ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත… මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්… බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්. ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද? අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ. “මම ඔහේගේ…

ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත…
මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්…
බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන
හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්.
ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද?
අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ.
“මම ඔහේගේ කතාවේ වීරයා!
ඔහේ මගේ කතාවේ වීරයා නම්… මම ඒ කතාවේ දුෂ්ටයා!”
ආයූබෝවන් කියල පිළිගන්නවා බයිස්කෝප්වාසී සියළු දෙනාට. 2022 වර්ෂයේ නිකුත් වූ තවත් අපූරු චිත්‍රපටියක් අරගෙනයි ආවේ. නම දැක්ක ගමන් මතක් වුණා නේද? සිද්ධාර්ත්ව, ශ්‍රද්ධා කපූර්ව, රිතේශ් දේශ්මුක්ව. නෑ මේ ඒ කතාවේ දෙවෙනි කොටස. ඉතින් 2014 වර්ශයේ නිකුත් වූ Ek Villain චිත්‍රපටිය හැමෝම බලල තියෙන ඕනේ පොතේ හැටියට. මොකද ඒ චිත්‍රපටියේ මතකයන් තාමත් අපේ හිත් වල තියෙනවා. මොකද ඒක එතරම් සාර්ථක චිත්‍රපටියක්. අද අරගෙන ආව චිත්‍රපටිය ඒකේ දෙවෙනි කොටස කිව්වට කලින් චිත්‍රපටියේ හිටිය නළු නිළියන් හෝ එහි අන්තර්ගත කතාවට මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මොකද මේක වෙනස්ම කතාවක්. මෙම චිත්‍රපටියට අධ්‍යක්ෂණයෙන් සහය වන්නේ පළමු චිත්‍රපටියේ අධ්‍යක්ෂකරුමයි. ඒ මෝහිත් සූරි. බොලිබුඩ් සිනමාවේ බිහිවූ චිත්‍රපටි අතුරෙන් මෝහිත්ගේ චිත්‍රපට අපට ගොඩක් විශේෂ චිත්‍රපටි වෙනවා. Awarapan, Murder 2, Aashiqui 2, Ek Villain හා Malang යන චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ලෝකයාගේ සිත වල නතර වූවා යන්න නිසැකයි. ලස්සන කතාවල්, ඒවායේ ඇති චරිත සඳහා යොදා ගැළපෙන නළු නිළියන් හා ඇස් කන් කලඹන මිහිරි ගීතයන්. ඔය ප්‍රධාන කාරණා මෝහිත්ගේ චිත්‍රපටිවල අනිවාරෙන්ම අන්තර්ගත වෙනවා. එයාගේ මොකක් හිට් වුණත් නැතත් සින්දු ටික නම් අනිවාරෙන්ම හිට් වෙනවා. ඉතින් මොහු විසින් අධ්‍යක්ෂණයේ යෙදුනු මීළඟ කතාව වුණේ Ek Villain Returns.
මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළු නිළියන් වශයෙන් ජෝන් ඒබ්‍රහම්, අර්ජුන් කපූර්, දීශා පථානි හා ටාරා රංගනයෙන් දායක වෙනවා. අර්ජුන් කපූර්ගේ තැනට කලින් ඉඳලම මෝහිත් හිතන් හිටියේ ආදිත්‍ය රෝයි කපූර්ව දාන්න. ඒත් චිත්‍රපටියේ වුණු වෙනස්කම් වගයක් නිසාවෙන් ඒ චරිතයට අර්ජුන් කපූර්ව යොදාගන්න ඔහු තීරණය කළා. චිත්‍රපටියෙන් රූගත කිරීම ආරම්භ වෙන්නේ 2021 මාර්තු මාසයෙන්. චිත්‍රපටියේ සම්පූර්ණ වැඩ කටයුතු 2022 මාර්තු මසින් අවසන් කොට ජූලි මාස 29වෙනි දින ලොව පුරා සිනමාහල් වලට මේ චිත්‍රපටිය නිකුත් වූවා. ඇක්ශන් රොමෑන්ස් හා ත්‍රිලර් ඔය කැටගරි තුන මුසුවූ මෝහිත්ගේ මේ චිත්‍රපටියත් සාර්ථක ලෙසින් තිරගත වූවත්, කලින් චිත්‍රපටවලින් සොයාගත් ආදායමක් මේ චිත්‍රපටියෙන් හොයාගන්න පුළුවන් වුණේ නෑ. ඉන්දියාව පුරා තිරගත කිරීමෙන් කෝටි 49කුත් පිටරට සිනමාහල්වල තිරගත කිරීමෙන් කෝටි 13ක් වශයෙන් තමයි ඔවුන්ට හොයාගන්න පුළුවන් වුණේ. සම්පූර්ණ ආදයම කෝටි 63ක ප්‍රමාණයක් ඔවුන් සොයාගත්තත් සමහර විචාරකයින් හා සිනමා රසිකයන් මෝහිත්ගේ මේ චිත්‍රපටියට වැඩි තෘප්තියක් දැක්වුවේ නෑ. ඒ අද කාලයේ බිහිවන සෑම බොලිවුඩ් චිත්‍රපටියකටම අත්වන ඉරණම නිසයි. සමාජ මාධ්‍ය ජාලා වල සිදුවන කැම්පේන් නිසා බොලිවුඩ් චිත්‍රපටිවලට අද මේ ඉරණම අත්වෙලා තියෙන්නේ.

– පළමු චිත්‍රපටිය හා දෙවනි චිත්‍රපටිය අතර සංසන්දයක් –
(පිංතූරය අන්තර්ජාලය ඇසුරෙන්)
ගෞතම්, ආර්වී, භේරව් හා රසිකා යන චරිත වටා ගෙතුන මේ චිත්‍රපටියේ අවසාන ට්විස්ට් එකකින්ම ඉවරවෙනවා ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. කතාව මොකක්ද කියල නම් කියන්න යන්නේ නෑ ඒක ඔයාලා බලලම ඉන්නකෝ. පෞද්ගලිකව මම අර්ජුන් කපූර්ගේ ලොකු ෆෑන් කෙනෙක් නම් නෙවෙයි. ඒත් මේ චිත්‍රපටියේ ඔහුගේ චරිතයට මම ආසයි. මට ඒ චරිතයෙන් නිකම් අර්ජුන් කපූර්ගේ සැබෑ චරිතය පේනවා වගේ. කතාවට අනුව අර්ජුන්ගේ චරිතය වන ගෞතම්ගේ පෙම්වතිය වන්නේ ආර්වී. ආර්වීගේ චරිතයට පණ පොවන ටාරා හා අර්ජුන්ගේ සංයෝජනය හරිම ලස්සනයි. දුකට කරුණක් වන්නේ ජෝන් ඒබ්‍රහම්ගේ වයස පාට පේන එකයි. ජෝන් ඒබ්‍රහම් මාධ්‍යයට කියා සිටියේ ඔහු මේ චිත්‍රපටියට ආසාවෙන් රංගන දායකත්වය දුන් බවත් එයා හිට් එකක් වී නතර වන බවත් ඔහු චිත්‍රපටියේ රූගත කිරීම් අවසාන වූවාට පසුව කියා සිටියා. අපි මේක තියෙන සින්දු ගැන කතා කළොත් Galliyan Returns, Dil, Shaamat, Naa Tere Bin ඇල්බම් එකම වැඩිය ජනප්‍රිය වුණේ නැති වුණත් ලස්සන සින්දු කිහිපයක් වුණා. ශ්‍රෙයාගේ කටහඩින් මුසු වුණු Dil කියන සින්දුව හිත එක තැනක නතර කරනවා. ඒ වගේම තව විශේෂ කාරණයක් තමයි ටාරාගේ පළමු සින්දුව ලෙස ගායන කළ මෙම චිත්‍රපටියේ ඇති Shaamat කියන සින්දුව. තවත් අපූරු කටහඩක් බොලිවුඩයට බිහි වෙලා තියෙනවා කියල තමයි මට නම් කියන්න වෙන්නේ. චිත්‍රපටියට ලබා දී ඇති රිවීස් වගයක් පහළ පිංතූරයෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
චිත්‍රපටියේ ඩිජිටල් අයිතීන් නෙට්ෆ්ලික්ස් සමාගමට පවරා දී තිබූ අතර, චිත්‍රපටිය 2022 සැප්තැම්බර් මස 9 වෙනි දින ස්ට්‍රීම් වූවා. ඉතින් පුළුවන් ඉක්මනට අද මම ඔයාලට Ek Villain Returns චිත්‍රපටියේ සිංහල උපසිරස අරගෙන ආවා. බොලිවුඩ් ෆෑන්ස්ලට මතකේ තියෙන තවත් ලස්සන චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටිය නම් කරන්න පුළුවන්. ලස්සන සින්දු ටික සිංහල අදහසත් එක්ක බලන්න කියල ආරාධනා කරගමන් බයිස්කෝප් රසිකයන් වෙනුවෙන් මේ කරන වැඩේට පොඩි සහයෝගයක් විදියට අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ වටිනා අදහස් විතරයි. ඒ වටිනා අදහස තමයි උපසිරැසිකරුවකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය. මොකද මේක මුදල් පරමාර්ථයෙන් සිදු නොකර වැඩක් නිසා අපේ වැඩත් කරගෙන ඔයාලගේ වැඩත් වෙන්න නම් දිඟටම අපිත් එක්ක රැඳිලා ඉඳලා සහයෝගයෙන් කටයුතු කරමු. බයිස්කෝප් සිංහලෙන් සමූහයේ ඉන්න සෑම උපසිරැසිකරුවෙක්ගෙම වූ අදහසත් ඔයාලට මතක් කරන ගමන් ගිහින් එන්නම් තවත් ලස්සන චිත්‍රපටියකට සිංහල උපසිරැය අරන්. ජයවේවා! ❤
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip / TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
31,706 downloadsDownload Ek-Villain-Returns-2022.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
56 comments
Dilshan Karunarathne
Anonymous
Thank you
Anonymous
අඩේහ් තෑන්ක්ස් පසියා මේ ටිකේ දිගටම ෆිල්ම් දුන්නට
Naveen
උපසිරසියට තුති
යුරාන් ධනුක (දනුවා)
නියමයි මල්ලි
උපසිරසියට බොහෝම ස්තූතියි !Rana
Hey sinamika ekt sub dennko ikmnt plz brother
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Super සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මල්ලි
Kushan
Sub akta thanks
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දෙනකල් බලන් හිටියේ. ජයවේවා!
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි ලොක්කා!
Chami
නිවාඩු පාඩුවේ බලන්න සුපිරි ෆිල්ම් දෙනවට තැන්ක්ස් හොදෙයි,මලයාලම් අලුත් ටිකකුත් ඇවිත් තියෙනෝ,පුලුවන් විදියට දෙමු,ජය වෙවා කොල්ලනේ
Anonymous
Patta
Anonymous
Arjun kapoor act karoth james cameron direct karath wadak na film eke qualitya bahinow
dulan
ස්තුතියි !
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Neo
Thanks brother
Keep it upAnonymous
Ek villain 2014 bluray copyta sub 1 update karannako
Apj kumara
Good work brother
Pavan pavithra
Cobra kai season 5 ekata ikmanatama sub dennako
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Beast english movie eke sinhala
Sub one ikmntsasIYa
Beast english movie eke sinhala sub one ikmnt
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anonymous
එලකිරි සුපිරිකිරි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මයුර
එල මචෝ අතාරින්නෙ නැතුව දිගටම සබ් දෙමු
Vinod
ඉන්දියන් ගූ කෑලිවලට සෙනික සබ් දෙනෝ see season 3 , cobra kai season 5 කැලේ කොච්චර ෆෑන් බේස් එකක් තියෙන එව්වද , ඔය ජරා agenda එක නොසා ඒක වටේ හිටපු ෆෑන්ස්ලා ඔක්කොම වෙන සයිට් එක්ක ඉන්නේ සිරාවටම දුකයි මේ සයිට් එක ගැන .. මගින් නවත්තන්න සීරීස් පටන් ගන්න එපා ☝️
shen
balanna barinam wada dennathuwa palayan bn
Anonymous
මෙතන උම්බෑ ගාන්නෙ නැතුව ඉංග්‍රීසි ෆිල්ම් දෙන අයගෙන් රික්වෙස්ට් කරපන් උන්ට රෙස්පෙක්ට් එක දීලා,එතකොට උන් පුලුවන් නම් අනිවා දේවි,නැතුව උබට තදියම් වෙච්ච පලියට සබ් දෙන්න උන් මෙතන නැහැ
Pasindu Madumal
ඔය අහගෙන තියෙන්නේ!
Buddhika Lakmal (laKMal)
ෆිල්ම් පිස්සො වෙනුවෙන් කට්ට කාගෙන සිංහල සබ් හදල දානවට බොහෝම පිං මචෝ....
sumith
thanks
AKEESHA
cobra kai sesone 5 sub denko
නුවන් මානගේ
සබ් එකට බොහෝම ස්තූතියි... බුදු සරණයි
Anonymous
Thanks for sub
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Amila Gihan
Thanks brother.!!
INDUSARA
Cobra kai season 5 sub dennako
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ආසිරි ප්‍රියන්ත (හේවා)
සුපිරි ආ...සබැ ගත්තා...දැන්මේ බලන්න කියලා හැදුවේ...
ජයවේවා!Pasindu Madumal
Ek Villain (2014) ෆිල්ම් එකට සිංහල උපසිරැසිය දුන්නට තුති අයියේ ❤️ ලිපියේ ඒක සඳහන් කරන්න බැරි වුණාට සමාව!
Eranda
Thanks brother
Anonymous
Thanks Brother
indika 75
thanks..
Cossa
තෑන්ක්ස් සගෝ
C.P.Minindu Tharushapriya Fernando
Thanks saho
Samith
Thanks brother
Malka Jayathilina Revo
බොහොම ස්තුතී....
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Theekshana
ස්තූතියි සහෝදරයා ..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka
thanks
Advertisement
![Ek Villain Returns (2022) Sinhala Subtitles | දුෂ්ටයාගේ නැවත ආගමනය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Ek-Villain-Returns-2022.jpg)

Thanks brother.