Watch Trailer

Monster Trucks (2016) with Sinhala Subtitles | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්… [සිංහල උපසිරසි සමඟ] (50)

ටහුඩු… ඔන්න ඉතින් අද ගොඩක් සතුටු හිතෙන දවසක් ඒ මොකද කිව්වොත් මගේ හාෆ් සෙන්චරිය ගහන්න තමා මේ හදන්නේ. 2014 අගෝස්තු මාසේ 04 The Secret Life of Walter Mitty චිත්‍රපටියෙන් පටන් අරගත්ත මේ උපසිරස ගැන්වීම අද වෙනොකෝට උපසිරසි ගැන්වීම් 50 ටම නොදැනීම ආවා. මම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු තුනකටත් ලංවෙලා. ඉත…

ටහුඩු… ඔන්න ඉතින් අද ගොඩක් සතුටු හිතෙන දවසක් ඒ මොකද කිව්වොත් මගේ හාෆ් සෙන්චරිය ගහන්න තමා මේ හදන්නේ. 2014 අගෝස්තු මාසේ 04 The Secret Life of Walter Mitty චිත්‍රපටියෙන් පටන් අරගත්ත මේ උපසිරස ගැන්වීම අද වෙනොකෝට උපසිරසි ගැන්වීම් 50 ටම නොදැනීම ආවා. මම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු තුනකටත් ලංවෙලා. ඉතින් මේ උපසිරසි ගැන්වීම මම කලේ ටෙස්ට් මැච් එකක් වගේ හරියට. ඒ කියන්නේ පොඩ්ඩක් හෙමින් තමා කරේ. ඒ මොකද කරන රස්සාවත් එක්කනේ මේවා කොරන්ට වෙන්නෙත්. ඒත් උපසිරසි ගන්වීමනම් කොහෙත්ම නතර කරේ නැහැ.මොකද ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලානේ. එකක් කරාට පස්සේ ඉතින් දිගටම කරන්න හිතෙනවා.. ඉස්සල්ලාම සබ් එක කරන්න කලින් මම ඉතින් නිකමට වගේ ආපු LEGO මෝවී එකකට සබ් කරන්න ගත්තා. ඊටපස්සේ තමා හිතුනේ අපේ මේ බයිස්කෝප් සයිට් එකට සබ් කරන්න හිතුනේ. ඒවගේම කියන්න ඕනේ ඉස්සල්ලාම සබ් කරද්දී ඉස්සල්ලාම මට සෙට් උනේ සමීර කරුණාරත්න අයියා. එයා තමා ඉතින් එකක් කරපු ගමන් තව එකක් කරමුද කියලා අහලා මට ෆිල්ම් එකක් දෙනවා.. ඉතින් එයා පොඩ්ඩක් මේ උපසිරසි කණ්ඩායමෙන් ටිකක් ඈත් වුනාට පස්සේ. හසන්ත අයියා, සමන් අයියා තමා ෆිල්ම් වලට හෙල්ප් එක දුන්නේ. ඉතින් ඒ තුන්දෙනාටම ඉස්සල්ලා ගොඩක් ස්තුති වන්ත වෙනවා මම. ඉතින් 50 වෙනි උපසිරසි ගැන්වීම දක්වා
එක් රුපාවාහීනී කතා මාලාවක සමයන් 2 කුත්, ෆිල්ම්ස් 30 කටත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ අතරතුර ගොඩක් ප්‍රතිචාර ලැබිච්ච් ෆිල්ම් හැටියට

The woman in the black 2:Angel of Death (2015)
Skiptrace AKA Jue di tao wang (2016)
The Brothers Grimsby (2016)
The Forest (2016)
Vacation (2015)
The Cobbler (2014)

මේ ටික දක්වන්න පුළුවන්. ඉතින් මේ මම වැඩි කියවන්න යන්නේ නැහැ මොකද ෆිලම් එක දෙන්න දවස් දෙකක් විතර පරක්කු වෙලානේ. ඒ නිසා වැඩිය ලිපිය ලියන්න යන්නේනැහැ. ඒවගේම මේ උපසිරස ගැන්වීම කරනගෙන එද්දී ගොඩක් අය හමුවුනා. ඒ වෙන කවුරුත් නෙමේ ඉතින් අපේ ගැන්සිය තම. ඉතින් එහෙම කියද්දී අපේ රොයිල් අයියා, ඒවගේම මංසල කරගෙන ගිය තිසර අයියා ,ආරම්භයේ ඉදන් තාමත් අඩවිය ඇදගෙන යන “විකි අයියා” වගේම, “ඉසිර ගුණතිලක, වාසල අයියා ලස්සන කවර් ෆොටෝ හදලා දීලා නිහඩ සේවයක් කරන “නලීන්” අයියා, ඒවගේම ටීෂර්ට් වැඩේදී සෙට් වුන දසා අයියා ඒවගේම ෆෙස්බුකියට නළු පොටෝ දමන ආසිරි අයියා, ඒවගේම චාමරයා (මුගේ ෆිල්ම්නම් ගොඩක් වෙලාවට මගහැරෙන්නෙම නැහැ ඉතින්) ඒවගේම තවත් නළුවෙකු සේ හැදින්වෙන විමා අයියා, සයිට් එකේ කාන්තා ඇඩ්මින් වරිය නිර්මාණි අක්කා ඒවගේම සයිට් එකේ දරුණුම දෙමල මැරයෝ දෙන්නා සදුන් දනුෂ්ක අයියා සහ ඉමේෂ් කුමාර මලයා(ඒම කිව්වට කමක් නැහැ නේද). ඒවගේම පිළිවෙලින් කලිදු වසුක, රවිදු රුක්ෂාන්, නිලුපුල් අයියා,සිසිල අයියා, යුශාන් අයියා, යශෝධ අයියා මේ හැමෝම ආදරයෙන් මතක් කරන්න ඕනේ. අනේ තව නම් නොකිව්වා අය ඇති ඒකට සමාවෙන්න ඕනේ. ඉක්මනට ටයිප් කරලා දාන්න ඕනේ නිසා පෙළක් ඒවා මගහැරෙන්න ඇති.අනේ ඒකට ගොඩක් සමාවෙන්න. ගොඩාක් සමාවෙන්න.

හරි එහනම් කතාව ගැන කියන්නම්කො.

2017 ජනවාරි 13 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම බ්ලුරේ පිටපත ආවේ මේ ඊයේ පෙරේදා වගේ. ඉතින් IMDB දර්ශකයේ 5.5 කැ දල අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ ෆිලුම Animation | Action | Adventure ගණයට වැටෙනවා.ඉතින් ලස්සන කතාවක් අනික මේක.හැමෝටම රස විදින්නත් පුළුවන්.. සුපිරි තමා. ඉතින් හසා අයියා තමා මේ ෆිලුම කරමු කියලා මට දුන්නේ.. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේක කරන්න දුන්නට. කතාව ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්.

ඉතින් මෙයා නමින් ට්‍රිප්. අනිත් හැමෝටම හොද යානවාහන තියෙද්දී මෙය ඉස්කෝලේ එන්නේ තාම පාසල් බස් රථයේ.මෙයාට ලොකු ආසවස්ක් තියෙනවා රෝද හතරක යන්න. ඒත් කොයින්ද වාසනාවක්. ඉතින් ඔය අතරතුර ටෙරාවෙක්ස් කියන සමාගමක් පොලව යට තෙල් ගවේෂණය කරනවා. ඒ අතරතුරදී ඇමතු සත්වයෙක් මේ දේ නිසා එලියට එනවා. එයින් දෙන්නෙක් අල්ලගන්නව්. ඒත් එයාලට එක්කෙනෙක් මගහැරෙනවා. එයා කොහොමහරි කැඩිච්ච වාහනයක් ඇතුලට රිංගගෙන මේ ට්‍ර්ප් වැඩ කරන ගැරිජ් එකට එනවා. එතැනදී තමයි ට්‍රිප්ට මේ සතාව හම්බෙන්නේ. පලවෙනි පාරනම් ට්‍රිප් හොදටම බයවෙනවා මේ සතා නිසා. ඒත් එයා දැනගන්නවා මෙය අහිංසක සතෙක් කියලා. ඒවගේම බුද්දිමත් කියලා. මේ යම් දෙයක් නිසා මෙයාට හම්බෙන ට්‍රක් එකට අර සතාව දානවා. ඒ කියන්නේ එයාගේ ආරක්ෂාවට එයාට එකේ ඇතුලේ ඉන්න දෙනවා. එයා මේ ට්‍රක් එක එලවනවා. ඒත් එයා නෙමේ මේ සතා තමා එලෙවන්නේ මේ ට්‍රක් එක. ඉතින් මේ දෙන්න ගොඩක් ඉනොද වෙනවා .ට්ට්‍ර්ප්ට තව මෙරිඩිත් කියලා ගෑනු ළමයෙකුත් සෙට් වෙනවා. ඒත් කරුමෙටම මේ සතා ගැන ටෙරාවෙක්ස් සමාගමට දැනගන්න ලැබෙනවා. මේ සතාව අල්ලගන්න මැරයෝ ටිකක් එවනවා. ඒත් අල්ලන්න නම් හම්බෙන්නේ නැහැ. කොහේ අල්ලන්නද ඉතින් මෙයාගේ වැඩ ටිකට.

ඔච්චරයි කියන්නේ. පොඩ්ඩයි කිව්වේ ඉතින් ඒ ඇති කියලා හිතෙනවා. ඔයාලම රසවිදින්න මේ ෆිල්ම් එක ලස්සන සුපිරි ෆිල්ම් එකක් මේක.එහෙනම් අපි ගියා.

ජය වේවා!!!

අදාළ පිටපත්.

Monster.Trucks.2016.720p.BluRay.x264-DRONES Monster.Trucks.2016.BRRip.XViD.ETRG Monster.Trucks.2016.BRRip.XviD.AC3-EVO Monster.Trucks.2016.BDRip.x264-DRONES Monster Trucks (2016) 720p BRRip 950MB – MkvCage Monster Trucks 2016 720p BRRip 750 MB – iExTV Monster Trucks (2016) 720p BRRIP HEVC 600MB – NBY Monste Trucks (2016) 720p BRRiP – 999MB – ShAaNiG Monster.Trucks.2016.720p.BluRay.x264-[YTS.AG]+1080p

Monster Trucks (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,588 downloadsDownload Monster-Trucks-2016.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,588 downloadsDownload Subtitles40 KB

54 comments

  1. Kaviya

    Patta bn

  2. Thisara Neo

    හදවතින්ම සුබ පැතුම් සහෝ 50 කඩයිමට...
    ඊළඟ කඩයිමටත් ඉක්මනටම ලං වෙන්නට සුබ පතනවා....
    මාවත් මතක් කලාට තුති....
    ඉක්මනටම ඊලඟ උපසිරසියෙන් හමුවෙමු....

    #Hail_Hydra

  3. Live Cinema

    Thank you Bro :)

  4. Sisila Prasad

    පනස්වෙනි කඩයිම වෙනුවන් හදවතින්ම සුභ පතනවා, සහෝ...
    මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේකත් අනිවා බැලීමක් තමයි. උපසිරසියටත් බොහොම ස්තුතියි.
    ජයවේවා!!!

  5. Ash Jay

    Thanks for the sub bro. keep it up...

  6. නිර්මාණි විජේසිංහ

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් මල්ලි. දිගින් දිගටම තව දෙතුන් සීයක්ම සබ් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපසිරසියටත් බොහොම ස්තූතියි. ඊයෙ තමයි මමත් ඩවුන්ලෝඩ් කරේ අද බලන්න ඕන සබ් එක්කම. එහෙනම් ජය වේවා...

  7. Sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!

  8. Hashan Madhuwantha [The HASH]

    All the Best!

  9. Kolitha4

    Thanx sub ekata
    Jaya wewa.

  10. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  11. මධුකප්‍රිය පෙරේරා

    මේක දෙනකම් බලාන හිටපු ෆිලුමක් තමා..
    මං ඒත් බැලුවා මොකෑ මේක පරක්කු කියලා..
    නියමයි සහෝ 50වන උපසිරසියට උණුසුම් සුබපැතුම්..
    ටෙස්ට් මැච් එක ඔය විදිහටම අවුට් නොවී 100ත් ගහමු එහෙනම්..
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබෙන්න
    කියලා එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් තැන්කු වේවා කිව්වා..
    ඔබට ජයෙන් ජය...!.

  12. Nalin perera

    නියමයි පතුම් මලේ. 50 කඩඉමට සුබ පතන ගමන්, තව කාරණයක් මතක් කරන්න ඕනේ, මේ ටිකේ අඩවියේ පින්තුර ජොබ් එක කරට අරන් කරන් යන්නේ, අපේ සදුනයි, ඉමේෂ් මලයයි කියලා. රාජකරි නිසා කාර්යබහුල වෙලා ඉන්න නිසා මම ටිකක් නිවාඩු අරන් තියෙන්නේ, ඉතින් ස්තුතිය ඔහුන්ටයි, සබට ස්තුතියි, පැතුම් මලේ. 100න් හමුවෙමු.

    ජය වේවා!!

  13. me

    Thanks and wish you all the best.
    Keep up the good work :-)

  14. Shenin Perera

    50වෙනි උපසිරැසියට සුභ පැතුම්!
    ජය වේවා:)

  15. Ravindu Rukshan

    නියමයි සහෝ 50වන උපසිරසියට උණුසුම් සුබපැතුම්....
    උපසිරසියටත් තැන්කු වේවා..

  16. Kasun Widusha

    Tnx mcn 50 ta suba pethum

  17. chalana

    thnx bro...

  18. Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

  19. එල්.සී. දමැල්

    50 සුභ පැතුම්, පැතුමෝ

  20. Udara Damith B/K

    50 හට සුබ පතනවා
    තැන්ක්ස්
    මහේල ටෙස් 50 ගැහැවැ වගේනේ පනහ ගැහවේ
    පුලුවන්නම් දන් ක්‍රිස් ගේ ල් 100 ගහනවා වගේ ගහන්ඩ

  21. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks CHATHURANGA saho.wish u'r great future....

  22. සචිත් ලක්ෂාන්(සචී)

    50වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ
    එනකන් බලාගෙන හිටපු ෆිලුමක්
    එහෙනම් මිටත් වඩා ඉක්මනට 100 150 200 ඊටත් එහාටත් යමු
    ජයම වේවා

  23. අසිත

    elama saho thanks

  24. ආසිරි ප්‍රියන්ත

    සුපිරි පැතුම් මචෝ...
    ලැජ්ජත් හිතුනා අනේ අර කියපු කතාවට.
    මාව මතක් කරපු එකම මදෑ.
    එහෙනම් ඔන්න පනස් වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් වේවා,,
    සුපිරියකින් නේ පනහ ගහලේ.
    ඔය විදියටම සීයටත් යමු.
    අරින්නේපා..
    ජය වේවා!!

  25. Sajith Anthony

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  26. Gayan

    Sub ekata thank's bro. Jayawewaa!

  27. Chami.S

    Thanks..
    Good Luck..

  28. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  29. ලහිරු ප්‍රසාද්

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා සහෝ.
    මේ වගේම ඉදිරියටත් උපසිරැසි කරන්න කාලය ලැබෙන්න කියලා පතනවා.
    ජය වේවා!

  30. Chamal Perera

    50 වෙනි උපසිරසකරණයට මගෙන් සුභ පැතුම්.. දිගටම උපසිරස කරමු. 100 ඉක්මනට ගහමු.

  31. හසන්ත

    50 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි !!!

  32. Tharaka

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්!
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  33. දිල්ශාන් සචින්ත

    50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභපතනවා සහෝ 100ටත් යමු. ජය.

  34. Ravi

    Jaya jaya wewaa.

  35. Mahesh

    Sub ekata thanx

  36. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaa

  37. රොයිලි

    උණුසුම් සුබ පැතුම් පැතුම් මලේ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ගහන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  38. Chämàrá Sâmpáth

    සමාවෙන්න ඕන මේකට කමෙන්ට් එකක් දාන්න මෙච්චර කල් ගත්තට.
    50' වැනි කඩයිමට හදවතින්ම සුභපැතුම් සහෝ.
    ඔය කිව්වට මං නම් වැඩිය ෆිල්ම් වලට සබ් කරන්නේ නෑ නොවැ. කොහොම උනත් ඒ දෙන සුළු ප්‍රමාණය හරි බලනවා කියලා අහන්න ලැබුණු එකම සතුටක්. මාවත් මතක් කලාට ස්තුතියි.
    මෙතැනින් නොනැවතී දිගින් දිගටම උපසිරැසිකරණයේ ලැබෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    උපසිරැසියට තුති. ජය!

  39. isuru

    50වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ!! 100වෙනි කඩයිමටත් යෑමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා!! මේක අනිවා බෑමක් තමා ඉතින්..ජයවේවා එහෙනම්!!

  40. M.B.H.M Marasinghe

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ හදවතින්ම...!!!!

  41. rusith

    thnx dude....xoxo

  42. shasith sandaruwan

    50 වන උපසිරැසියට සුභ පැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  43. හිරු

    50 වෙනි සබට සුබ පතනවා සහෝ.. නියමයි ඈ..

  44. විමා

    මුලින්ම උපසිරසට බොහොම ස්තුතියි පැතුම්
    ඒ වගේම මේ වෙනකම් කිසිම ලාබයක් නොමැතිව මේ කරපු සේවයට නැවතත් ස්තුතියි
    සමාවෙන්න ඕන පමා උනාට. මේ කඩයිමෙන් නොනැවතී ඉදිරියටම යන්න. ඒ වගේම කරන කියන සියලුම වැඩ රාජකාරි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :D
    අනිවා බැලිල්ලක්

    හැබැයි හේවා සහ විමා මාරු වෙන්න ඕන
    නළුවා හේවා වන අතර විමා අහිංසකයා :D

  45. kasun sandaruwan

    :-) :-) :-) :-)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    :-) :-) :-) :-)

  46. Ashanudara

    supiriy saho... elama. jayen jyama...

  47. ashan lankanath

    thanks ..........................

  48. Helili Hemamali

    සුබ පැතුම් සහෝ!
    තවත් ඉදිරියට යන්නට ශක්තිය,වාසනාව ලැබේවා!

  49. Sumudu Nuwan

    thda thda thwath animation akk karamu
    ...................

  50. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ඒ වගේම 50 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා සහෝ. මෙතනින් නොනැවතී තවත් ඉදිරියට උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ටෙස්ට් විදියට හරි කමක් නෑ සහෝ සබ් කරන එකනම් නවත්වන්න එපා.. උබලා නැත්තම් එහෙම අපි සදා අනාතයි..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.