මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක අගය කිරීමක් පවතින,ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, ජිතේන්ද්‍ර සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් ප…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින,ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, ජිතේන්ද්‍ර සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.

මෙහි ප්‍රධාන චරිත වන්නේ මොහාන්, සුනීතා සහ රාජන් ය. සුනීතා ඉතාමත් ධනවත් පවුලක එකම දියණිය යි. මව නොමැති ඇය පියාගේ රැකවරණය මත ජීවත්වේ. ඔවුන්ගේ ව්‍යාපාරවල කළමනාකරුවන රාජන් සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන ඉතා කපටි පුද්ගලයෙකි, මේ අතර රාජන් විසින් කළ ව්‍යාපාරයේ මුදල් සොරකමක් සම්බන්ධව ප්‍රශ්න කිරීමක් නිසා, නිවසේ ඉහළ මහලෙන් තල්ලුකර සුනීතාගේ පියාව මරා දමයි.එහෙත් එය ඉහළින් වැටී සිදුවූ මරණයක් ලෙස දක්වා රාජන් නීතියෙන් ගැළවෙයි. ඉන් පසුව අන්තිම කැමති පත්‍රයකින් සුනීතාට අයත් සියලු දේපළ ලියාගත් රාජන් ඇයව මරා දැමීමට නොයෙක් සැලසුම් ක්‍රියාත්මක කරයි.  ගමෙන් ගමට යමින් නර්තන ඉදිරිපත් කරන කණ්ඩායමක් සමඟ එක්වී රියදුරු රැකියාව කරන මොහාන්ට රාජන්ගේ ඝාතන තැතකින් බේරී අතරමංවී සිටින සුනීතාව හමුවේ. එතැන් සිට මොහාන්ගේ රැකවරණය සුනීතාට ලැබුණත්, මොහාන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති https://drive.google.com/file/d/0B3BxOq2-_xCDZy1kQlI5SW40SUE මෙම ලින්ක් එකෙන් සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.

ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත  අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා  උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි! 

 

Caravan (1971) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

 

69 downloadsDownload Caravan-1971.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

69 downloadsDownload Subtitles45 KB

13 comments

  1. Aj

    thnkz for sub..........sharuk khan ge Anjaam film ekatat puluwn nm sub denna...parana lassana film ekak.............

  2. ආසිරි ප්‍රියන්ත (හේවා)

    එල එල, මෙව්වත් බලන්න ඕනේ. වටිනා කියන එව්වා තමා මේ.
    මෙව්වට සබ ෆයිල් කොහෙන් හොයාගන්නව්ද මන්දා.
    සබට තැන්ක්ස් ආ.
    ජයවේවා!!

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. SPD

    බොහොම ස්තුතියි විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සහෝ උපසිරසියට. පැරණි හින්දි චිත්‍රපට වල උපසිරසි ඉදිරියේ මම වැඩිම වාර ගණනක් දුටු නම තමයි විතානගේ ප්‍රියන්ත දයාකීර්ති. ඇත්තටම ඔබගේ මෙම සේවය මම හදවතින්ම අගය කරනවා. අද මේ වගේ චිත්‍රපට බලන පිරිස ක්‍රමයෙන් අඩු වේගන යනවා ඒ කොහොම වුනත් අලුත් චිත්‍රපටවල නැති අමුතුම වෙනසක් මෙම චිත්‍රපටවල තියනවා. ඒ නිසාම මම අලුත් හින්දි චිත්‍රපට බලන්නේ හරිම අඩුවෙන්. පැරණි චිත්‍රපට බලන්න ගොඩක් ප්‍රිය කරනවා. “ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි” යන ඔබගේ උත්සාහය සපල වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. තව තවත් අමරණීය හින්දි නිර්මාණ අප වෙත ගෙන එන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම දිලිප් කුමාර්ගේ පහත චිත්‍රපට බයිස්කෝප් අඩවිය තුල දකින්න නොමැති එක විශාල අඩුවක් ලෙස මම දකිමි. හැකිනම් ඒ චිත්‍රපට සඳහාද සිංහල උපසිරසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Naya Daur(1957)
    Madhumati(1958)
    Gunga Jumna(1961)

  6. Shaun Maximus Dissanayake

    WOW කැරවෑන් උප ශිර්ෂ සමග බලන්න පුලුවන් කියලා හිතාගන්නවත් බැරිව ඉන්නේ
    මං මොනතරම් වාසනාවන්තද කියලා හිතෙනවා . ඔබට පිං ප්‍රියන්ත.

  7. දහරා මුතු අමා

    නියම කතාවක් අයියෙ.
    නියම සිංදු ටිකක් තමයි තියෙන්නෙ.
    බොහොම ස්තූතියි උපසිරැසියට.
    තව මේ වගෙ ඒවා දෙන්න.

  8. shasith sandaruwan

    ජනප්‍රිය, ගුණාත්මක චිත්‍රපට සඳහා උපසිරැසි ගන්වන ප්‍රියන්ත සොයුර...
    ඔබට තවත් මෙවන් උපසිරැසි ගෙන ඒමට කාලය, ශක්තිය ලැබේවා...
    දිගටම සබ් දෙමු...
    ඹබට ජය!

  9. udayasaman

    comment ekak dhanna parakku una withana aiye.ekata sama wenna.meekath lassanai ekak.oya kiuwa wage sub ekak karanna aasai.me tike poddak weda weda wedi.ithin sub ekata bohoma sthuthi aiye.thawath lassana ekakin hamu wemu.

  10. Kulanjana Maduranga

    great work & lot of thanks........saho 4 u'r sub....

  11. Kasun Harshana

    සුපිරි. මං චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරල නැරඹුවා.සින්දු ටික නියමයි.කතාවත් එල. ඔයා වැඩක් කළොත් ආයෙ අහන්න දෙයක් නෑනෙ. දිගටම සබ් කරමු මිත්‍රයා. ඔබට ජයෙන් ජය.මෙන්න මේ චිත්‍රපට හයත් අනිවාර්යයෙන්ම බයිස්කෝප්හි තිබිය යුතුමයි.මේවත් සුපිරිම බඩු.

    Brahmachari
    Azaad
    Andaz
    Gunwaar
    Gumnaam
    Sasuraal

  12. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  13. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.