”ලබන්නා වූ සිංහල අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා!” 2020 අවුරුද්ද එතරම් සුබ අවුරුද්දක් නොවුනත් අපි මෙහෙම සුබ පතන එක අපි හැමෝගෙම සිරිතක්නෙ. කොහොමහරි මේ කොරෝනා වසංගතය නිසා හැමෝම අවුරුදු දවසේ ගෙවල් වලට වෙලානෙ ඇත්තේ. ඔන්න ඔයාලා වෙනුවෙන් මෙම වසරේ විකාශනය ආරම්භ කරපු ”අපුරු කතාමලාවක්” තමා මේ…

”ලබන්නා වූ සිංහල අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා!”
2020 අවුරුද්ද එතරම් සුබ අවුරුද්දක් නොවුනත් අපි මෙහෙම සුබ පතන එක අපි හැමෝගෙම සිරිතක්නෙ. කොහොමහරි මේ කොරෝනා වසංගතය නිසා හැමෝම අවුරුදු දවසේ ගෙවල් වලට වෙලානෙ ඇත්තේ. ඔන්න ඔයාලා වෙනුවෙන් මෙම වසරේ විකාශනය ආරම්භ කරපු ”අපුරු කතාමලාවක්” තමා මේ රැගෙන එන්නේ. ඇත්තම කිව්වොත් අවුරුදු දවස වෙනුවෙන් ලබාදෙන කතමලාවක්. ඉතිං අද හවස් වෙනකොට උපසිරැස ටික ලැබෙයි. ඔයාලාට පුළුවන් නම් බලන්න කලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා නිර්දේශ කරනවා. මොකද කිව්වොත් අනිවාර්යෙන්ම මෙය හැමෝගෙම සිත් ඇදගන්නා කතාවක් වෙනවා කියලා නොවුනුමානයි. එහෙනම් අපි පොඩි විස්තර කෑල්ලකින් පටන්ගමුකො.
Amazing Stories කියන්නෙ 1985 සිට 1987 දක්වා NBC නාලිකාව මගින් විකාශනය වෙච්ච කතාමාලාවක්. මේක ඇත්තටම කිව්වොත් වෙනස්ම ආකරායෙ කතාවක්. ඔය නමින්ම එක අදහස් වෙනවා. කොහොමහරි මේක නිර්මාණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Steven Spielberg විසින්. හැමෝම වගේ ඒ නම දන්නවා ඇතිනෙ. නොදන්නවා නම් ඔහුගේ චිත්‍රපට කිව්වොත් දැනගනියි. ඒ තමයි E.T. the Extra-Terrestrial l Saving Private Ryan l Jurassic Park l Ready Player One l Catch Me If You Can l War of the Worlds l The Adventures Of Tintin l Jurassic World වැනි චිත්‍රපට. කොහොමහරි තව බොහෝමයක් චිත්‍රපට තියෙනවා. මං මේ කිව්වේ තරමක් හොඳම ටිකක්. හැකි නම් අන්තර්ජාලයෙ හොයල බලල ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො. ඔන්න කොහොමහරි අලුත් ආරම්භ කරපු Apple TV Plus විසින් සඳහන් කළා 1985 දී විකාශනය වෙච්ච කතාමාලාව නැවත කරන බවට. හැබැයි කිසි සඳහන් කරේ ඒ ගැන. පසුව ගිය අවුරුද්දෙ නිල වශයෙන් සඳහන් කළා මෙම වසරේ ආරම්භ කරනවා කියලා. කොහොමහරි කොටස් 5 ක් දැනට ඇවිත් තියෙනවා. එක හුස්මට බලන්න පුළුවන්කම තියෙනවා. ඒවගේම තමයි පළමු සීසන් එක කොටස් 5 ක් තමයි තියෙන්නේ. දෙවැනි කතා සාමය ගැන නම් තාම සඳහනක් නැහැ හැබැයි. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 42% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් මම තව මොකුත්ම කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් පලවෙනි එපියෙන්ම වගේ ඔබට වෙනස්ම අත්දැකීමක් ලබාදෙයි. එහෙනම් සියලුම කොටස් ටිකට අද උපසිරැ ටික ලබාදෙනවා කියන පොරොන්දුව ඇතිව මම කැපෙනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,178 downloadsDownload Amazing-Stories-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
13 comments
Krishan NiShalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට
Kosala
tnx bro
nuwan tharaka sarathchandra
සුපිරි, කවදාහරි සබ් දෙනකම් කියල බලන්නේ නැතුව හියගත්ත. තැන්ක්ස් බ්‍රෝ. ඒ වගේම පුලුවන්ම් කවුරුහරි siren season 2 එකට සබ් දෙන්නකෝ, ඇයි එක මගින් නැවැත්තුවේ ...
Anonymous
thanks bro. 12 monkeys season 4 ekath denna puluwanda bro.antima season eka :-)
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rumesh Asanka
thank you
Sandaru Nimsara
Sub ekata tnx bro
Amila Mudalige
Sub ekata Thanks
Ravindra
Thanks
Advertisement


Thank you Bro ♥
Good Luck !