Watch Trailer

Trance (2020) Sinhala Subtitles | දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු! [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

“අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ… අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!” – මත් ද්‍රව්‍ය? “නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක් ආගම! ආගම තමයි මිනිස්ස…

“අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි
අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ…
අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!”
– මත් ද්‍රව්‍ය?
“නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි
ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක්
ආගම!
ආගම තමයි මිනිස්සු ඇබ්බැහි වෙන භයානකම මත්ද්‍රව්‍යය”

“ඔයා දෙවියන්ව විශ්වාස කරනවද?”
– නැහැ

“හැබැයි මේ ලෝකේ හතරෙන් තුනක්ම දෙවියන්ව විශ්වාස කරනවා
ඒ දේව විශ්වාසය තමයි අපේ අලුත්ම ව්‍යාපාරය!
BMW, Benz, Porsche, Private Jets… තමුන්ට හැම සැපක්ම ලැබේවි
ඉන්දියාව පුරා මන්දිර- ලෝකේ පුරා බැංකුවල කළු සල්ලි-
ජීවිත කාලෙම කෝටිපතියෙක් වගේ ඉන්න පුලුවන්
මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවභක්තිය තමුන්ගේ පැත්තට හරවගන්න, එච්චරයි”

“තමුන්ට තියන්නේ වේදිකාවට එන ලෙඩ්ඩුන්ගේ ඇඟට අත තියන්න විතරයි.
අන්ධයන්ට ඇස් පේන්න ගනී…
නොණ්ඩියෝ ඇවිදියි…
බීරොන්ට කන් ඇහෙන්න ගනී…
අපි හැමදෙයක්ම ප්ලෑන් කරලා තියන්නේ.”

“ඒත් සර් අපි කරන්නේ වංචාවක් කියලා මිනිස්සුන්ට තේරුණොත්?
ප්‍රශ්නයක් වුණොත්?”
“මේ ආණ්ඩුවේ බාගෙකට වඩා නටන්නේ අපේ ඔඩොක්කුවේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
තමුන් හැම අතින්ම ආරක්ෂිතයි!”

නමුත්, වංචාවේ උපරිම මොහොතේදී මුලු ඉන්දියාවක් ඉස්සරහා මේ හැමදෙයක්ම එක තත්පරයකින් කණපිට පෙරලුණොත්?

ඉදිරියෙදී වෙන්න තියෙන දේ කවුරුවත්ම දන්නෙ නැහැ මිත්‍රයා!
එදා මෙදාතුර දකුණු ඉන්දියානු සිනමාවෙන් බිහි වුණු හොඳම Plot එකක්…
මොහොතෙන මොහොතට හිත කීරි ගස්සවන BGM නාදයන්….
වචනයක් ගානේ අලුතෙන් හිතන්න දෙයක් මවාපාපු Script එකක්…
Action Scenes රූපගත කරන්න පළමු වතාවට හොලිවුඩ් තාක්ෂණය මලයාලමට ගෙනාපු,
ඔස්කාර් අවෝඩ්ස් ගහපු මිනිහෙක් සවුන්ඩ්ස් ඩිරෙක්ට් කරපු
කේරළයේ BoxOffice Records ගිනි තියපු
වසරේ අති දැවැන්තම Thriller අත්දැකීමක් විඳගමුද?
එහෙනම් ලෑස්ති වෙන්න මිත්‍රයා!

PK ගැන විශ්වාසය තියලා මේ චිත්‍රපටිය බලන්න ගන්න.
මේ මලයාලමේ PK!!!!!

හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට….

2020 පෙබරවාරි 20 වනදා කේරළය පුරා BoxOffice ලැව්ගිනි හමමින් තිරගත වීම ඇරඹුණා වූ Trance (2020) සිනමාපටය එතෙක් මෙතෙක් මලයාලම් සිනමා ඉතිහාසයේ කවුරුවත් කවදාකවත් අත නොගහපු පැත්තක් ගැන කතා කරපු චිත්‍රපටියක්! 1st Day 1st Show එක ඉවර වෙනකන් කවුරුවත් හීනෙකින්වත් හිතපු නැති විදිහේ සිනමොටොග්‍රැෆියක්!

දන්නවද? මෑතකාලීන මලයාලම් සිනමාපටයක් තුළින් දැකපු
· හොඳම Cast
· හොඳම BGM
· හොඳම Acting
· හොඳම VFX
· හොඳම Plot එක තියන්නේ මෙතන. මම නෙමෙයි කියන්නේ, ලොකු ලොකු සිනමා ඔස්තාර්වරු.

සමහරවිට මාව විශ්වාස කරන්නේ නැති වෙන්න පුලුවන්. කමක් නැහැ. මෙහෙම්මම Behindwoods, Times of India, IMDb වගේ වෙබ් අඩවි දෙකතුනකට ගිහින් රිවීව්ස් කීපයක් කියවලා එන්න. අපි ඊට පස්සේ කතා කරමු. මම අද ඒ තරම් විශ්වාසයෙන් කතා කරන්නේ. මේ තියන්නේ, 2020 වසරෙදි මලයාලමෙන් එළියට දාපු දැවැන්තම වැඩේ. දැවැන්තම පිරිවැය, දැවැන්තම රංගනය, දැවැන්තම සිනමා නිර්මාණය!

Trance (2020) කියන්නේ උණු උණුවෙම මලයාලමෙන් බාපු Psychological Triller චිත්‍රපටයක්. ඒ කියන්නේ ගොඩක් ඇක්ෂන් චිත්‍රපටි වගේ එළිපිට ගහගන්නේ නැති සැලසුම් මතින් ගොඩ නැගුණ සටන් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටයේ හැම පියවරකම පාහේ හිතන්න දෙයක් ගොඩ නැගුණ යමක්. හැමදාම බලන ඇක්ෂන් චිත්‍රපටි වගේ නොවී අලුත් කන්සෙප්ට් එකකට ගොඩ නැගුණ චිත්‍රපටියක්. ඉතින් මේ මලයාලම් යෝධයා තිරගත වෙනනත් කලින් ඉඳන්ම කේරළය පුරා තිබුණේ ලොකු නොඉවසිලිවන්තබවක්. ඩිරෙක්ටර් Amal Rasheed සහ Fahad Fasilගේ මාස් කොලබරේශන් එක, කේරළයම හොල්ලන ලොකු මාස් ත්‍රිලර් එකක ආරම්භයක් බව බොහෝ දෙනා දැනගෙන හිටියා. ඉතින් ඒ උන්මාදයත් සමඟින්ම තිරගත වීම අරඹපු Trance සිනමාපටයට ලැබුණේ කවුරුත් නොහිතපු ආකාරයේ හයිප් එකක්. කවුරුවත් නොහිතපු විදිහට හතරඅතින්ම Positvie Reports ලැබෙන්න ගත්තා. ඉන්දියාවේ ප්‍රධානම පෙළේ විචාරකයන්ගෙන් හිතාගන්නවත් බැරි තරම් Positive Reviews ගලාගෙන ආවා. ඔයා මේ දැන් කියවගෙන යන්නේ අන්න ඒ චිත්‍රපටියේ කතන්දරේ!

අති දැවැන්ත 7.3 අගයකට IMDb මීටරය කරකවපු මේ නිර්මාණය වෙනුවෙන් 89%ක් වූ Google පරිශීලකයන් කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. Audience රෙස්පොන්ස් එක 82% දක්වාම වැඩි වුණා. ඉතින් රත්තරනේ, මට කියන්න. මේ වගේ ෆිල්ම් එකක් බලන්නැතුව අතාරින්න හිතන්නේ කවුද දෙයියනේ? පහළට කියවගෙන යන්න. ප්‍රොජෙක්ට් එක පටන් ගත්තු දවසේ ඉඳන් මේ වෙනකන් අකුරක් නෑර විස්තරේ ඇති.

පෙබරවාරි 20 වෙනිදා එහෙමත් නැත්නම්, ආරම්භක දිනයේදි ඉන්දියානු කෝටි 3.35ක් වැනි දැවැන්ත ආදායමක් ලබා ගනිමින් මෙම වසරේ දැවැන්තම පළමු දින ආදායම රැස් කරගන්න සමත් වුණේ මෙම චිත්‍රපටියයි. දෙවන දිනය වන විට ඉන්දියානු කෝටි 6.45 තෙක් තමන්ගේ ආදායම වර්ධනය කරගත්තා. විසිවන දිනය වන විට ලෝ පුරා ආදායම කෝටි 22 සීමාවට ආසන්න වීමටත් සමත් වුණා. කොහොම නමුත් තවමත් Final WW ආදායමේ Official Figures එළියට ආවේ නැහැ. චිත්‍රපටියේ Digital Rights වෙනුවෙන් පමණක් Amazon Prime ආයතනය ඉන්දියානු කෝටි 7කට ආසන්න සංඛ්‍යාවක් ගෙවූ බවත් අන්තර්ජංජාලයේ සඳහන්.

ඒ අනුව Digital/Satellite/DVD Rights සියල්ලම ඇතුළත්ව අවසාන WorldWide BoxOffice Collection විදිහට ඉන්දියානු කෝටි 25-35 අතර මුදලක් රැස් කරගත් බවට අපිට හිතාගන්න පුලුවන්. කොරෝනා වෛරසයේ බලපෑම නොවෙන්නට තවත් කෝටි 5ක් පමණ ලේසියෙන්ම හොයාගන්න අවස්ථාව Trance සිනමාපටයට තිබුණා. මොකද USA සහ යුරෝපයේ තිරගත වීම ඇරඹුණේ මාර්තු 05 වෙනිදයි. හැබැයි හදිසි අවස්ථාව මත ඒ ඔක්කොම ඇණ හිටියා නොවැ. කෙසේ නමුත් තිරගත වීම අවසානයේදී ප්‍රාන්තීය ආදායම් වාර්තා කීයපක්ම අලුත් කරන්නට සමත් වීමත් විශේෂත්වයක්.

· 2020 වසරේදී මලයාලම් සිනමාපටය ලැබූ වැඩිම පළමු දින ආදායම
· Fahad Fasilගේ වැඩිම පළමු දින ආදායම රැස් කරගත් සිනමාපටය
· Nazriya Nazimගේ වැඩිම පළමු දින ආදායම රැස් කරගත් සිනමාපටය
· 2020 වසරේ මේ දක්වා වැඩිම පිරිවැයකින් නිර්මාණය වූ කේරළ සිනමාපටය
· මෙතෙක් මලයාලම් සිනමා ඉතිහාසයේ හයවන වැඩිම පළමු දින ලාබය සහිත සිනමාපටය

දැන් තේරෙනවා නේද මුලින්ම මම මෙච්චර වර්ණනාවක් කළේ ඇයි කියලා. පහළටම කියවගෙන යන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට!!

ප්‍රධාන චරිතය රඟපාන ෆහාද් ෆාසිල්ව කේරළ රසිකයන් නම් හොඳින්ම දන්නවා ඇතිනේ. නොදන්න අය වෙනුවෙන් පොඩි විස්තරයක් කරලම ඉන්නම්කෝ. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයෙන් බිහි වුණු හොඳම චරිතාංග නලුවා කවුද කියලා ඇහුවොත් මගේ පිළිතුර වෙන්නේ Mammootty නොහොත් මමුක්කා. තාමත් මලයාලම රජ කරන මමුක්කාලගෙන් පරම්පරාවෙන් පසු පරම්පරාවේ හොඳම චරිතාංග නලුවා කවුද කියලා ඇහුවොත්, මම කට ඇරපු ගමන් කියන්නේ ෆහාද් ෆාසිල් කියලයි. ෆහද්ට ගහන්න චරිතාංග නලුවෙක් මමුතිලට පසු පරම්පරාවල නැහැ. Prithviraj, DQ, Nivin, Jayasurya හැමදෙනාටම වඩා ෆහාද් ඉන්නේ උඩින්…. මිනිහා හැම චරිතයක්ම රඟපාන්නේ කිසිම ආයාසයක් නැතුව. නිවින්ලා DQලා කෙසේ වෙතත් ප්‍රිත්වි පවා ඒ තරම් ස්වභාවික විදිහට චරිත හසුරුවන්නේ නැහැ කියලයි මගේ නම් පෞද්ගලික අදහස. Amen, North 24 kathaam, Carbon, Varathan වගේම Kumbalangi Nights වැනි සිනමාපට තුළින් අපි දැකපු ඒ රංගනය හැමදාම මතක් වෙන විදිහේ සිනමා සිහිවටන. නලුවෙක් විදිහට Super Deluxe සහ Velaikkaran වැනි චිත්‍රපටි තුළින් දෙමළ සිනමාවටත් පය තියපු ඔහු නිෂ්පාදකවරයෙක් විදිහටත් අති සාර්ථකයි.

ඒ විදිහට Fahadh එක් ප්‍රධාන චරිතයක් රඟපානකොට අනිත් ප්‍රධාන චරිතය රඟපාන්නේ Fahadhගේම නෝනා, නස්රියා නසීම්! Bangalore Daysවලට පස්සේ පළවෙනි වතාවට තමයි ආයෙමත් නෝනයි මහත්තයි එකම චිත්‍රපටියක රඟපාන්නේ. Nazriya කියන්නේ කවුද කියලා තාමත් දන්නේ නැත්නම් කරුණාකරලා ගිහින් Koode (2018) බලලා එන්න. එතනින්ම ආදරේ පිරේවි! Kumbalangi Nights සහ Varathan චිත්‍රපටිවල නිෂ්පාදිකාව වුණෙත් නස්රියාමයි… හැබැයි ඉතින් Neram, Raja Rani, Ohm Shanthi Oshaana වගේ ෆිල්මුත් අපිට අමතක කරන්න බැහැ.

ප්‍රධාන චරිත ද්විත්වය එහෙම තීරණය වෙනකොට උපප්‍රධන චරිත ටිකට තෝරගෙන තිබුණෙත් ඊට නොදෙවෙනි සෙට් එකක්. මන් හිතන්නේ මේක ඩිරෙක්ටර් Amal Rasheedගේ Dream Casting Crew එකවත් වෙන්න ඕනේ. ඒ තරමටම සුපිරියි! එච්චරයි!!!

Dileesh Pothan | Vinayakan | Soubin Shahir | Chemban Vinod|Arjun Asokan වැනි ඉහළම පෙළේ මලයාලම් නලු නිළියෝ සෙට් එකක් වගේම ප්‍රවීණ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂක ගෞතම් වාසුදේව් මෙනන් පවා කාස්ටින් ලිස්ට් එකේ ඉන්නවා. පේන විදිහට Budget එකෙන් බාගයක්ම ගිහින් තියන්නේ නලු නිළි ලැයිස්තුවට වෙන්න ඕනේ.අපේ ඩිරෙක්ටර් උන්නැහේ, Amal Rasheed. බොහොම ලොකු විස්තරයක් බොහොම පොඩියට කියන්නම්. Premam, Parava, Bangalore Days චිත්‍රපටි නිෂ්පාදනය කරපු හාදයා. Ustad Hotel, Kerala Café, 5 Sundarikal චිත්‍රපටි ඩිරෙක්ට් කරපු හාදයා. Chota Mumbai පිටපත ලියපු හාදයා. වෙන ඕනෙ නැහැනෙ. ඔය ඇතිනෙ. මතක තියාගන්න, මේ මනුස්සයා මලයාලමේ දෙයියෙක්. නම ඇහුණත් මලයාලියො විසිල් ගහන එකෙක්.

ඇත්තටම Trance කියන්නේ අවුරුද්දක දෙකක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. අවුරුදු 5ක් තිස්සේ මහන්සි වුණු වැඩක්. එකම ෆිල්ම් එකක් වෙනුවෙන් ලේසියකට මොන ඩිරෙක්ටර්ද අවුරුදු 5ක් වෙහෙසෙන්නේ?! වැඩේ පටන් ගන්නේ මෙහෙමයි. 2016දී සමාජ මාධ්‍යයන්ට පණිවුඩයක් නිකුත් කරමින් ෆහාද් ෆසිල් තමන්ගේ අලුත්ම චිත්‍රපටිය Amal Rasheed සමඟින් සිදු කරන බවත්, එය මෙතෙක් මලයාලම් සිනමාව තුළ අත නොගැසුණු නැවුම් මාතෘකාවක් වටා ගොනු වෙන බවත් පවසා සිටියා. හැබැයි මෙම නිර්මාණය බොහොම වියදම් අධික වූ බැවින් නිෂ්පාදන කටයුතු කෙමෙන් කෙමෙන් කල් යද්දි ඩිරෙක්ටර්ම, නිෂ්පාදන බරත් කරට ගත්තා. එනිසා 2017 ජූනි මාසයේදී Title Poster එළිදැක්විමත් සමඟ ජූලි මාසයේදී රූපගත කිරීම් ඇරඹුණා. ඉන්දියාව, ඩුබායි රාජ්‍යය හා නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නගරය කේන්ද්‍ර කරගනිමින් රූපගත කිරීම් සිදු වුණා. 2018 වසරේ මුල බාගය වන විට සියලුම රූගත කිරීම් සිදු කර අවසානයි. සෙසු චිත්‍රපටයන්ට වඩා අධික ලෙස VFX තාක්ෂණය යොදාගත් මලයාලම් සිනමාපටයක් වුණු නිසා අධික ගුණාත්මකබාවයකින් යුතුව චිත්‍රපටියේ සියලුම වැඩ කටයුතු අවසාන වෙද්දි 2019 වසරේ සැප්තැම්බර් මාසය වුණා. ඉතින් මෙවැනි දැවැන්ත ක්‍රියාදාමයකට පස්සේ පහුගිය පෙබරවාරි 20 වෙනිදා හා හා පුරා කියලා තිරගත වීමත් ආරම්භ වුණා.

· මලයාලම් සිනමාවේ පළමු වතාවට හොලිවුඩ් තාක්ෂණයෙන් යුතු Bolt High Speed Cinebot Cameras යොදා ගත්තේ මෙම චිත්‍රපටියටයි
· මෙහි සවුන්ඩ් ඩිසයින් කටයුතු සඳහා මූලිකත්වය ගනු ලැබුයේ Oscar සම්මානලාභි රසල් පෝක්කුටි විසිනි
· චිත්‍රපටයේ ඇක්ෂන් සීක්වන්සස් රූපගත කිරීමට ප්‍රබල තාක්ෂණයන් සහිත Robotic Arms පවා යොදාගත් බව සඳහන්
· Fahadh Fasilගේ රංගන ජීවිතයේ හොඳම රංගනය ඉදිරිපත් කළේ මෙතුළින් බවට බොහෝ සිනමා විචාරකයින්ගේ අදහසයි
· ඔහුගේ බොහෝ චිත්‍රපටි නිර්මාණ වූයේ ඉන්දියානු කෝටි 8-10 සීමාවේ වුවත් මෙය ඉන්දියානු කෝටි 20ක් වැනි ඉහළ බරපැනක් දරා තිබෙනවා
· මෙහි එක් දර්ශනයක් තුළ නලු නිළියන් දහසකට අධික සංඛ්‍යාවක් CGI තොරව ජීවමානව රංගනයේ යෙදෙනවා
· අමල් රෂීඩ් මෙහි අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ Ustad Hotel තිරගත වී වසර අටකට පසුවයි

හැමදෙයක්ම විස්තර ඇතිව තියෙන සවිස්තරාත්මක ලිපියක් ලියවුණා කියලා හිතෙනවා. තවත් නම් කියන්න දෙයක් නැහැ. අන්තර්ජංජාලේ පීර පීරා හොයා ගනිපු හැම තොරතුරක්ම උඩ ලියැවුණා. ඒ වගේම, විශේෂයෙන්ම මයුරයියට ස්තූති කරන්න ඕනේ බැහැ නොකියා මේ වැඩේට උදව් කළාට. මිනිහා නොහිටින්න තවත් පරක්කු වෙනවා උපසිරැසිය. පැය 03කට ලංවෙන්නම දිග කතාවක්නේ. ලයින් නම් කීයක් කියලද? තවත් මොකටැයි පරක්කු කරන්නේ’ බාගෙනම බලන්නකෝ එහෙනම්. පොඩි වචනයකින් හරි ස්තූති කළා කියලා අපේ හිත් රිදෙන්නෙ එහෙම නැහැ, හරිය. තවත් උපසිරැසියකින් පුලුවන් තරම් ඉක්මනට මුණ ගැහෙමු.

Stay Home – Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

42,559 downloadsDownload TRANCE-2020.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සහ “ කවිනු වීරක්කොඩි ” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
මැක්ෂිමස්

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
කවිනු වීරක්කොඩි

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

42,559 downloadsDownload Subtitles63 KB

91 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    Reply
  2. M.W. Dilhani

    මෙච්චර අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න එපා ෆිල්ම්. ඔයාගේ ලිපි වල පුදුම වර්ණනාවක් තියෙන්නේ ඒ වුණාට ෆිල්ම් එක බැලුවම එපා වෙනවා. මේකවත් හොඳ තත්වයේ තිබ්බොත් හොඳයි ස්තූතියි

    Reply
    1. Anonymous

      Download link plx

      Reply
    2. isuru srinath sjs

      www. baiscopedownloads. co එකේ තව ටිකකින් වැටෙනවා ෆිල්ම් එක..

      Reply
    3. Diliya121

      ගොඩක් ස්තූති ❤️

      Reply
  3. Sachin Gimhan

    thank you. sub ekata. lipiyata godak mahansiwela tiyanawa. thanx.

    Reply
    1. Samitha gayan

      බාගන්න ටොරන්ට් හොයාගන්න බෑනේ

      Reply
    2. isuru srinath sjs

      www. baiscopedownloads. co එකට යන්න. තව ටිකකින් වැටෙනව ෆිල්ම් එක..

      Reply
  4. Lalani Maduwanthi

    Thank you

    Reply
  5. ramcharan

    jallikattu wage jarawakda dnne na

    Reply
  6. Anonymous

    Thank You

    Reply
  7. widuranga

    man hithuwe sisila liyala kiyala wisthare

    Reply
  8. Thilan Durage

    Superb letter with exciting explanation... Tnks,....

    Reply
  9. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  11. indika75

    thanks..sabatai lipiyatai dekatama.

    Reply
  12. Hemantha De Silva

    ස්තුතියි මැක්ෂිමස්...
    ස්තුතියි කවීනු..
    මලමාලමක් නම් වෙන මොනව ද...?
    කොහොමත් බලනවනේ...
    ඒත් විස්තරයත් පට්ට.
    තෑන්ක්ස්.

    Reply
  13. Anonymous

    Kathandare nam supiriyatama dila thiyenava bro.
    Thanks .

    Reply
  14. Gathsara Umesh

    හම්මෝ ලිපිය නම් කියන්න දෙයක්ක් නැහැ..දැන් බාල බලන්න හිතෙනවා...රෑටම බානවා..බොහෝම් සතූතියි.......

    Reply
  15. J.C.

    අග කිසි තේරැමක් නෑ .....
    ඊට වඩා ලොකු දෙයක් කරන්න තිබ්බා....

    ලිපිය ටිකක් ඕනවට වැඩි වගේ මචන්...

    Reply
  16. gihan perera

    පට්ට මචන් ලා..... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා... දෙවි පිහිටයි....

    Reply
  17. Measha

    මේක සුපිරියක්.
    බලලා ඉවර වෙලා ඇවිත් කමෙන්ට් කරන්නේ.
    මේ වගේ ෆහද් ගේ ෆිලුම් හා හොද මලයාලම් ෆිල්ම් වලට සබ් කරන්න

    Reply
  18. Anonymous

    thank you bro

    Reply
  19. Rukshan37

    Ela

    Reply
  20. Menaka Kariyawasam

    Thank you machan patta

    Reply
  21. Yasantha.lakshan

    supiri bro

    Reply
  22. Samitha gayan

    අනේ මෙහෙම කරන්න එපා. මේ වගේ කක්ක ෆිල්ම් වලට මේ වගේ අතිශයෝක්තියෙන් රිවිව් දෙන්න එපා මචන්. අපරාදේ බාපු ඩේටා ටික. උබලා සබ් දෙන එකට ගොඩාක් පින්,ගොඩාක් වටිනවා. හැබැයි මෙහෙම බොරු අතිශයෝක්ති යෙන් රිවිව් දෙන්න එපා. පට්ට ෆිල්ම් එකක් කියලා හිතන් බැලුවේ.. මෙලෝම රහක් නෑ මචන්.... දනුයි බලලා ඉවර කලේ,

    Reply
    1. Anonymous

      Uba awilla lankawe paster wandanawe yana ekekda koheda. Film eke aththa pennum kalama ubata ridena eka pudumayak nemei.

      Reply
  23. nipuna widuranga

    ඔයා මලයාලම් ෆිල්ම් රඟපන අය හොඳ කිව්ව සම කරන්න බෑ කියල, නමුත් මම කියනව මොහොන් ලාල් තමයි මලයාලම් රජ්ජුරුවෝ. එයාගෙ ලුසිෆර් ෆිලුමට මේකට කිට්ටු වෙන්න බෑ.

    Reply
    1. Kavinu

      මෝහන්ලාල් සහ මමූති! මේ දෙන්නා තමයි මලයාලම් සිනමාවෙන් මෙතෙක් බිහි කරපු දක්ෂතම සහ ජනප්‍රියතම තරු දෙක...
      දශක ගාණක ඉඳලා තවමත් මලයාලම සින්නක්කරේටම ලියාගෙන ඉන්නේ මේ ඩබල!

      මම මේ කියලා තියන්නේ ඊට පස්සේ පරම්පරාව ගැන. එතනදි ෆහද්ට ගහන්න එකෙක් තවත් නැහැ. අනික ලුසිෆර් සහ ට්‍රාන්ස් කියන්නේ එකට එක කම්පෙයා කරන්න අමාරු ෆිල්ම් ජෝඩුවක්...
      වෙනස් රස දෙකක් තියෙන ෆිල්ම් දෙකක්! කොහොම වුණත් මලයාලමේ රජ්ජුරුවෝ මෝහන්ලාල් කියන එක මාත් අනිවාර්යෙන්ම පිලිගන්න කාරණයක්!!!

      Reply
  24. Anonymous

    Thankx bro

    Reply
  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
    1. Anonymous

      Sub ekakata tnx mchan .. Wasi film nm itn malayalam tamai

      Reply
  26. SangeethRox

    Thank you

    Reply
  27. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  28. Mohomed Irshaad

    හිතුනේ නෑ බාන්න. ඒත් ලිපිය කියෙව්වට පස්සේ බාන්න හිතුනා.
    පැය 3ක ෆිල්ම් එකකට උපසිරැසි දෙනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.
    ස්තූතියි ලොක්කා...

    Reply
    1. HMB1

      Link ekak dennako dawn load karaganna

      Reply
    2. කවිඳු

      baiscope Downloads.co

      Reply
  29. සම්පත්

    ලස්සන වැඩක්.හොද ෆිල්ම් එකක්..ටික කාලෙකින් බලන්න පුලුවන් මලයලම් එකක් අවේ.තැන්ක්ස් සුබ් එකට

    Reply
  30. තරිඳු රසාංග

    නියම ලිපය මලයා.ෆිල්ම් එක බලලා තමයි ලිපය කියවන්න ආවේ.සෑහෙන මහන්සි වෙලා නියම වැඩක් කරලා තියෙනවා.සබත් ඒ වගේම තිබුනා.ඔන්න මයුර අයියට,කවිනු මල්ලිටදෙන්නටම ස්තුතියි කිව්වා! ජයවේවා!!!

    Reply
  31. Anonymous

    ammmo bn lipiya nam lesatama liyala film ekath ehemama ati. mokada me naluwage film patta. sabata tnks mchan.

    Reply
  32. ruchiralakmal

    Thanks for the sub!!!!!!!

    Reply
    1. Asanka sadaruwan

      ගොඩක් මහන්සි වෙලා මේ චිත්‍රපටයේ උපසිරැසිය ලබා දුන්නාට ගොඩක් ස්තුති ......

      Reply
  33. kelum

    thanks

    Reply
    1. Anonymous

      thank u 4 the sub

      Reply
  34. Aloka

    අම්මෝ දැනුයි බලලා ඉවර උනේ. පට්ටම කතාවක්. (y)

    Reply
  35. Jeewantha

    Thamks for the sub..

    Reply
  36. isuru srinath sjs

    මලයා සුපිරි ආ .. ආයෙත් සුපිරියක් ගෙනාවට බොහොම ස්තුතියි .. දෙන්නටම ජය වේවා !!

    Reply
  37. U$3R008

    Amboo bn ube visthara kirilla kiyewwata passe me danma download kra :) Thank You Saho Sub Ekata

    Reply
  38. oshanda

    thanks kollo dennatama....

    Reply
  39. dilan isuru

    machn supiri bn

    Reply
  40. Rameh

    Movie 1ka gena lipiya mechara rasawathnm film 1k kohoma ethda thanks bro

    Reply
  41. Anonymous

    godaak mahansi una neda ekata thuthi

    Reply
  42. Madda

    Thanx 4 sub bro..!!!
    Mek balannama ona film ekak supiri.. aniwaa balanna...

    Reply
  43. K.B.A.SILVA

    good luck brother.....!!!

    Reply
  44. vsisuru

    supiri lipiyak..thmkz gdk
    parisamin inna budusaranai

    Reply
  45. Anonymous

    Thank u

    Reply
  46. D.Chamara

    bohoma sthuthi

    Reply
  47. kavi94

    thank you...

    Reply
  48. Anonymous

    Trance 2020 film aka downlord kranna link akak ewanna puluwanda

    Reply
    1. Kavindu

      Baiscopedownloads.co ekata gihin blapanko

      Reply
  49. Saranga J. Liyanagama

    Thanks

    Reply
  50. Wicki

    සිංහල උපසිරස ට බොහොම ස්කූතියි

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.