විනෝදයට වගේ පටන් ගත්ත වැඩේ අද එක සංධිස්ථානයකට ලඟා වෙලා නොදැනුවත්වම. එහෙම කියන්නේ පසුගිය අවුරුද්දේ අවසන් මාසයේ 29 දින ආරම්භ කරපු මේ උපසිරැසි යෙදීම අද වෙනකොට එහෙමත් නැතිනම් මාස හතරක් වගේ කාලයකින් 50 වෙනි කඩ ඉම පහු කරන්න තරම් දුරකට ඇවිත් නිසයි. එදා පුංචි ලැනී කරපු වීරක්‍රියාව නිසා පස්සේ බල්ලො මරලා හරි…
විනෝදයට වගේ පටන් ගත්ත වැඩේ අද එක සංධිස්ථානයකට ලඟා වෙලා නොදැනුවත්වම. එහෙම කියන්නේ පසුගිය අවුරුද්දේ අවසන් මාසයේ 29 දින ආරම්භ කරපු මේ උපසිරැසි යෙදීම අද වෙනකොට එහෙමත් නැතිනම් මාස හතරක් වගේ කාලයකින් 50 වෙනි කඩ ඉම පහු කරන්න තරම් දුරකට ඇවිත් නිසයි.
එදා පුංචි ලැනී කරපු වීරක්‍රියාව නිසා පස්සේ බල්ලො මරලා හරි සල්ලි හොයන් යුධ රාමුවෙන් බලලා ගුවන් ගමනක් යන්න වෙයි කියලා හිතුවේ නැතත්, ගොඩ බහින කොටම ජාන්ගෝ යදම් වලින් මුදවලා හැමෝගෙම හිතේ විශ්වාසයක් ඇති කරන්න මට හැකියාවක් ලැබුනා. එතනින් නතර වෙන්න නොලැබුන මට කල කල දේ පල පල දේ කියලා නිධානයක් හොයන්න යන්න උනා ටැඩ් එක්ක. නිධානය ගොඩ දැම්ම විතරයි “ස්පාටකස්” අරඹපු සටනට සහයක් දෙන්න හිතුවේ ඒක මෙච්චර තරම් දුරක් ඒවි යැයි හිතලා නම් නෙමෙයි, මොකද ඒ වෙනකොටත් සටන ඉවරයක් නැති හින්දයි. එහෙම සටන් වලට උදවු දෙන කොට තමයි “තෝර්” ඇවිත් කිව්වේ එයාටත් සටනක් තියෙනවා ගොඩ දා ගන්න කියලා. මෙහෙම සටන් කරන් යනකොට තමයි පූජකයා ප්‍රශ්නෙකට මැදි වෙලා ඉන්නවා දැන ගත්තේ. ඒ උදව්වත් කරන් ආපහු එනකොට තමයි දැන ගත්තේ දේශප්‍රේමියෝ ටිකක් ඇමෙරිකාව බේරා ගන්න සටනක් කරනවා කියලා. ඒ සටනින් පස්සේ තවත් සටනක් පුංචි ළමයින්ගේ හිතට ඇතුළු උන බියට එරෙහිව. සටන් වලින් හෙම්බත් වෙලා හිටපු මට එන ගමන ඉන්දියාවට ගොඩ බහින්න උනේ මන්දෝලා ගමේ වෙන අසාධාරණේ ගැන අහක නොබලා ඉන්න බැරිම තැනයි. ඒ උදව්වත් කරගෙන එනකොට තමයි දැක්කේ සර්කස් කණ්ඩායමක් ආදරය සොයා ලෝකේ වටේ යනවා කියලා. ඒකෙන් මේකෙන් ඉන්දියාවෙන් එන්න උනේ භූතාගමනය නිසා ඇති උන බය නිසා නම් නෙමෙයි. ඒ වෙනකොටත් හිරෙන් පැනපු දරුණු මිනීමරුවෙකු අල්ලන්න කරපු ලුහුබැඳිමක් නිසයි. එහෙම කියලා සහෝදරත්වය වෙනුවෙන් කරපු රාජාසන තරඟයට ඇතුළු උනේ අපි හැමෝගෙම තිබුන එකමුතුකමම නිසයි. ඒ වෙලාවේ තමයි අහන්න ලැබුනේ අළුයට ගිනි තියාගෙන උන්න ඉන්දියාවේ ප්‍රහාරයක් වෙලා කියලා. ඒ ප්‍රහාරේට යොදාගත්ත ආයුධ ඩා වින්සි කලින් හදපු ආකෘති කියල දැන ගත්තේ ඉතාමත් මෑතකදී. එහෙම වෙලාවක තමයි සිද්ධ උනේ 50 වෙනි පියවර අවසන් නැවතුම නොකරගෙන තවදුරටත් යන්න ඕනේ කියල අදිටන් කර ගත්තේ. මොකද තාම රෝමයේ යුද්ධය ඉවරත් නැහැ. ලුහුබැඳපු මිනීමරුවා අල්ල ගත්තෙත් නැහැ. යන්න යන්න දුර අඩුවෙන පාටක් නම් නැහැ. ඊටත් වඩා හති වැටීමකුත් නැති නිසා තව පුළුවන් තරම් දුර යන්න තමයි හිතන් ඉන්නේ.
අද වෙනකන් පැමිණි ගමන තමයි මම මේ එකින් එක අර ගත්තේ. මේ ගමනට අත් උදවු දුන්න අය අතරින් මම විශේෂයෙන්ම සහ මුලින්ම මතක් කරන්න ඕනේ දෙදෙනෙක් ඉන්නවා. මොකද එයාලගේ කාලය තමයි මම මේ අකුරු කරන්න යොදා ගන්නේ. ඒ තමයි මගේ ආදරණිය බිරිඳත් පුංචි පුතත්. එයාලට වෙන් උන කාලය මට මේ වෙනුවෙන් පරිත්‍යාග කලාට. විදේශගතව ඉන්න ගමන් ඒ රැකියා කටයුතු සහ අනෙක් වැඩ අතරේ මාස 4 අඩු කාලයකින් මේ පියවර තබන්න ලැබුන එකම හයිය ඒ දෙන්නා නිසා. විනෝදාංශයක් කියන්නේ නිදහස් කාලය ගෙවන්න කරන දෙයක් උනත් අවසානයේ විනෝදාංශය වගකීමක් බවට පත් උනා. එහෙම කියලා කිසිම දුකක් නැහැ. මොකද මගේ දැනුමෙන් වෙනත් කවදාවත් අහලා දැකලා පිරිසකට උපකාරයක් වෙලා ඒ අය ලබන සතුටෙන් පුළුවන් මට හිත ඇතුලෙන් අහිංසක සතුටක් විඳින්න. ගුණකථනය එහෙම අවසන් කරන්න බැහැ මොකද හැමෝම විශේෂ නිසා. මේ වගේ දෙයක් කරන්න මුල්ම උපදෙස ලබා ගත්ත රොයිලි අයියා, ඒ වගේම අපි හැමෝටම ඉලක්ක ලබා දෙන තරිඳු (විකියා), කාගේත් දුක් ගන්නාරාළ වගේ ඉඳන් නිහඬ සේවයක් කරන අපේ වාසල අයියා සහ අපේ පුංචි මීටරේ උදා මතක් නොකරමත් බැහැ.
ඒ අතරේ හමු උන අනෙක් සහෝදරයෝ හැමෝමත් එහෙමයි. මොකද මෙතන නිතර දකින නම් සහිත පිරිස එක පවුලක් වගේ වැඩ කරන්නේ කෙනෙකුගෙන් අතපසු වෙන වැඩක් තව පිරිසක් එකතු වෙලා ඉවර කරන්නේ ගොඩ වැඩි කිරීමේ පරමාර්ථයෙන් නම් නොවේ. අනික මෙතන අපි අතරේ තරඟයක් නැහැ. ඒ නිසා අපේ කාටවත් මේ දවස් වල දකින්න ලැබෙනවා වගේ තනතුරු තාන්න මාන්න වලට ඇනකොටා නොගන්න දිය යටින් ගින්දර ගෙනි යන්නේ නැති, එකා වගේ සයිට් එකට ආදරය කරන සහෝදරයෝ පිරිසක් ඉන්නේ, අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලංකාවේ මෙන්ම මම වගේ වෙනත් රටවල ඉන්න සහෝදර ලාංකිකයන් අපි කෙරෙහි තැබූ විශ්වාසය සදහටම රඳවා ගන්නයි. එහෙව් සහෝදර පිරිසක් එක්ක එකතු වෙලා මේ ගමන එන්න ලැබීම එක අතකින් ලොකු වාසනාවක්. මොකද මේ එක කෙනෙක් වත් හැබැහින් දැකලා මිතුරු උන අය නෙමෙයි. අන්තර්ජාලය තුල ගොඩ නැගුනු සහෝදර කමක් මත තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. හැම දෙයක්ම මුදල්වෙන මේ ලෝකයේ මිලක් නැතුව කරන මේ වැඩෙන් ඒ හැමෝගෙම ජිවිත යහපත් වෙන්න කියලත් මම ප්‍රර්ථනා කරනවා. ඒ වගේම තමයි මගේ උපසිරැසි බලා ඉන්න හැම මිතුරෙකුටත් මිතුරියකටත් ස්තුති වන්ත වෙනවා, මොකද ඔයාල මම කරපු දේ අරගෙන ඒ ගැන විශ්වාසයක් තියලා නැවත නැවත ඒ දේ ඉල්ලලා කරන සහ ඒ වෙනුවෙන් දෙන අගය කිරීම් සහිත කොමෙන්ටු තමයි අපේ ධෛර්ය වෙන්නේ ඊළඟ උපසිරසට. හැමෝම හිතනවානම් අපි කොමෙන්ට් වලට මේවා කරනවා කියලා ඒක එහෙම හිතන්න එපා. මොකද මේ නොමිලේ කරන දේට යම් ඇගයීමක් ලැබුනොත් තමා අපිට දහිරියක් ඇති වෙන්නේ තවත් පියවරකට. ඒක අහිංසක ඉල්ලීමක් හැමෝම වගේ කරන. එහෙනම් හැමෝටම කෘතඥතාවය පල කරන අතරතුර මගේ උපසිරසක් සම්බන්ධව යම් හෝ ගැටළුවක් ඇතිනම් මේ මුහුණු පොතේ පිටුවට යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින ගමන් මම අද චිත්‍රපටය දෙසට හැරෙන්නම්.
මෙන්න මේකයි වෙන්නේ ඇමෙරිකාවේ තියෙනවනේ ඇරිසෝනා කියලා ප්‍රාන්තයක්. එකේ කෙරවලේ තියෙනවා සමර්ටන් කියලා ගමක් මෙක්සිකානු දේශ සීමාවට ලංවෙලා. මේ ගමේ ඉන්නේ ටිකක් පරණ මිනිස්සු නගරෙන් ඈත් වෙලා නිදහස අගය කරන පිරිසක්. ඉතින් නගරේ ඉන්නවා ෂෙරිෆ් කෙනෙක් සහ ගෝලයෝ තුන් දෙනෙක්. ඒ කිව්වේ අපේ ආරච්චිලා වගේ ගමේ සාමය ආරක්ෂා කරන්න ඉන්න ඒ ගමේ පොලිසිය තමයි මෙයාල. ප්‍රධාන චරිතය වන ෂෙරිෆ් තමයි හැට පැන්නත් වීරයා වීරයමයි කියල ඔප්පු කරන ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් නගරාධිපති තුමා. ඉතින් මේ අතරේ මේ නගරයට යම් පිරිසක් එනවා දවසක, එදා මේ ෂෙරිෆ් මහත්තයාගේ නිවාඩු දවස. මේ මිනිස්සු ටිකක් අමුතුයි. එත් එක්කම ඇමෙරිකානු FBI එකෙන් දරුණු අපරාධ ලෝකේ රජෙක් වන මෙක්සිකානු සිරකරුවෙක් ඉතාම රහසිගත ලෙස මාරු කරවන්න හදනවා. ඉතින් අවසානයේ මේ සිරකරුවා ඉතාමත් සූක්ෂම ලෙස හිරෙන් පනිනවා අතරමගදී. මෙයා විශේෂ දක්ෂතා තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ රථ ධාවකයෙක්. එතනදී තමයි ඔන්න වැඩේ පටන් ගන්නේ. කලින් ගොඩක් කිව්ව් නිසා අද මොකුත් කියන්නේ නැහැ. ඔන්න එහෙනම් බලන්නම වෙනවා කවුද මේ සිරකරුවා මොකටද සමර්ටන් වලට අර මිනිස්සු ආවේ? අපේ ෂෙරිෆ් මහත්තයා මොනවා කරයිද සමර්ටන් වල සාමය ආරක්ෂා කරන්න? මේ ප්‍රශ්න ඉතුරු කරන්නේ ඔයාලගේ කුතුහලයට.
පසුගිය ජනවාරි 23 තිරගත් කිරීම් ආරම්භ කල් මේ කතාව IMDb දර්ශකයේ ලකුණු 6.9ක් අරගත් ක්‍රියාදාම සාගරයකින් යුතු කතාවක්. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jee Woon Kim විසින්. රංගන දායකත්වය Arnold Schwarzenegger, Forest Whitaker, Peter Stormare වගේ දක්ෂ නළුවන්ගෙන්.
මම නම් කියන්නේ නැහැ ඔන්න මම 100% පරිපූර්ණයි කියලා. එත් මම මේ වැඩේ කරන්න අරන් මේ මොහොත වෙනකන්ම ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයේ හොයා ගන්න ලැබුනේ නැහැ. හැබැයි වෙන භාෂා වල ඒවා තිබ්බා. ඔයාල හොඳටම දන්නවා වෙන භාෂාවක දෙයක් ගූගල් මගින් පරිවර්තනය කලාම එකෙන් එන්නේ කතාවේ දෙබස් වලට ගැලපෙන සහ අරුතට ගැලපෙන විදිහෙන් 30% හෝ ඊටත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා මම මේ හැම දෙබසක්ම අහලා ඔයාල හැමෝටම කතාව තේරුම් ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරලා ඉවර උනේ අද උදේ 4 ට විතර. මොකද මම අර වචන අඩු ගූගල් පරිවර්තනය ඔයාලට සිංහලට දුන්න නම් ඔයාල මේ කතාව නෙමෙයි වෙන කතාවක් තමයි තෙරුම් ගන්න ඕනේ. මම පෙරේදා ඉඳන් බලන් හිටියා ඉංග්‍රීසි උපසිරසක් නිකුත් වේවි කියලා. කොහොද මගේම වෙලාවද කොහෙද එහෙම උනේ නැහැ. ඉතින් ඊයේ රෑ පටන් ගත්ත මෙහෙයුම උදේ අවසන් කලේ තනිවම හොඳේ ;).
තව දෙයක් මේ කතාවේ පටන් ගන්නකොටම කාර් එකක් යනවා පැයට කිලෝමීටර් 197 ක වේගෙන්, 317ක වේගෙන නෙමේ කියලා හැමෝටම දකින්න ලැබේවි. මොකද මේවා තමා ගූගල් පරිවර්ථන දෝෂ. අනිත් එක මේකේ පෙන්වනවා විශේෂිත රථයක්, ඒක නමින් Corvette ZR1. සීරෝ වන් කියන එක තමයි ZR1 මගින් පෙන්වන්නේ. අනිත් දේ තමයි ගූගල් පරිවර්තනය කරන උපසිරසේ තිබුන ලයින් ගාන 933ක් ඒ වෙනත් බාශාවකින් තිබුන නිසාත් සමහර ලයින් මඟ හැරි තිබුන නිසාත්. එත් මම මේක සවන් දීමෙන් කල නිසා මට මඟ හැරුණු ලයින් 130 කට වඩා හොයා ගන්න ලැබුනා. මොකද කරන දේ හරියට කරලා සතුටක් ලබන ඒක මගේ පුරුද්ද නිසා. සමර විට වචන අඩුවෙන් බලන්න දුන්නා නම් වෙන්නේ ඔයාලව නොමඟ යැවීමක්. එහෙනම් මෙතරම් දුරක් එන්න අපේ වෙබ් අඩවිය සහ මම එක්ක අත් වැල් බැඳ ගත් සහෝදර ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි වගේම මගේ කෘතඥතාවය පල කරන්නත් අවස්තාවක් කර ගන්නවා. එහෙනම් හැමදාම කියනවා වගේ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ 51 ළඟ ලඟම එනවා කියන පොරොන්දුවත් සමඟම.
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
9,237 downloadsDownload The.Last_.Stand_.2013.zip141 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
214 comments
Uvindu sathsara
lasidu
පට්ට මචං මගේ උණුසුම් සුභ පැතුම්!!!
ositha
patta pattatattata machan all the best
jeewantha
wish u all the best !!!! gr8
Nivandaka
patta saho patta!
oyata jayen jayaUvindu sathsara
මම දන්නෙම නැතුව පලවෙනියා වෙලා, දිගටම මේ වගේ සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා
දීනු
මුලින්ම කියන්න ඕනේ 50 වැනි උපසිරැසියට මගේ උණුසුම් සුභ පැතුම් කියලා.
මුලින් දුන්නු ෆිලිම් වල නම් ටික දාලා ලියලා තියෙන කතන්දරේ නම් පට්ටයි මචෝ. 50 වැනි සබ් එකට වඩා මම දකින්නේ උඔට තියෙන අන්න ඒ පට්ට හැකියාව. ස්තුතියි මචෝ මේ කරපු වැඩේට. මහන්සි වෙලා කරලා පොර ටෝක් නොදී කරපු සේවයට නැවතත් සිතුතියි බන්. මොකද සමහර පොරවල් ඉන්නවා දන්න මගුලකුත් නෑ වැඩෙත් බාගෙට කරලා ලෝකේ වටේම පොර ටෝක් දෙන පොරවල්. උඹ ඒ වගේ කෙනෙක් නොවෙන බව නම් මේ සයිට් එකේ ඉන්න සහෝදරවරු දන්නවා. ඉක්මනට මට උඹේ 100 වැනි සබ් එකත් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සමාජිකයන් දෙන්නාටත් මගේ ස්තුතිය පිරිනමනවා මේ දෙන සහයෝගයට.
ජය වේවා ... !
Ashan ravihansa
ammata siri pattama patta hasantha aiyath on 50 kaduva dan 100 veni kaimath ikamatama jayaganna labeve kiyala parathana karanava .........sub ekata bohoma thankz.
danuka
maxxxaaa
මාදම්පේ කාල්
(y) (y)
සිංහලයා
ලොවෙත් නෑ පට්ට පට්ට ආයේ කියන්න දෙයක් නෑ උබලා සබ් තමා පට්ට
kasun
Wish you all the best hasantha.
Ikmanina 100weni film 1tath sub denna labewa...චරිත පොල්ගස්දෙණිය
ඔන්න අපේ සබ්ටයිටල් මැෂිම සිය අර්ධ ශතකය වාර්තාකරන්නේ අද
මම හිතන්නේ මේක බයිස්කෝප් සයිට් එකෙත් වාර්තාවක් වෙන්නැති :)
පනස් වෙනි උපසිරැසියට සුභ පතනවා හසන්ත අය්යා....
තව මාස දෙකකින් ශතකය වාර්තා කරන්න කියලා ඉල්ලා සිටිනවා :D
කොහොමත් අපේ හසන්ත අය්යා මොන වැඩ රාජකාරි අස්සේ වුනත්
අපේ වින්දනය උදෙසා සිය කාලය කැප කිරීම ඉතා ඉහලින් අගය කරන්න ඕනි
අපෙන් ඈත දුර රටක හිටියත් නිතරම දහසක් වැඩ රාජකාරි මැද්දේ
අපිට උපසිරැසි ලබාදීමට කරන මෙහෙයට,
෴ දහස්වතාවක් ස්තූතියි෴
~ජයවේවා බයිස්කෝප්~උදාර
සබ් දාන සෙට් එකේ හොදම බුවෙක් තමා හසන්ත ලොකු කම් උඩගු කම් නැති.ලොකු ටෝක් දාන උන්ගේ සබ් බැලුවහම 100% ගුනේ හොදටම පේනවා නේ...හික්ස් ...
මගේ සුභ පැතුම් බොක්කෙන්ම-HacKrisH-
හසන්ත වික්‍රමරත්නට තවත් වැඩි වැඩියෙන් සබ් දැමීමට ශක්තිය ලැබේවා...
Kasun
katta kagena karana wade gana godak agaya karanawa..thnx
නෙරා
අම්මේ... 50 ගහලා නේ!! සුබ පැතුම් හසී!! පරක්කු වුණා ටිකක්... රොයිලි අයියාව බලලා එන්ඩ ගියා... :D
uda
ඇති යන්තම් තව ඩිංගෙන් එදා මගේ කටවැරදිලා ඕහ්... වැරදුණානේ... :P අතවැරදිලා වෙච්චි වැඩෙන් මම අපත වැඩක් කළා වෙන්ඩ ඉඩ තිබ්බා. දැන් යන්තම් හිතට හෑල්ලුයි; මේක සිහිවටනයක්, අනුස්මරණයක් බවට පත් වුණ එක ගැන!
සයිට් එකේ වැඩ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන කෙනෙක් බව කවුරුත් දන්නා නිසා මම අමුතුවෙන් මොකුත් කියන්ඩ යන්නෙ නෑ මේ පාර... මොකද ඒකත් නරකට හිටින්ඩත් බැරි නෑ, මේකත් එපාවෙන්ඩ ගියා වගේ ඉස්සරහටත් කරන ඒවා එපා වුණොත් මා හින්දා ඉදලා ඕන්නෑ :(
ඒ නිසා අනික් අයට කිව යුතු දේවල් කියන්ඩ ඇරලා මම සුබ පතලා නිකං ඉන්නවා මේ වාරේ. ජයෙන් ජයම වේවා සහෝ. දිගටම මේ විදිහට මේ වටිනා වැඩේ වටිනාකම වැඩිවෙන විදිහට කරගෙන යමු. වටිනවා සහෝ...
හසාත් 50යි එහෙනම් :) හරිම සන්තෝෂයි අහන්ඩත්. බොහොම කෙටි කාලෙකින් දහසකුත් වැඩ අස්සේ, පවුලේ වෙලාවත් අපි වෙනුවෙන් කැප කළේ සබ් දෙන්ඩ. ඒක නිසා යහළුවනේ ඔයාලගේ අදහස් එක්කරලා යන්ඩ වෙනදා වගේ නැතුව! මොකද අද වෙනදා වගේ නැති දවසක් :D
එහෙමනම් හසෝ කළ කැපවීම්වලට බොහොම තුති, මොනවා වුණත් පවුලට මුල් තැන දෙනවානම් තමයි මම සතුටු! ව්ඇරැද්දක් වුණානම් සමාවෙයන්! ජය!
shann
බොහෝ පින් මචං
rusuru | රුසිරු
බයිස්කෝප් එක කවදත් හරියට කරපු දේ කල සයිට් එකක්.බාගේ වැඩ නොකර දෙන්නම්වාලේ නොදුන්න.මේකත් ඒ වගේ වැඩක් බව අපි දන්නවා.ජයම වේවා!
ishan
thanks machan
chami
thnxxxxxxxxxxxxxxxxx
ccnp
Thanks
h[A]s
ලොවෙත් නෑ මචං උබ නම් සිරා පොරක් උබලා සබ් දෙන්නේ නියම විදියට හරියට බලන අපිට තේරෙනවා :)
wow
wow,,, maru :D
Amil
හසන්ත අයියේ... ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා.. අපගේ රසවින්දනය සදහා සිංහල සබ් දෙන්න ඔයා ඇතුලු බයිස්කෝප් අඩවියේ සහෝදරවරු කොයිතරම් වෙහෙසෙනවද කියලා. ඔයා තමන්ගේ දරුපවුල වෙනුවෙන් වෙන් කරන්න ඕන කාලයෙන් ටිකක් නෙවි ගොඩාක් ම අපි වෙනුවෙන් වෙන් කිරිම ගැන ඇත්තටම මම මගේ හදවතින්ම ඔයාලට ගොඩාක් ස්තුති වෙනවා.... ඔබට මේ කරන දෙය දිගටම කරගෙන යන්න යෝධබල..යෝධ ශක්තිය ලැබෙන්න ඔනි..
"ලෝකය මෙතරම් සොදුරු වන්නේ ඔබවැනි අන් අයකෙරෙහි දයානුකම්පාව දක්වන මිනිසුන් සිටින නිසාය"
pubudu
pattama lipiya machan
mage suba pathumyasas
thanks bro,, u tawe tawat baiscope ekka hambe wenda one
අබා
ඔයා අපි වෙනුවෙන් කරන කැපවීමට දහස් වාරයක් ස්තූතියි සහෝ....මගෙ සුභ පැතුම්..෴෴෴
mihin ලංකා
බයිස්කෝප් එක කවදත් පඩ ෂෝ දාපු නැති පොර ටෝක් නැති සයිට් එකක්.එදා ඉදන් උබලා මේක කරන්නේ ඒ නිසයි. අනිවා පොර ටෝක් දාලා දෙන සබ් මෙලෝ රහක් නැති බව අපි නොදන්නවය.හික්ස්..
සබ් 100 ක් ඊගාවට ඔන්න
ජයම වේවා,.....
quik
thanks
kalinga
සබ් නම් බයිස්කෝප් අපිට කවදත්,....
මගෙත් උණුසුම් සුභ පැතුම්!!jack
නියමයි මචන් ආපු ගමන්ම මේකට සබ් දීපු එකට ගොඩක් ස්තුතියි
50ට සුබ පතනවාchamath cafe
ජයම වේවා සහෝට අනිවා මේක එනකම් උන්නේ..ලිපිය වගේම ෆිල්ම් එකත් පට්ට ඇති අනිවා.කරන වැඩේ හරියට කරන්න ඕනේ එකට මේ නිදර්ශන,..
ජය
vee
50 ta 100 danna labeywa...thnxxxxxxxxxxxx
geeth
patta hode
zumo man
elazzzz thnxzzzz
සමීර කරුණාරත්න
මම බයිස්කෝප් අඩවියට උපසිරැස දෙන්න ගත්තේ බොහොම මෑතකදි, ඒ වෙනකොටත් හසන්ත අයිය මේකෙ රජෙක්, මැෂිමක් වගේ හරියට සබ් දෙන්නෙ. නමුත් මුහුණු පොතේ අපි අදුන ගත්තෙ බොහොම අහිංසක, හැමෝටම උදව් කරන හෘදයාන්ගම මිතුරෙක්... ජීවිතයේ කිසි දිනක නොදුටු මිනිසුන් වෙනුවෙන් මේ වගේ තමන්ගේ කාලය දුරු රටක සිට කැප කරන ඔබටත්, අපි වෙනුවෙන් මේ කාලය වෙන් කරන්න ඉඩ දෙන, ඔබට සහය වන ඔබේ පුංචි පවුලටත්, මගේ හද පිරි ස්තුතියි පුද කරනවා....!
සදා ජය පතනවා අයියේ ඔබට....!
ඔබේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!
෴චිරං ජයතු෴nila
thax bro
dev
niyamai niyamai saho...
bohoma stuti me katawa sub ekkama dunnata.
50 upasirasata suba patanawa.
me wage tawa tawat sub denna diriya shaktiya lebewa... .sujeewa
දහස් වාරයක් ස්තූතියි සහෝ….මගෙ සුභ පැතුම්..෴෴෴
කැළුම්
100% කියන දේ වෙන්න කොච්චර දේවල් ඕනෙද..
ඇන , ඇණ / වල , වළ
මේ වචන දෙක මාරු උනත් තේරුම සම්පුර්න වෙනස් එක ඉස්පිල්ලක් පා පිල්ලක් අඩු උනොත් 100% හොද වෙන්නේ කොහොමද..එහෙම ඔය කියන 100% හොද ඒවායේ තියෙන වැරදි ගණන් කලොත් ,,හික්ස් දුකේ බෑ... :(
ඉතින් බොරු වැඩ ඕනේ නෑ මිනිස්සු රවට්ටන්න,බයිස්කෝප් එකේ බොරු බයිලා නෑ.වැඩ විතරයි ජයම වේවා උබලා සෙට් එකට.
තවත් සබ් දාන්න අපේ කොල්ලන්ට ලැබේවා!f_live
පට්ට වැඩක් මචෝ
Dhanu
film ekata kalin thiyen article ekanam maru........film ekath e wage athi ne?
we salute you Mr Hasantha!මැක්ස්
නියමයි සහෝ...සුභ පැතුම්..! :)
tharindu
onna apenuth unusum suba pathum
Manoj Lakmal
නියමයි මචෝ,50 වෙනි උපසිරසයට අපෙනුත් ඔන්න සුබපැතුම්.ඉදිරියටත් මේ වැඩේ මේ විදියටම කරගෙන යන්න කියල ඉල්ලනවා.මේකත් පට්ට ෆිල්ම් එකක් වගේ.එහෙනම් ඉස්සරහට එන අලුත් ෆිල්ම්ස් පුළුවන් ඉක්මනින් දෙන්ඩ ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා.
kapila
ela macho
jana
supiriiiiiii saho oyage sub kohomath patta
wall e
බොහොම පින් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
Advertisement

thank u mate