– දාදු. – දුවේ, දැන් වෙලාව දොලහයිනෙ. ඇයි මෙච්චර වෙලා ඇහැරගෙන? – කවුද කෙනෙක් මගේ කාමරේ ඉඳගෙන අඬනවා. – ආයෙත්? හරි එහෙනම්. යං ගිහිං බලමුකො මොකක්ද කියලා! – මයෙ කාමරේ කවුද කෙනෙක් ඉන්නවා. – නැහැ මයෙ පුතේ, කී පාරක් නම් මං ඔයාට කිව්වද! භූතයෝ කියලා ජාතියක් නෑ. භූතයෝ කියන්නෙ බොරුවක්. – ඉන්නවා! රෑට තමයි එයාලා…

– දාදු.
– දුවේ, දැන් වෙලාව දොලහයිනෙ. ඇයි මෙච්චර වෙලා ඇහැරගෙන?
– කවුද කෙනෙක් මගේ කාමරේ ඉඳගෙන අඬනවා.
– ආයෙත්? හරි එහෙනම්. යං ගිහිං බලමුකො මොකක්ද කියලා!
– මයෙ කාමරේ කවුද කෙනෙක් ඉන්නවා.
– නැහැ මයෙ පුතේ, කී පාරක් නම් මං ඔයාට කිව්වද! භූතයෝ කියලා ජාතියක් නෑ. භූතයෝ කියන්නෙ බොරුවක්.
– ඉන්නවා! රෑට තමයි එයාලා එන්නෙ. ඔයාගෙ කතා වලම එහෙම තියෙනවනෙ.
– අයියෝ පුතේ, ඒවා ඇවිල්ලා කතන්දර. කතන්දර වල තියෙන්නෙ ඇත්ත නෙමෙයිනෙ.
– එතකොට භූතයො කියලා ජාතියක් නැද්ද?
– මං නම් කවදාවත් දැකලා නෑ. ගිහිල්ලම බලමුකො. ඔයාටම බලාගන්න පුලුවනි මුකුත් නෑ කියලා.
(ඔහු සිය මිණිපිරිය සමගින් ඇයගේ කාමරයට ගොස්, කාමරය පරීක්ශා කරයි.)
– මුකුත් නෑ. දැක්කයි? යන්න, දැන් නිදාගන්න. හොඳටෝම රෑ වෙලා! උදේට ඉස්කෝලෙ යන්නත් තියෙන්වනෙ. ගුඩ් නයිට්.
– දාදු.
– ඔව්, පුතේ?
– ඇඳ යට ඉඳන් කවුද අඬනවනෙ!
– නෑ පුතේ, කවුරුවත් නෑනෙ.
– ඉන්නවා! මට ඇහෙනවනෙ!
– අපි දැන් කාමරේ හැමතැනම බැලුවනෙ. කෝ, කවුරුවත් නෑනෙ.
– මට හරිම බයයි!
– මට නම් කවුරුවත් පේන්නත් නෑ, ඇහෙන්නෙත් නෑ!
(මිණිපිරියගේ ඇවටිල්ල මත ඔහු ඇයගේ ඇඳ යටට එබී බලන අතර, සිය මිණිපිරිය ඇඳ යට ගුලිවී සිටිනු දකියි)
– මගේ ඇඳේ කවුද කෙනෙක් ඉන්නවා!
(ඒ තමයි මාධව් මැතිව්ස්ගේ අවසානය.)
ඔන්න එහෙනම් සුපුරුදු විදියට තවත් නෙට්ෆ්ලික්ස් වෙබ් සීරීස් එකකට අත ගැහුවා. මේක මිනි සීරීස් එකක්. කතාංග පහයි අන්තර්ගත වෙන්නෙ. සීරිස් එක රිලීස් වෙලා මාස කීපයක් වුණත්, කතාව බලලා පැත්තකට වෙලා පාඩුවේ හිටියා මිසක් උපසිරැසි කරන්න අදහසක් තිබ්බෙ නෑ. ඔය අතරෙ තමයි මයුරගෙ ඉල්ලීම පිට මේකට අත ගහන්නෙ.
හරි, ඔක්කොටම කලින් පොඩි ප්‍රශ්න කීපයක් අහලා ඉන්නම්. පුළුවන් නම් මේ කවුද කියලා අඳුරගන්න බලන්න.
- ශ්‍රී ලාංකික රූ රැජින, ජැක්ලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් පුරවරයට කැන්ඳාගෙන ආ Aladin (2009) චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා ඔහුයි.
- බොලිවුඩ් සිනමාවෙ දැවැන්තම Mystery, Thriller කතාංගයක් වන Kahaani (2012) සහ Kahaani 2: Durga Rani Singh (2016) සලරූ හි අධ්‍යක්ශකවරයා ඔහුයි.
- ත්‍රාසයෙන් සහ කුතුහලයෙන් ඔබව මුසපත් කලා වූ Badla (2019) සිනමා කෘතියෙහි අධ්‍යක්ශකවරයා ඔහුයි.
- රිතීක් රෝෂන්ගේ Bang Bang! වගේම අමිතාබ් බච්චන්ගේ Te3n පිටුපස සිටියාවූ අදෘශ්‍යමාන හස්තයක් වන්නෙත් ඔහුයි.
ඔහු විශිෂ්ඨයෙක්. සැබවින්ම ඔහු විශ්වකර්මයෙක්. බොලිවුඩය ඒකාලෝක කිරීමට පැමිණි මිණි පහනක්! ඔහු තමයි Sujoy Ghosh. ඇයි මං ඔහු ගැන මෙතන සඳහන් කලේ? මේ කාරණාවම ඇති ඔබට මේ කතා මාළාව නරඹන්න. Sujoy Ghosh තමයි මේ කතා මාළාවෙ අධ්‍යක්ශකවරයා. ඉතිං, ඔබම තීරණය කරන්න බලනවද, නැද්ද කියලා.
තව දෙයක් කියන්නම්. Horror කිව්වම ඔබගෙ මතකයට නැගෙන්නෙ සාම්ප්‍රදායක වට්ටෝරුවක්. කොහෙන් හරි හොල්මනක් පාත්වෙනවා. දෙයියො තමයි දන්නෙ කොහෙන් පාත් වුණාද කියලා. කවුරුහරි යකදුරෙක් එනවා. ඇවිල්ලා හොල්මනගෙන් හැමෝවම බේරගන්නවා. ඊට පස්සෙ හැමෝම සතුටින් ජීවත් වෙනවා. අහනකොටත් අප්පිරියයි. එක දෙයක් කියන්නම්. පලවෙනි කොටස නරඹන්න. උපරිම මෙගාබයිට් 200ක් 300ක් යාවි. ඊට පස්සෙ ඔබම තීරණය කරන්න ඉතුරු කොටස් 4ත් බලන්න තරම් මේ කතා මාලාව වටිනවද කියලා. නෙට්ෆ්ලික්ස් කියන්නෙ ආවට ගියට දෙයක් කරන අය නෙමෙයි කියලා ඔබ හොඳටම දන්නවා ඇති. Sacred Games, Ghoul බැලුවා නම් නෙට්ෆ්ලික්ස්ලගෙ බොලිවුඩ් ආගමනය කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒ වගේම තමයි, මේ කතා මාලාවත් ආරම්භයේ පටන්ම උපරිම කුතුහලයෙන්, ත්‍රාසයෙන්, භීතියෙන්, හොලිවුඩ් ආභාශය සහිතව ගලාගෙන යන්න සලස්වලා තියෙනවා.
අවසානයට, ආයෙත් කියන්නම්, සැකයක් තියෙනවා නම් පලවෙනි කොටස විතරක් අරගෙන බලන්න. ඊට පස්සෙ තීරණය කරන්න ඉදිරියට බලනවද නැද්ද කියලා. මොනම ආකාරයකින් වත් පසුතැවීමක් වෙන්න සිද්ධවෙන එකක් නෑ. එහෙනම්, මේ ගැම්මටම දෙවනි කොටසට ඇඟිලි ගනින්න ගන්න. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,644 downloadsDownload Typewriter-S01E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
35 comments
Crathnayake
Opal Pravishka
Thanks අයියේ..කවුරු හරි ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙනවද...
supun priyanath
woow woow wow
supiri
INDIAN web series ekak denakam balan hitiye..
Thank you broHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුSuranjan
Thanks machan.....jayawewa......!
pamudujayasinha
Sub eka enakan balan hitiye thanks
Naveen Rangana
Thanks for Subtitle..................
Jayawewa..................!!!!!!!!!!!!!!NipunSachinda
thank you for subtitle
සනිඳු ලක්ඛිත
මොන සැකයක්ද සිසිල සහෝ. නෙට්ෆ්ලික්ස් කරලා බයිස්කෝප් සබ් දුන්නා කියන්නේ මටනම් ඒ හොදටම ඇති සීරිස් එකක් බලන්න. හින්දි නෙට්ෆ්ලික්ස් වැඩ සුපිරිම තමා. බොහොම ස්තූති උපසිරසට...ජය වේවා..!
Dushan Tharuka
Thanks bro
Thilankadissanayake
thanks./././././
Ckperera
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Lahiru Kekulandara
sub ekata thanks a
Dasunnirmal
Thanks for sub bro
Lahiru Kekulandara
puluwannam oka iwarawela Smallvill ekata sub eka denna puluwanda
Su
thanks saho sub ekata
prageeth
thanks bro
kosala1980
superb story tnx
Ayesh Prashan
Thank You
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!යුරාන් ධනුක (දනුවා)
ඔයා කියනවනම් ඉතිං අනිවා බලනවා
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ !!!Pramukmili
thanxx bro......
roshanst
thanks saho sub ekatawoow woow wow
supiri
INDIAN web series ekak denakam balan hitiye..
Thank you bro
superb story tnx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sub eka enakan balan hitiye thanksKalana Ganganath
ඔයා කියනවනම් ඉතින් ෙමේක සුපිරියි තමා.. ස්තුතියි සහෝදරයා.. ජය...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo
melinda
thank you
nishannw
Thank u
sampath n perera
thanks
harris
Thanks bro sub ekata
Sahan
thanks a lot saho sub ekata
Ravindra
Thanks
Advertisement
![Typewriter S01E01 Sinhala Subtitles | බිහිසුණු අභිරහසක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/TypeWriter-2.jpg)



Thank you..