Watch Trailer

Thugs of Hindostan (2018) with Sinhala Subtitles | හින්දුස්ථාන මැරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා,…

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය කරපු දැවැන්තම චිත්‍රපටය ප්‍රේක්ශකයා හමුවට ගේන්න ඔවුන් සමත් වුණා. Thugs of Hindostan!

බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයම කණපිට ගහපු සන්නාම නාම තුනක්… බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයම උඩි යටිකුරු කරපු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වගෙම රචකයෙක්… බොලිව්ඩු චිත්‍රපට ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපට නිශ්පාදක අයතනයක්…! මෙන්න මේ සුසං‍යෝග වල එකතුවක් විදියට තමයි බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ දැවැන්තම චිත්‍රපටය විදියට Thugs of Hindostan ඔබ වෙතට තිලිණ වෙන්නෙ.

මේ වෙද්දි අනිවාර්‍යයෙන්ම ඔබට තේරෙන්න ඕනේ, මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න නම් බැහැ කියලා. ඇයි මේක සාමාන්‍ය චිත්‍රපටයක් නොවෙන්නෙ? කැමතිද මේ චිත්‍රපටය පිලිබඳව ඔබ නොදන්න විස්තර ටිකක් දැනගන්න. එහෙනම්, හිමීට පහලට කියවගෙන එන්නකො.

මෙම චිත්‍රපටය නිශ්පාදනය කෙරෙන බවට නිළ වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ, 2016 වර්ශයේ සැප්තැම්බර් 16 වෙනිදායි.

චිත්‍රපටය නිශ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 300කට අධික පිරිවැයක් දරණු ලබන අතර, බොලිවුඩ් ඉතිහාසය තුල වැඩිම නිශ්පාදන වියදමක් දරමින් නිශ්පාදනය වු සිනමා නිර්මානය ලෙසට මෙය ඉතිහාස පොතට එක්වනු ඇති. චිත්‍රපටය සඳහා බරපැණ දරණු ලබන්නෙ, ආදිත්‍ය චොප්‍රා හිමිකම් දරණ යශ් රාජ් චිත්‍රපට ආයතනය විසිනි. 

චිත්‍රපටය අධ්‍යක්ශනය කරනු ලබන්නෙ, Tashan (2008), Dhoom 3 (2013) අධ්‍යක්ශනය කරනු ලැබූ Vijay Krishna Acharya විසිනි. ඔහු විසින් අධ්‍යක්ශනය කරනු ලැබූ චිත්‍රපට ද්විත්වයක් සඳහාම ප්‍රධාන චරිතය සඳහා අමීර් ඛාන් යොදාගැනීම විශේෂත්වයක් වෙනවා.

අමිර් ඛාන් සහ අමිතාබ් බච්චන් සිය රංගන දිවිය තුල පලමු වතාවට තමයි තනි චිත්‍රපටයක් තුල එකිනෙකා එකවර හමුවන්නෙ.

මෙම චිත්‍රපටයෙ රංගනය සඳහා මීට පෙරාතුව යෝජනා වී තිබුනේ, රිතික් රෝශන් සහ දීපිකා පදුකෝන් යන නළු නිළි දෙපලයි. රිතික් රෝශන් විසින් චිත්‍රපට තිර පිටපතේ වෙනස්කම් කීපයක් සිදු කිරීමට යොජනා කිරීම හේතුවෙන් ඒ වෙනුවට ආමිර් ඛාන් ප්‍රධාන චරිතය සඳහා යොදාගෙන තිබෙනවා.

චිත්‍රපටය සඳහා අමිතාබ් බච්චන්ගෙ අඳුම් සඳහා ලෝහ යොදාගෙන තිබුනත්, පසුව එ සඳහා ලෙදර් යොදාගෙන තිබෙනදවා.

චිත්‍රපටය සඳහා යොදාගෙන තිබූ අධික බරැති ඇඳුම් සහ ක්‍රියාදාම දර්ශන හේතුවෙන් අබිතාබ් බච්චන් පිට කොන්දේ ආබාදයකින් පෙලුනු බවට සඳහන් වෙනවා.

චිත්‍රපටය තුල සටන් අධ්‍යක්ශනය, දෘශ්‍ය ප්‍රයෝග, තාක්ශණික සහය ආදී විවිධ ක්ශේත්‍ර සඳහා හොලිවුඩ් පුරවරයේ දැවැන්තයින්ගේ සහාය ලබාගෙන තිබෙනවා.

අමිතාබ් බච්චන්ගෙ ඇඳුම් ඇන්ඳවීම සහ වෙස් ගැන්වීම සඳහා සාමාන්‍යයෙන් පැය 4කට අධික කාලයක් ගතවී තිබෙනවා.

ෆාතිමා සානා ශෙයික්ගෙ වෙස් ගැන්වීම සඳහා පැය 6කට අධික කාලයක් ගතවී තිබෙනවා.

මෙම චිත්‍රපටය වෙනුවෙන්ම අති දැවැන්ත නෞකාවක් දැවයෙන් නිර්මාණය කර තිබෙනවා.

අමීර් ඛාන්ගෙ පුතුගේ නම වන “අසාද්” යන නමින් තමයි, චිත්‍රපටය තුල අමිතාබ් බච්චන්ගෙ කල්ලිය “අසාද්” ලෙස නම් කර තිබෙන්නෙ.

චිත්‍රපටය තිරගතවීම ආරම්භ වූ පලමු දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 50 ඉක්මවූ ආදායමක් ලබාගනිමින්, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් ආරම්භක දිනයේදි ලබාගත් වැඩිතම ආදායම් මුදල ලෙස මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට එකතු වෙනු ලබනවා. එමෙන්ම, බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල දෙවනි දිනය සඳහා වැඩිතම ආදායම් මුදල මෙන්ම, පලමු සති අන්තය තුල චිත්‍රපටයක් විසින් ලබාගත සිව්වැනි වැඩිතම ආදායම් මුදල ලෙස මෙම චිත්‍රපටය වාර්ත පොත් අතරට එකතු වනු ලබනවා.

සැටලයිට්, ඩිජිටල් සහ සංගීත අයිතීන් ලබාදීමෙන් පමණක් චිත්‍රපටය සඳහා ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 170 ක මුදලක් ලබාගැනීමට නිෂ්පාදකවරු සමත් වී තිබෙනවා.

මෝල්ටාව නම් රාජ්‍යයෙ තමයි චිත්‍රපටයෙ රූගත කිරීම් සිද්ධ කෙරෙන්නෙ. මෝල්ටාවෙ රූගත කරපු පලමු බොලිවුඩ් චිත්‍රපටය තමයි Charas (1976). ඊට අවුරුදු 42 කට පස්සෙ තමයි, මෝල්ටාවෙ රූගත කරපු දෙවනි බොලිවුඩ් චිත්‍රපටය විදියට මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ.

Dangal (2016) චිත්‍රපටය තුල ෆාතිමා සානා ශෙයික් විසින් අමීර් ඛාන්ගෙ දියණිය ලෙස රංගනයෙන් සහභාගී වූ අතර, මෙම චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා ආදරවන්තයින් ලෙස රංගනයෙන් සහභාගී වෙනු ලබනවා.

මෙම චිත්‍රපටය සදහා පදනම් වී ඇත්තේ Philip Meadows Taylor විසින් 1839 දී රචිත, Confessions of a Thug නම් නව කතාවයි.


එහෙනම් අපි කතාව පැත්තට යොමු වෙමු. මේ කතාව පාදක කරගෙන තියෙන්නේ ඊස්ට් ඉන්දියා සමාගම හෙවත් බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව පාලනය කරන කාල පරිච්ඡේදය සැලකිල්ලට අරගෙනයි. මේ කාලය ගැන ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මොකද අපේ රටත් මේ ඉරණමට මුහුණ දීල ඒ ඉතිහාසය ගැන අදටත් අපි හැමෝම වගේ දන්නවා. ඉතින් බ්‍රිතාන්‍ය සමාගම විසින් වෙළඳ කටයුතු මුවාවෙන් රාජ්‍යයෙන් රාජ්‍ය තමන්ගේ පාලනයට නතු කරගන්න මොහොතක තමයි රෝනක්පූර් රාජ්‍යය ස්වාධීනව තමන්ගේ රාජ්‍ය පාලනය කරගෙන යන්නේ. එත් ඔවුන්ටත් මේ බ්‍රිතාන්‍ය සමාගම මගින් එල්ල කරන පීඩනය සහ බලපෑම සුළුපටු නැහැ. රෝනක්පූර් පාලනය කෙරෙන්නේ මිර්සා සිකන්දර් විසින්. ඔහුට ඉන්නවා කුඩා දියණියක් සහ ගැටවර වයසේ ඉන්න පුතෙක්.  මේ දෙදෙනාගේ නම් වන්නේ සෆීරා සහ අස්ලම්. අපේ මේ කතාව ආරම්භ වන මොහොත වෙනකොට අස්ලම් වෙනත් රාජ්‍යකින් සහය ඉල්ලන්න මිර්සා සිකන්දර්ගේ දක්ෂතම සෙබලෙක් වන කුදාභක්ෂ් සමඟින් පිටවෙලා ගිහින්.

දින ගණනක් පසු උනත් ඔවුන්ගෙන් පිළිතුරක් නොමැති තැන මිර්සා සිකන්දර් හිතාගන්නව තම පුතා සහ ආරක්ෂකයා බ්‍රිතාන්‍ය විසින් අල්ලාගෙන මරා දමා කියා. ඉතින් ඔහු සැලසුම් කරනවා බ්‍රිතාන්‍ය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් වෙන ස්ථානයට පහර දීල බලය රැක ගන්න. නමුත් මිර්සා මහත්තය සැලසුම් කරන අතරේ ඔහුගේ මාලිගාවට අමුත්තෙක් එනවා ඔහු බලාපොරොත්තු නොවූ දෙයකුත් සමඟින්. මේ අමුත්තාගේ පැමිණීමත් සමඟ මෙතෙක් කලක් තම බලය පවත්වාගෙන ගිය රෝනක්පූර් රාජධානියේ බලයට ලොකු තර්ජනයක් ඇති වෙනවා. ඉතින් ඒ තමයි මේ කතාවේ ආරම්භය. මේ අමුත්තා කවුද රෝනක්පූර් වලට ඇති වෙන බලපෑම කොහොම එකක්ද කියල බලාගන්න මෙතැන් පටන් හැමෝටම බාරයි. ඒ වගේම ඉහත විස්තර හොයලා දුන්න සහ ඒ ලිපිය ලියල දුන්න සිසිල මල්ලිටත් ස්තුති කරනගමන් හින්දුස්තාන මැරයන් සුදු හමට විරුද්ධව ගෙනියන අරගලය මුල සිට නරඹන්න හැමෝටම ආරාධනා කරනවා! ජය !

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය HD / Bluray පිටපත් සඳහා ගැලපේ.

28,966 downloadsDownload Thugs-of-Hindostan-2018-BR.zip103 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

28,966 downloadsDownload Subtitles103 KB

163 comments

  1. asa1983

    tks for sub bro....
    download karapu kenek torrent link eka ewannako.

  2. Prabodha Madhusankha Hettiarachchi

    Iye hoda copyak awe ada weddi sub dalath iwarai . Pattai brother supirima movie ekak ikmanatama genawta . Jaya wewa...!

  3. Ravindu Rukshan

    හින්දි කින්

  4. lorenso

    one of Flop Movie 2018

  5. Bandaramudiyansi

    එ උනත් ඔච්චරම ඔක සාර්ථකද? Imdb රෙටින් උනත් 3/10ඇයි එ? පරදා නලුදො රගන සිනමාපටයකට ඔච්චර රේටින් අඩු

  6. Bandaramudiyansi

    ආප ගමන් ගෙනව එකට තැන්ක්ස් ඔයාට. බයිස්කෝප් එකෙන් විතරයි අලුත් මෙවගෙ ඉක්මනින් පුදුමකිරිමක් කරන්නෙ එකට ස්තුතිවන්තවෙනව

  7. Thisara Neo

    Thanks

  8. kushdee

    Tashan 2008 film eke ragapawe amir khanda??????? Katrina kaif amir khan ekka kalin dhoom 3 ragapewa ...e nisa me eyalage palawana cinema hamuwa neme....

  9. එල්.සී. දමැල්

    ස්තුතියි උපසිරසට. වටින චිත්‍රපටයක් වගෙයි.

  10. Eranga Sandaruwan

    ඊයේ රෑ 10 ආපු ෆිලුමට මෙච්චර විජහට සබ් එයි කියලා හිතුවේ නෑ. තද කොර.. මේ ලිපියේ මේම තිබ්බට මේ ෆිල්ම් එක ෆ්ලොප් කතාවක් ගියා නේද??

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  11. Lakshman

    thnks brooo habai khan 3 ekka thwa godak niliyo pradana charitha karla thiyenawa

  12. Shan

    sub එකට බොහොම ස්තූතියි හසන්ත අයියේ.. ;)
    ලිපියෙ නම් ඇත්තටම ගැටලු සහගත තැන් තියෙනවා. ඒ බව පහළ comment 1ත් මම දැක්කා.
    ඒ කොහොම වුනත් මෙච්චර ඉක්මනට sub එක ගෙනාපු එක ඒ හැමදේටම වඩා වටිනවා කියලයි මට නම් හිතෙන්නේ.. ❤❤
    ජයවේවා!

  13. prageeth

    thanks bro sabata

  14. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  15. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .......
    ජයවේවා ......

  16. supershiwa

    thanks bro

  17. geeganagamage

    සබ් එක වගේම ලිපියත් සුපිරියටම තියෙනවා .

  18. Milindapriyalal

    Thanks bro sub එකට.

  19. maikee

    සුපිරි බයිස්කෝප් තැන්ක්ස් සබ් එකට.

  20. saam1988

    imdb eke 3.5 tiyenne.sub ekata thanks bro.good luck.

  21. sakraya

    ambo apu gmn dapu ektnam gdaaaaak thnx bro.sub ekt supiri

  22. lahiru sadaruvan

    thank you so much brother...

  23. ridmal

    Thanks bro...

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දානකන් බලන් හිටියේ මචෝ....පට්ට හැඳින්වීම....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  26. Thisal

    thanks

  27. damith_janaranjana

    Thanks bro

  28. dulakshitha

    meka denakl balan hitiye thanx brother

  29. AsithaDilruwan

    ela saho thanks

  30. Hasitha Madush

    සබ් එකට ස්තූතියි හසා අයියේ..ඔයා සබ් එකක් කළොත් ඉතිං සුපිරියක් තමයි...!!!

  31. Asanke

    Thanks for sub happy new year baiscope team

  32. Nuwan-milinda

    Thanks saho

  33. ranga11112

    thanks saho...sub akata wagema wistharetat godak mahansiwela thiyenawa...

  34. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  35. Helayek

    Elaaaaaaal

  36. Roshan warnapura

    Niyamai nemei aye supiri
    2.o enna kochchara kal yaidha aiye.......
    All the best baiscop

  37. last_word

    Thanks for sub, film eka melo rahak na.

  38. gayan215

    bohoma sthuthi saho...

  39. Pravidu Fdo

    Thnx Hasantha Wickramarathne Bro Keep it up Good Luck For Future Subtitiles Most awaited film

  40. nimmi

    Thnx ,,,Bro

  41. darshi

    තෑන්ක්ස් සහෝ

  42. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  43. Shehanchathu

    Thanx sub eakata

  44. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  45. crazy_chamikim

    Aparade me film ekta wiyadam karapu salli,meka flop wechcha film ekkne...

  46. Madhura prasad

    බොහෝම තුති වේවා හසන්ත අයියේ සබ් එකට.ෆිට් එකෙ බැලුවැහැකි අදනම්

  47. crazy_chamikim

    THanks for the sub.

  48. sathyajith

    Thanks for the sub

  49. Kulanjana Maduranga

    subata thanks

  50. futureomega

    thanks for the sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.