඩායම නසා දමනවා. කෙසේ හෝ මේ ප්‍රෙඩේටරයාගෙන් බේරී පැනගන්නා මැකෙනා පලා යන්නේ නිකන්ම නෙවෙයි ප්‍රෙඩේටර්ගෙ හිස්වැස්මක් සහ අත්වැස්මක්ද අතැතිවයි. පසුව ඔහු එය තමන්ගේ නිවෙස වෙත තැපැල් කර හරිනවා. ගෙදරදී මැකෙනාගෙ කුඩා පුත්‍රයා එම අත්වැස්මේ වූ යම්කිසි සංඥාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. එහෙයින් ඔහුව ප්‍රෙඩේටර්වරුන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනවා.
මැකෙනාව හමුදාව විසින් ප්‍රශ්න කොට සිරගත කරනවා. කෙසේ නමුත් ඔහුව බසයකින් රැගෙන යන අතරමගදී ඔහු බසයේ සිටින අනිකුත් වැරදිකරුවන් සමග එක් වී හමුදා ග්‍රහණයෙන් මිදී පලා එනවා. එසේම මෙක්සිකෝවේදි මැකෙනාගේ හමුදා කණ්ඩායම නසා දැමූ ප්‍රෙඩේටර්ද ඔහුව සිර කර සිටි ස්ථානයෙන් පැනගැනීමට සමත් වෙනවා.මේ ප්‍රෙඩේටරයාගෙ විශේෂත්වයක් තිබෙනවා. එනම් මොහු වෙනත් ජීවින්ගේ DNA යොදාගෙන වැඩිදියුණු වූ අයෙක්. එයින් පසුව ඔහුගේ ඉලක්කය වන්නෙ මැකෙනාගේ කුඩා පුතා වන රෝරියි. ඉතින් අපිට සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ප්‍රෙඩේටරයාගෙන් තම පුතාව බේරාගැනීමට මැකෙනා ඇතුළු ඔහුගේ මිත්‍රයන් ගන්නා උත්සාහය.
එසේනම් ක්‍රියාදාමවලින් සපිරි මේ සිනමාපටය නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඒ වගේම අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා ඔන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
56,655 downloadsDownload The-Predator-2018.zip132 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
326 comments
Samurdhishreen
Charith buddhika
Thanks..
baiscope_chandima
නියමයි... ස්තුතියි..
සුභපැතුම් ඉක්මණටම 400 ට ලගාවෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා..gihan perera
මේක දානකන් හිටියේ මචෝ...සුභ පැතුම් සහෝ..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
gayanharshana1989
thanks මචෝ
Samith_Dhananjaya
ela macho.....
සනිඳු ලක්ඛිත
350 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ...අවුරුදු 3ක වගේ කෙටි කාලයක් ඇතුලත ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හොදම,වේගවත්ම උපසිරස කරුවන්ගෙන් කෙනෙක් තමා මධුකප්‍රිය කියන්නේ..මේක අවසාන කඩඉම වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. හොදම කට්ටිය මේ වැඩෙන් ඉවත් වෙනවා කියන්නේ රසිකයෝ වෙන අපිටයි ලොකුම පාඩුව. ඒක නිසා ඉඩක් ලැබෙන වෙලාවට හරි උපසිරසයක් කරන්න සහෝ. ඉදිරිය වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි...ජය වේවා..!
(BR එකක් ආව ගමන් මේ ෆිලුමත් බලමු)sandaruwan
thenks machoo pandara baladdi torrent avith tibuna den baladdi sub avilla balath iwarai adarema balatha thiyenne
kdelshan
thanks bro maga bln hitiya
sasala
bohoma bohoma thanks
sasala
bohoma bohoma thanks subapethum
sasala
bohoma bohoma thanks. subapethum
Thilankadissanayake
කඩයිමට සුබ පැතුම් සහෝ.මේ චිත්‍රපටයට සබ් දානකම් හිටියෙ. සුබපැතුම් !
S.K. Ruchiranga
thzz sub ekta
Ravindu Rukshan
350 ට සුභ පැතුම් නිලූ....
මෙතනින් නොනැවතී ඉදිරියට යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා..
බ්ලුරේ එකක් ආවාහම තමා හැබැයි බලන්නෙsashan
good luck bro. thanks sub ekata.
jaya weva.Ravindu Dananjaya
Thanx yaluwa sub ekata hmadamt sub karanna direct link ekat ikmanata danna plz
rangika Kariyawasam
නියමයි සහෝ .සුබපැතුම් ... ජය වේවා
දමිත් රත්නායක
350 වෙනි කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ.
කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.albus98
සුපිරි මල් හතයි
350 වෙනි සබ් එකට සුබ පැතුම් සුභ ලේසි උනාට සෑහෙන අමාරු කඩඉමක් ජයප්රණීත් චින්තක
නිලා ඉතිං ඉස්සර ඉදන්ම හෝ ගාලා සබ දෙන හිත හොද එකානේ.
තමුන් අකමැති වුනත් සමහර කතා කොහොමහරි පරිවර්ථනය කරලා බලන අය වෙනුවෙන්ම දෙන වෙන
කවුරුවත් මේ සයිට් එකේ මම දන්න තරමින් නෑ. එහෙම බැලුවාම ඉතිං තමුන්ගේ රුචිකත්වය හමුවේ වුනත්
නොසැලී ඉදිරියට යන උපසිරැසිකරුවෙක් තමා අපේ නිලුපුලා.
ඉතිං 350 ගැහුවා වගේ 400 උපසිරැසි හවුලට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
බොහෝම ඉක්මනට ඒ හවුලටත් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතිං සැරටම මේ විදියට දිගටම උපසිරැසි කරන්න තවදුරටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්
350ට ජය ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
Mangala
congratulations maduka bro 350 sub kadaimata lesi nene 400ta ikmanata yanna lebewa. hebei bluray update eka enakan innawa filuma balanna mewage ekak bluray nethiwa balana eka aparadayak ikmaninma update ekath lebei kiyala balaporoththu wenawa anyway thanx sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
350 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා
400 වෙනි සබත් හැකි ඉක්මනින් ගහමු
ජය වේවාishara24937026
350 vana sub ekata suba pathum.. kauru monava kiuvath baiscope eke set eka me karana wede godak vatinava
keep it up.. thanks for subtitileNavi1996
350 කඩඉමට මගේ උනුසුම් සුබපැතුම් සහෝ.සෑහෙන අමාරු ගමනක් ඒක ලේසි නැහැ.ඒ වගේම මේක අවසාන උපසිරැසිය කරලා අපිව් අනාත කරන්නෙපා..ඒක ගොඩක් ලොකු පාඩුවක් අපි කාටත්ම.ඕනම එපියක් උබ දාන පරක්කුවෙන් අපිට උපසිරැසීය ගේනවානේ.ඒවට ගොඩාක් ස්ස්
Navi1996
ගොඩාක් ස්තූතියි සහෝ.අපිත් එක්කදිගටම ඉමු..ජය වේවා..
Mayura
පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා.
දිගටම සබ් අරන් එන්න අපිට
කෝ අපිව මතක් කරලා නෑ නේහ්කවිශල් රසින්ත (කවී)
බොහොම තුති අයියේ සබ් එකට... 350 වැනි සබ් එකට සහ කඩයිමට හදවතින්ම සුබ පතනව.. ඊලග කඩයිමත් ඉක්මනින්ම ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථානා කරනව. එහෙනම් ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනව... ජය....
යුරාන් ධනුක
කඩයිමට සුභ පැතුම් සහෝ....
බොහෝම ස්තූතියි උපසිරැසියට....
දිගටම වැඩේ කරන් ගිහින් 400ත් ගහමු..
ජය වේවා....!!! :Ddsdkavishka
Thenks aiya, congratulations
Tharaka
THANKS................
350 TA SUBA PETUM.............!!!!!!!!!!!!!!!kelumchathuranga
350 subapethum digatama sub karanna jaya wewa
Thusitha Sampath
ෆට්ට ෆිල්ම් එක සබ් එක එන්න කලින් බැලුව.ආයෙ සබ් එක ආවට පස්සෙත් බැලුව.ඒත් එපා වෙන්නෙ නෑ...අනිත් predator eewath ekka baladdi සෑහෙන ලොකු වෙනසක් තියේ..ප්‍රඩේටර් ඩයල් එකත් ආතල් දෙනව.කොමඩිම තමා ගොඩක් තියෙන්නෙ.
Sahasra
350වන උපසිරසට සුබ පැතුම්, තව උපසිරසි ගොඩ ගොඩාක් කිරීමට දිරිය වාසනාව ලැබේවා!
Thusitha Sampath
ආ සුභ පැතුම...සහෝ..................
✌️✌️✌️✌️roxxpissa
suba pathum sahodraya niyama wedak... mn godak oya sub krpu ewa balala thiynwa ft shao....wish krnwa 400 ikmanin krnna pulwan wenna kiyla...
Bhathiya gamage
thanks....350 ta subapathum
Kavinda
upasirasiyata wagema madukapriya sahotath suba pethum.
gayan215
suba pethum saho 350ta, thawa thawath upasirasa karanna shakti dhayrya lebena kiyala mn prarthana karanawa...
Kingdomd
Thanks bro
Nilush Angana
Sub ekata thanx
nipunasachindra
tnx for the sub
Shakthi_pradeepa
Thank you
chandika1975
thank you for subtitles. I would like to congratulation for your hard work the achievement to complete 350 subtitles are not the easy way without spending time .do not stop and keep going forward
good luck
ධනුෂ්ක දිසානායක
fatta bro
Chokzi
Elama.....
100
350 Sub eakata subapathun
100
350 Sub eakata thanx
ajith00129
එලම බ්‍රෝ ,සුබ පතනවා
jaz_missr
patta bro
dinusha86
thanks bro..
Shamal Ranasinghe
Good luck 350 sub ekata ,thank you, jaya wewa..!
Advertisement

ela...!!! thank you for sub...