අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආව…

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ උවදුරු තුනෙන් ගැලවීමක් නම් ලැබිලා නැහැ.
ලමන්ලා වෛරසය! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරාන්තික වෛරසයක්. රෝග ලක්ෂණ තමයි, හදිසියේම උණ ගන්නවා, නැති දේවල් පේන්න ගන්නවා, තුවාල ඇති වෙනවා, සීතල දාඩිය දානවා. මේ වෛරසයේ තියෙන භයානක කම තමයි, ස්පර්ශය මගින් මේ වෛරසය බොහොම පහසුවෙන් තවත් කෙනෙක්ට බෝවෙනවා. වෛරසය ආසාධනය වෙච්ච වෙලාවේ ඉඳලා, පැය හතරේ ඉඳලා, මාස පහක් දක්වා කාලය ඇතුලත අනිවාර්‍යයෙන්ම මරණය සිද්ධවෙනවා. මේ වෙනකම් කිසිඳු ආකාරයක බෙහෙතක් හොයාගෙන නැහැ. මේ තමයි අප්‍රිකානු දේශයේ මේ දින වල පැතිර යන්නා වූ මාරාන්තික වෛරසය!
රතු සළුවෙ කැරලිකාර හමුදා! අප්‍රිකානු දේශයේ රජය බිඳ දමා, එහි පාලන අධිකාරය ලබාගැනීමට උත්සාහ කරන්නා වූ කැරළිකාර හමුදාවක්. ලමන්ලා වෛරසයට මුවා වී, ටිකෙන් ටික රජයේ හමුදාවන් විනාශ කර දමමින් ඉදිරියට ඇදෙන්නා වූ මෙම කැරළිකාර හමුදා මැඩ පැවැත්වීම අප්‍රිකානු රජයේ හමුදාවන් හට ලේසි පහසු කර්තව්‍යයක් වූයේ නම් නැහැ. විශේෂයෙන්ම, අති නවීන ආයුධ වලින් සන්නද්ධව, අධික මුදලක් අය කරනා වූ, ලොව ඉහළම පෙළේ කුලී ඝාතකයන් රැසකගෙන් සමන්විත වන්නා වූ මෙම අතිශය කුරිරු සහ ප්‍රචණ්ඩ හමුදාව, සියළුම වැසියන් ඝාතනය කරමින්, සියළුම දේපල විනාශ කරමින්, කුණාටුවක් මෙන් ඉදිරියට ඇදුනා.
මෙවැනි භයානක තත්වයක් මත, සියළුම විදෙස් ජාතින් අප්‍රිකානු භූමියෙන් පිටත් වුණා. සියළුම විදේශීය තානාපති කාර්යාල සහ විදේශීය හමුදාවන් සිය මව්බිම කරා පිටත් වුණා. නමුත්, අවාසනාවකට චීන ශ්‍රමිකයන් පිරිසක් කර්මාන්ත ශාලාවක් තුල, කැරලිකාර හමුදා මගින් ප්‍රාණ ඇපයට තබාගනු ලබනවා. සිය ජනතාව මුදවා ගැනීම පිණිස, චීන ජනරජය මගින් දැවැන්ත යුධ නෞකාවක් අප්‍රිකානු දේශය වෙත පිටත්කොට හරිනු ලැබුවත්, එක්සත් ජාතීන්ගේ අනුමැතිය නොමැතිව ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සිදුකිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා. මෙවැනි තත්වයක් මත, සිය පෙම්වතියගේ ඝාතකයන් සොයමින්, අප්‍රිකානු දේශය පීරමින් සිටි එක්තරා සුවිශේෂී පුද්ගලයෙකු, හොර රහසේම අදාල චීන ශ්‍රමිකයන් මුදවා ගැනීම සඳහා පිටත්කර හරිනවා. මාරාන්තික වෛරසයක් පැතිරෙමින් තිබෙන්නා වූ දේශයක, කැරළිකාර හමුදාවන් මගින් ප්‍රචණ්ඩ ලෙස මිනිසුන් ඝාතනය කරමින් සිය බලය විදහා පාන වටපිටාවක, තනි මිනිසෙක් කුමක් නම් කරන්නද? නමුත්, මතකයේ තබාගන්න. මේ යන්නේ සාමාන්‍ය සෙබලෙක් නෙමෙයි. චීන මහජන විමුක්ති හමුදාවේ හිටපු සෙබළ, අග්නිදිග කලාපයේ විශේෂ මෙහෙයුම් බ්‍රිගේඩියර්, වෘක රණශූරයන්ගේ භට කණ්ඩායමේ අනභිබවනීය යුධ විරුවා, ලෙන්ග් ෆෙන්ග්. මේ සියලු බාධක, කම්කටොලු හමුවේ ඔහුගේ මෙහෙයුම සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේවිද?
ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නේ, 2017 වර්ෂයේ බොක්ස් ඔෆිස් ජය කෙහෙළි නංවපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත, සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. හරියටම කියනවා නම්, 2017 වර්ෂයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතින් පස්වෙනි ස්ථානයේ තියෙන චිත්‍රපටය තමයි මේ අරගෙන එන්නේ. හැමෝටම දැනගන්නත් එක්ක, 2017 වර්ෂයේදී වැඩිම ආදායමක් ලබපු චිත්‍රපට දහය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.
- Beauty and the Beast – ඇමරිකානු ඩොලර් මිලියන 1263
- The Fate of the Furious – ඇමරිකානු ඩොලර් මිලියන 1239
- Despicable Me 3 – ඇමරිකානු ඩොලර් මිලියන 1031
- Spider-Man: Homecoming – ඇමරිකානු ඩොලර් මිලියන 880
- Wolf Warrior II – ඇමරිකානු ඩොලර් මිලියන 870
- Guardians of the Galaxy Vol. 2 – ඇමරිකානු ඩොලර් මිලියන 863
- Wonder Woman – ඇමරිකානු ඩොලර් මිලියන 821
- Pirates of the Caribbean: Dead Men Tell No Tales – ඇමරිකානු ඩොලර් මිලියන 794
- It – ඇමරිකානු ඩොලර් මිලියන 683
- Thor: Ragnarok – ඇමරිකානු ඩොලර් මිලියන 675
බොහොම ලොකු ලොකු සමාගම් වලින්, ලොකු ලොකු මුදල් වියදම් කරලා, බොහොම ලොකුවට නිර්මාණය කරපු ලොකු ලොකු නිර්මාණ පහුකරලා, මේ වෙද්දී මේ ලැයිස්තුවේ පස්වෙනි ස්ථානය හිමිකරගෙන ඉන්නේ, මං මේ කියපු බොහොම පොඩි චිත්‍රපටය තමයි. පේනවා ඇතිනේ, ස්පයිඩර් මෑන් චිත්‍රපටය එහෙමත් තමන්ගේ ජාමේ බේරගෙන තියෙන්නේ අනූ නමයෙන් 😀 චිත්‍රපටය නිර්මාණය වෙන්නේ, ඇමරිකානු ඩොලර් මිලියන 30ක් වගේ මුදලකින්. ඒ වගේම, IMDB දර්ශකයේ 6.6 ක අගයකින් වගේම, Rotten Tomatoes වල 70% ක ප්‍රේක්ෂක මනාපයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපට තුල චීන සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම යොදාගනු ලබනවා. ඒ වගේම, මේ තමයි චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ, ආදායම් අතින් සාර්ථකම චිත්‍රපටය වගේම, එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල චීනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක් ලබාගත් වැඩිම බොක්ස් ඔෆිස් ආදායම හිමිවන්නේද මෙම චිත්‍රපටය සඳහා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Sha po lang 2 (2015), Wolf Warrior (2015), Badges of Fury (2013), Shaolin (2011), Legendary Assassin (2008), The Mummy: Tomb of the Dragon Emperor (2008) වගේ දැවැන්ත චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Jing Wu විසින්, ඒ වගේම, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේත් ඔහු විසින්මයි. මීට අමතරව, Beyond Skyline (2017), Wheelman (2017), The Purge: Election Year (2016), Captain America: Civil War (2016), The Purge: Anarchy (2014), Captain America: The Winter Soldier (2014), Homefront (2013), Warrior (2011) වගේ චිත්‍රපට රාශියක් සඳහා රංගනයෙන් දායක වූ ක්‍රියාදාම නළු, Frank Grillo විසින් මෙම චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක වනු ලබනවා. ඒ වගේම, මේ චිත්‍රපටය AACTA සම්මාන උළෙලේ, හොඳම ආසියානු චිත්‍රපටය සඳහාද නාම යෝජනා වී තිබෙනවා.
කියන්න තියෙන්නේ මෙච්චරයි. ක්‍රියාදාම ප්‍රියකරන කෙනෙක් නම්, අනිවාර්‍යයෙන්ම අරගෙනම බලන්න. චිත්‍රපටයේ ආරම්භක තත්පරේ ඉඳලා, අන්තිම තත්පරය වෙනකම් නොනවතින ක්‍රියාදාම සමුදායකින් චිත්‍රපටය අන්තර්ගත වෙනවා. නිකන්ම නිකන් ක්‍රියාදාම නෙමෙයි, තාක්ෂනය උපරිමයෙන් භාවිතා කරලා, ඇස් දෙක ලොකු කරගෙන, ඉහලට ගත්ත හුස්ම ටික පහළට දාන්න අමතක කරවන මට්ටමේ, ඉහළම පෙළේ ක්‍රියාදාම තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නේ. නිකමට කල්පනා කරලා බලන්න, මේ අවුරුද්දේ පස්වෙනි වැඩිම අදායමක් උපයපු චිත්‍රපටය වෙලා තියෙන්නේ නිකමට වෙන්න බැහැ නේද කියලා!
කතාවෙන් කතාව කියන්න අමතක වුණා. මේකේ පළවෙනි කොටස බැලුවේ නැහැ කියලා, මේ දෙවැනි කොටස බලන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනේ කෙනෙක්ට මේක බලන්න පුළුවන්. ඒත්, පළවෙනි කොටසත් මගහැර ගන්න වටින එකක් නෙමෙයි. පුළුවන් අය අරගෙන බලන්නකෝ.එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!
ප. ලි. – චිත්‍රපටයේ HD පිටපතක් ඇවිල්ලා නම් සෑහෙන කාලයක් වෙනවා. සබ් එක කරලා ඉවර කරලත් සෑහෙන කාලයක් වෙනවා. දැන් ඉතිං අහන්න එපා, සබ් එකත් තියාගෙන මෙච්චර කාලයක් තිස්සේ පොල් ගෑවද කියලා. මං ඔය කියපු HD පිටපත මාත් අරගත්තා. සබ් එක හැදුවෙත් ඒක බලලා තමයි. හැබැයි, මේ වගේ වටින චිත්‍රපටයක් බලන්න දෙන්න තරම් වටිනකමක් ඒ පිටපතේ තිබුනේ නැහැ කියලයි මට නම් හිතුනේ. එහෙම බලන්න පුළුවන් වුණා නම් ඒ HD පිටපත සඳහා සබ් එක කීයටවත් නොදී ඉන්නෙත් නැහැ. මං ගැන දන්න අය දන්නවා, මං කවදාවත් සබ් එකක් පරක්කු කරන කෙනෙක් නෙමෙයි කියලා. මීට වඩා බොහොම අමාරු ෆිල්ම් වලට සබ් දවසින් දෙකෙන් දීලා ඇති. එහෙම පරක්කු කරනවා නම් කරන්නේ, විශේෂ හේතුවක් උඩ කියලා දන්න අය දන්නවා ඇති. හැමෝම දෙන පළියට, රැල්ලට දෙන්නම් වාලේ දෙන්නේ නැතුව, වටින කියන චිත්‍රපටයක්, බලන අයට සාධාරණයක් ඉෂ්ඨ වෙන විදියට හොඳම පිටපතක් එනකම් තමයි මෙච්චර කාලයක් අමාරුවෙන් ඉවසගෙන හිටියෙ. හදිසි අය බලන්න ඇති. බලපු සමහරු දුක් වෙනවත් ඇති, අපරාදේ හොඳ පිටපතක් එනකම් ඉවසන්නේ නැතුව මේ වගේ චිත්‍රපටයක් හදිසියට බලලා දැම්මේ කියලා. හොඳ පිටපතක් එනකම් ඉවසගෙන ඉඳපු අය වෙනුවෙන්, ඔන්න එහෙනම් කාටත් කලින් හොඳම පිටපතට උපසිරැසි අරගෙන ආවා. දැන් ඉතිං අරගෙන බලන්නයි තියෙන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR සහ WEB-DL පිටපත සඳහා අදාළ වේ.
24,218 downloadsDownload Wolf-Warrior-2-2017-BR.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
94 comments
සහන්
සිසිල ප්‍රසාද්
ඒක තමයි දාලා තියෙන්නේ WEB-DL කොපි වලට ගැලපෙනව කියලා. තමුන්ගේ ඇස් පේන්නේ නැහැ කියලා මං පළි නැහැනෙ. සබ් එක අරගෙන ඒකෙ තියෙන නම ගූගල් එකේ සර්ච් කළා නම් ගැලපෙන කොපිය නිකන්ම හොයාගන්න තිබුණා. එහෙමත් කරන්න බැරි නම් මෙතන අපිට පව් දෙන්නේ නැතුව, මේක නොබලා ඉන්න. ආසාවට නෙමෙයිනේ ටොරන්ට් ලින්ක් මෙතන දාන්නේ නැත්තේ, නීතිමය ප්‍රශ්න තියෙන නිසයි.
Peter Quinn
අංජනං එලි දල්වන්න දෙයක් නෑ
baiscopedownloads.com
මේකට ඇවිත් ගැලපෙන පිටපත අරන් යන්න.
අනිත් දවසේ අංජනං එලි දල්වන්න එපා.Ishan
ඇයි බං ඔය ලිපිය පහලින් ලොකු අකුරින් දාලා තියෙන්නෙ මේ සිනමාපටයට අදාල චිත්‍රපටිය බයිකෝප්ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ගන්න කියලා. බයිස්කෝප් වෙඩ් අඩවියේ ටොරන්ට් ලින්ක් දෙන එක නවත්තලා දැන් සෑහෙන කාලයක් වෙනවා. බයිස්කෝප් අඩවියේ පළවෙන අළුත් පරණ හැම චිත්‍රපටයකටම අදාලා ගුණාත්මක පිටපත් බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් වෙඩ් අඩවියේ පළකරනවා
Lakshan Thennakoon
nikan dena assayage dath ganao karanawa kiyanne okata thama sahodaraya :)
Sasiru Laksham
එල , සබ් එකට ThAnX
Amila Mudalige
Sub ekta Thanks saho
S A N J U
thnx sahoo sub ekata
KAVINDA GAMAGE
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Lakshan Thennakoon
සබ් එකට තුති, දෙනකම්ම බලන් හිටියා බලන්නැතුව ,
Chamith Mihiranga
Thanks aiya..!
Ganicus
niyamai saho oya eka eka ballo kiyana katha ahala kawadawath kandu kadan watun na sahodarya digatama me gamana yamu.... jaya wewa...
Silent$
Paharaaaaaaaaaaaa
dinusha
thanx bro oka anakan godak dawas balan hitiya
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Udaya Fernando
Thanks bro
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........sudeera
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
සහෝ blade of the immortal 2017 live action film එකට සබ් දෙන්නකො.
ජය වේවා!kumara
අපේ සිසිල මලයා වැඩක් කලොත් ඉතිං එලම තමා. බොහෝම පිං සහෝ සබ් එකට. ජයවේවා
shasith sandaruwan
සිසිල ගෙනාවොත් ආය සුපිරියක් තමයි.
මෙච්චර වාර්තා තියපු එකක් නොබලා කොහොමද ඉතින්.. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Ravin
Thanks for the sub
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය!
sumed
උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
ravi
thnkz sahoo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත්
සිංහල උපසිරැසියට ස්තුතියි සිසිල සහෝ.
සබ් එක නම් ලෙසටම ඇති.
ජයෙන් ජය.විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
wije
Macho me filuma AVI format eken download kera eth play venne ne .kauru hari kiyanavada ai kiyala
සිසිල ප්‍රසාද්
ඔයා ගත්ත පිටපතේ අවුලක් වෙන්න ඕනේ සහෝ. Media Player Classic එකෙන් ප්ලේ කරලා බලන්න පොඩ්ඩක්. ඒත් හරියන්නේ නැත්නම්, හරියටම හරියන පිටපත දීලා තියෙනවා baiscopedownloads.com එකේ.
janith
pattay aaah
සදෙව් බණ්ඩාර
බලන්ඩ පුළුවන් හොද කොපියක් එනකන් ඉන්න එක හොදයි.උපසිරැසිය දීලා තියෙනවා දැක්කාම කැමරා කොපිය හරි බලන්ඩ හිතෙනවා එහෙම බැලුවාම..... (ෆිල්ම් එපා වෙනවා) හොද කොපියකට උපසිරසි දෙන එක මාරම වටනවා.
ලිපියටයි සිංහල උපසිරසි වලටයි බොහෝම ස්තූතියි..මනෝ
මේක චීන නලුවෙක් නේද ඉන්නෙ? ඔහු නේද අප්‍රිකාවට යන්නේ? චීනෙදි අර මිනිස්සු මරපු නිසා පදක්කම් ගලවනවනෙ.. අන්තිමට චීන හමුදාව ඇවිත් බේරගන්න ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නේද?
සිසිල ප්‍රසාද්
ඔයා ඔය කියන්නේ වෙන ෆිල්ම් එකක් ගැන වෙන්න ඕනේ සහෝ.
Nishan Fernando
Thanx bro
C. R. ජයලත්
නියමයි සිසිල අයියා!!!!
ඔයා සබ් එකක් දුන්නා කියන්නෙ ඉතින් සුපිරි තමාSajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gathsara Umesh Kumara
Hmmee.patta wagee...bhoom sthuthiyi ayyee...athmyi
Dm
Elz thanx for sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! අම්මෝ මේ කියලා තියෙන විදියට මේක අතරින්නේ කොහොමද. පට්ට ලාබයක් ලැබිලා තියෙන්නේ හදපු උදවියට! ඔන්න එහෙනම් අපිත් ගත්තා..ජය වේවා!
chanaka n,k
ela. thanks
Sudesh
පට්ට ෆිලුමක් වගේ. ස්තූතියි සබ් එකට...
nirodha uthpala
Sisila products neh aye suba gana kiyanna vada na na itean brrip apuhama balanava... ... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
AnthonyMathian
It's very nice. Before waiting this movies we can watch another movies at moviesonline.fm that web is update hot movies every day, new TV show with image quality is good
ලිට්ල් ජොන්
ස්තූතියි සහොදරයා....!
Rajitha Lakmal
ස්තූතියි සබ් එක සුපිරියටම කරල තිබුනා. සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරමි ☺☺ජයින් ජයම වේවා... ☺
Bobby
Thank you very much Sisila
buddhika bandara
අම්මෝ පට්ට ෆිලුමක් සුපිරි.
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!buddhika bandara
අම්මෝ පට්ට ෆිලුමක් සුපිරි.
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Dhanush Narangoda
තෑන්ක්ස් මචං සබ් එකට
මචං බයිස්කෝප් ප්‍රේජ් එක බ්‍රවුස් කරන්න ස්ලෝව් වගේ මගේ විතරද දන්නේ නැහැ චුට්ටක් චෙක් කරපල්ලා මචංලා
එල
Dulanga
Thanks
wije
Saho
Filuma bava thanks .jackei chan ge "Foreigner" kiyala patta filumak thiyenava ekath sub kotahanko machojanitha
thank you
Ramal
Supiri film ekak.. Sub ekata thanxx.. Jaya wewa...
lakshan
තෑන්ක්ස් මචං සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එතකොට ඒ අදාල කොපියම අපි හොයාගන්නෙ අංජනං එලි ඇරලද?