Watch Trailer

Satyameva Jayate (2018) Sinhala Subtitles | අග්නියෙන් උපන් අයුක්ති ධර්මයේ මාරයා! [සිංහල උපසිරැසි සමඟ]

කරදරයක් වුනාම මුලින්ම කාවද මතක් වෙන්නේ? කරදරයක් නම් මුලින්ම කොහාටද මිනිස්සු දුවගෙන යන්නේ? කරදරයකදී පිහිටක් ලැබේවි කියලා මිනිස්සු විශ්වාසය තියාගෙන ඉන්නේ කවුරු ගැනද? පොලීසිය! දෙවියන් ඉදිරියේ මා දිවුරා පොරොන්දු වෙනවා… මා සෑම විටම සත්‍ය කතා කරන බවටත්, මා නිර්භීත වන බවටත්… සෑම විටකම ධාර්මික මාර්ගය තෝරාග…

කරදරයක් වුනාම මුලින්ම කාවද මතක් වෙන්නේ? කරදරයක් නම් මුලින්ම කොහාටද මිනිස්සු දුවගෙන යන්නේ? කරදරයකදී පිහිටක් ලැබේවි කියලා මිනිස්සු විශ්වාසය තියාගෙන ඉන්නේ කවුරු ගැනද? පොලීසිය!

දෙවියන් ඉදිරියේ මා දිවුරා පොරොන්දු වෙනවා…
මා සෑම විටම සත්‍ය කතා කරන බවටත්,
මා නිර්භීත වන බවටත්…
සෑම විටකම ධාර්මික මාර්ගය තෝරාගන්නා බවටත්…
දේශයේ ජනතාව ආරක්ෂා කරන බවටත්…
මා විසින් පොලිස් දෙපාර්තුමේන්තුවට සහ
එහි නිලධාරීන්ට ගරු කරන බවටත්…
සෑම විටකම ඔවුන්ගේ නියෝග පිළිපදින බවටත්…!!!

මෙහෙම තමයි නිල ඇඳුම ඇඳගන්න පොලිස් නිලධාරියෙක් සිය රාජකාරියේ දිවුරුම් දෙන්නේ. රටක ජනතාව ආරක්ෂා කරන්නා වූ මුරදේවතාවන් සිය වගකීම් කොටස අකුරටම ඉටුකළ යුතුයි. නමුත්, ඔවුන් සිය වගකීම් කොටස පැහැරහරින්නේ නම්…? සිය වගකීම වන ජනතාව ආරක්ෂා කිරීම පසෙකලා ජනතාව තලා පෙලා ඔවුන් පීඩාවට පත් කරන්නේ නම්…? සිය රාජකාරිය හරියාකාරව ඉටු කරන්නා වූ අවංක නිලධාරියෙක්ට හෝ එය කරගෙන යෑමට ඉඩ නොදෙන්නේ නම්… රටක පුරවැසියන් හට කුමන අන්දමේ කළදසාවක් ලබාවිද…?

නීතිය බල්ලට ගිය කාල වකවානුවක්… එළිපිට අල්ලස්, මැරකම්, තාඩන, පීඩන, දූෂණ, අකටයුතුකම් සිදුවන කලියුගයක්! මෝහයෙන් මුලාවූ දූෂිත පොලිස් නිලධාරීන් විසින් සමාජය දිනෙන් දින ඝනාන්ධකාරය වෙත රැගෙන යන්නා වූ බිහිසුණු යුගයක්! කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණව සිටි ජනතාව ඉන් මුදවාගැනීම පිණිස මිහිපිට බට ආරක්ෂකයෙක්! කවුද මේ ආරක්ෂකයා?

ගිනිකූරක් පත්තු කළාම…
ඒ ගිණි දැල්ල කොච්චර අහංකාරකමෙන් දැල්වෙනවද!
මොකද, ඒකට මුළු ලෝකෙම…
අළු කරලා දාන්න පුළුවන් නිසා.
ටිකෙන් ටික,
ඒක තමන්ගේ වටිනාකම දැනගන්නවා.
හෙලවී හෙලවී දැල්වෙනවා,
මොකද තමන්වම ඇවිලේවී කියලා තියෙන බය නිසා.
අන්තිමේදී, අවසානයට දීප්තිමත්ව දැල්විලා ගිහිං…
අළු බවට පත්වෙනවා!

එකපිට එක සිදුවෙන්නා වූ අභිරහස් පොලිස් නිලධාරීන් පැහැරගෙන යෑම් සමුදායක්… එක පිට එක සිදුවන්නා වූ අතිශය අමානුෂික අන්දමින් දූෂිත පොලිස් නිලධාරීන් පණ පිටින් පුළුස්සා මරා දැමීම් සමුදායක්… මෙතෙක් කාලයක් පුරාවට සිතු පැතු අන්දමින් ජනතාව තලා පෙලා දැමූ දූෂිත පොලිස් නිලධාරීන් සිය වස්ත්‍රයේ මළ-මුත්‍රා පහකර ගන්නවා! අන්ධකාරය කරා ඇදෙමින් තිබු සමාජයක් ආලෝකය කරා රැගෙන යෑමට පහලවූ මේ අබිරහස් ආරක්ෂකයා කවුරුන්ද? මේ ඝාතන රැල්ල වැලැක්වීම සඳහා පොලිස් දෙපාර්තුමේන්තුව විසින් අනුයුක්ත කරන ලද පොලිස් සේවයේ අති විශිෂ්ඨයා හට සිය අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබේවිද? මේ සියලු කරුණු කාරණා පසුපස ඇති අතිශය සෝචනීය අබිරහස් කතා පුවත කුමක්ද? සියල්ල ඔබට බාරයි!

2018 අගෝස්තු 25 වෙනිදා. සුවහස් සංඛ්‍යාත බොලිවුඩ් ප්‍රේක්ෂකයාගේම ඇස යොමුවෙලා තිබුනේ ඉන්දීය අර්ධද්වීපය දිහාවට. මොකද, එදා තමයි අති දැවැන්ත ගැටුමක් ආරම්භ වෙන්න දින නියම වෙලා තිබුණු දවස. නිකන්ම නිකං සාමාන්‍ය ගැටුමක් නම් නෙමෙයි. බොලිවුඩ් පුරවරයේ නම රැන්දූ සුප්‍රකට තාරකා දෙකක්, එකම දවසක, තම තමන්ගේ සිනමා නිර්මාණ දෙකක් වෙනුවෙන් එකිනෙනා ඝට්ටනය වෙනවා දකින්න තමයි මුළු බොලිවුඩ් පුරවරයම නොඉවසිල්ලෙන් පසුවුණේ. ජෝන් ඒබ්‍රහම්ට එදිරිව අක්ෂේ කුමාර්! මේ තමයි 2018 වර්ෂයේ බොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා ඝට්ටනය. එක් පසෙකින් සිටිනවා, ඉන්දියානු රුපියල් කෝටි 45ක සමස්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරමින්, ජෝන් ඒබ්‍රහම් සමගින් මනෝජ් බජ්පායි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නා වූ Satyameva Jayate නම් වූ ක්‍රියාදාම චිත්‍රපටය. අනිත් පසින් සිටිනවා, ඉන්දියානු රුපියල් කෝටි 75කට ආසන්න නිෂ්පාදන පිරිවැයක් දරමින්, අක්ෂේ කුමාර් ප්‍රධාන රංගන දායකත්වය සපයන්නා වූ ක්‍රීඩා සහ ඉතිහාස කතා ඝනයට අයත් වන්නා වූ Gold චිත්‍රපටය. මේ උණුසුම් තරඟයෙන් කවුද ජයග්‍රහණය කරන්නේ? ජෝන් ඒබ්‍රහම්ද? නැත්නම් අක්ෂේ කුමාර්ද?

තිරගතවීම ආරම්භ වූ පළමු දිනයේ පටන්ම, සිනමාලෝලීන් බලාපොරොත්තු වුවාවත් වඩා බොහොම උණුසුම්කාරී තත්වයකින් තරඟය ගලාගෙන ගියා. ජෝන් ඒබ්‍රහම්ගේ සහ අක්ෂේ කුමාරගේ සිනමා රසිකයන්ගේ උණුසුම්කාරී වචන හුවමාරු වලින් සමාජ ජාලා තව තවත් උණුසුම්කාරී වුණා. සිනමා විචාරකයෝ එක එක විදියේ අදහස් පළකරා. කට්ටියක් කිව්වා ජෝන් එබ්‍රහම්ගේ ෆිල්ම් එක තමයි හොඳම කියලා. තවත් සමහරු කිව්වා, නැහැ! අක්ෂේ කුමාරගේ ෆිල්ම් එක තමයි හොඳම කියලා. මේ වෙද්දී කවුද ජයග්‍රාහකයා, කවුද පරාජිතයා කියලා තීරණය වෙලා ඉවරයි. ජෝන් එබ්‍රහම්ගේ Satyameva Jayate චිත්‍රපටය “බ්ලොක්බස්ටර්” කාණ්ඩයට වැටෙද්දී, අක්ෂේ කුමාරගේ Gold චිත්‍රපටයට සිද්ධවුණා “Super Hit” කාණ්ඩයෙන් සෑහීමකට පත්වෙන්න. ඔව්, සියළුම කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව, ජයග්‍රාහකයා වුනේ ජෝන් එබ්‍රහම්ගේ Satyameva Jayate චිත්‍රපටය.

මොනවද මේ මනුස්සයා මේ කියවන්නේ?
බලන්නකෝ Gold එකේ රේටින් දිහා. හතයි දශම ගාණක් තියෙනවා.
Satyameva Jayate එකට හයයි දශම ගාණයි තියෙන්නේ.
Gold ෆිල්ම් එක කෝටි එකසිය හැට ගාණක් හොයද්දි, Satyameva Jayate හෙව්වේ කෝටි 107යි.
ඉතිං, එහෙව් එකේ Gold එක නිකන්ම නිකන් “සුපර් හිට්” එකක් විතරක් වෙලා, Satyameva Jayate “බ්ලොක්බස්ටර්” එකක් වෙන්නේ කොහොමද?
පිස්සු හැදිලා කියවනවද කොහේ!

සැකයක් නැහැ, සංඛ්‍යා ලේඛණ උඩින් පල්ලෙන් බලලා, Gold ෆිල්ම් එක තමයි තරඟය දිනුවේ කියලා හිතාගෙන ඉඳපු අය මෙහෙම හිතනවා ඇති. පොඩ්ඩක් ඉන්න. හැමදෙයක්ම පැහැදිලි කරන්නම්.

Satyameva Jayate නිෂ්පාදනය වෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 40ක මුදලකින්. ප්‍රචාරණ වියදම වෙන්නේ කෝටි 10ක මුදලක්. එතකොට සමස්ත වියදම වෙන්නේ කෝටි 50යි. ඒ වගේම, බෙදාහැරීමේ අයිතිය ලැබෙන්නෙ කෝටි 25ක මුදලකට. ඒත්, Gold චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 75 කට අධික මුදලකින්. ප්‍රචාරණ වියදම වෙන්නේ කෝටි 15ක මුදලක්. ඒ වගේම, බෙදාහැරීමේ අයිතිය ලැබෙන්නෙ කෝටි 60ක මුදලකට. චිත්‍රපට දෙකේම බෙදාහැරීමේ අයිතීන් එක්ක ගත්තාම, බ්ලොක්බස්ටර් කාණ්ඩයට වැටෙන්න නම් Satyameva Jayate චිත්‍රපටයට ඕනේ වුනේ කෝටි 100 ඉක්මවා යන්න විතරයි. ඒත්, Gold චිත්‍රපටයට සිද්ධවුණා අවම වශයෙන් කෝටි 180 ඉක්මවා යන්න. ඔන්න ඔය විදියට තමයි Satyameva Jayate බ්ලොක්බස්ටර් එකක් වුනෙත්, Gold චිත්‍රපටයට සුපර් හිට් කාණ්ඩයෙන් සෑහීමකට පත්වෙන්න සිද්ධවුණෙත්.

දැන් මං කියන්නම් Gold චිත්‍රපටයට සාපේක්ෂව ඇයි Satyameva Jayate චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම් මුදල අඩු වුනේ කියලා. Gold චිත්‍රපටය ගත්තොත් සිනමා ශාලා 3600 කට ආසන්න අති විශාල සිනමා ශාලා ප්‍රමාණයක තිරගත වුණා. ඒත්, Satyameva Jayate තිරගත වුනේ සිනමා ශාලා 2500 ක් වගේ ප්‍රමාණයක විතරයි. වැඩිය ඕනේ නැහැ, දන්න තරමින් Satyameva Jayate චිත්‍රපටය ලංකාවට වත් ගෙන්නුවේ නැහැ. ඒ වගේම, Gold කියන්නේ පවුලේ හැමෝටම ඇවිත් බලලා යන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටයක්. ඒත්, Satyameva Jayate කියන්නේ පවුලේ හැමෝටම බලන්න පුළුවන් කියලා නිර්දේශ වෙච්ච චිත්‍රපටයක් නෙමෙයි. බොහොම ප්‍රචණ්ඩකාරී දර්ශන සහ ලේ වැගිරවීම් සහිත දර්ශන නිසා මේක පොඩි ළමයින්ට නැරඹීමට නුසුදුසු චිත්‍රපටයක් විදියට තමයි නිර්දේශ වුණේ. නිකමට හිතලා බලන්න, මේ හේතු කාරණා දෙක නිසා කොච්චර නම් මුදලක් Satyameva Jayate චිත්‍රපටය අහිමි වෙන්න ඇත්ද කියලා.

කොහොම වුනත්, සමාජ ජාලා වෙබ් අඩවි තුල Satyameva Jayate වෙනුවෙන් බොහොම යහපත් ප්‍රතිචාර දකින්න ලැබුණා. මේ අවුරුද්දේ නිකුත්වෙච්ච හොඳම එන්ටර්ටේන්මන්ට් ෆිල්ම් එකක් විදියට තමයි චිත්‍රපය නරඹපු අය සහ සිනමා විචාරකයෝ Satyameva Jayate ගැන හඳුන්වලා තිබුණේ. Parmanu චිත්‍රපටයත් සමගින් තමන්ගේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් පහුකරපු ජෝන් ඒබ්‍රහම්, Satyameva Jayate චිත්‍රපටයත් සමගින් තමන්ගේ රංගන දිවිය තුල ඕනෑම චිත්‍රපටයක් පළමු දිනයේ ලබාගත් වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලබාගත්තේ පළමු දින ලොව වටා ආදායම ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 25ක් විදියට සනිටුහන් කරමින්.

Action, Crime, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, Imdb දර්ශකයේ 6.5 ක අගයක් ලබාගෙන සිටින මෙම සිනමා නිර්මාණය තුල ජෝන් ඒබ්‍රහම්ට අමතරව, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී Manoj Bajpayee සහ, සරාගී Aisha Sharma ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනවා. Aisha Sharma කියන නම ඔබට හුරුපුරුදු නමක් වෙන්න නම් බැහැ. මොකද, මේ චිත්‍රපටයත් සමගින් තමයි ඇය බොලිවුඩ් පුරවරයට පය තබන්නේ. Aisha Sharma ගැන කියනවා නම්, ඇය තමයි නේහා ශර්මගේ බාල සහෝදරිය. Mubarakan, Tum Bin 2, Youngistaan, Teri Meri Kahaani වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් නේහා ෂර්මා කියන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරන්න ඕනේ වෙන එකක් නැහැ කියලා හිතනවා. කොහොමත් කතා දෙකක් නැහැ, මේ චිත්‍රපටයෙන් පස්සේ අක්කව වගේම නංගිවත් හිතෙන අයින් කරන එක නම් සැහෙන අමාරු වැඩක් වේවි 😀

 නේහා ෂර්මා සහ අයිෂා ෂර්මා

චිත්‍රපටය ගැන කියද්දී නොකියම බැහැ, Dilbar සිංදුව ගැන. ඉන්දියාව තුල පමණක් නෙමෙයි, ශ්‍රී ලංකාව තුල පවා මෙම ගීතය වෙනුවෙන් ලැබුනේ සුළු පටු ජනප්‍රියත්වයක් නෙමෙයි. මේ සටහන ලියවෙන මොහොත වන විට, සමාජ ජාලා වෙබ් අඩවි තුල මෙම ගීතය මිලියන 500කට ආසන්න පිරිසක් නරඹා තිබෙනවා. ඒ වගේම, යූටියුබ් වෙබ් අඩවිය තුල ලයික් මිලියන 1.3 ඉක්මවා ලබාගැනීමටත් සමත් වී තිබෙනවා. Tiger Zinda Hai චිත්‍රපටයේ ගීත වලට පසුව, චිත්‍රපට ගීතයක් සඳහා මෙවැනි අති විශාල ඉල්ලුමක් ලැබුණු පළමු චිත්‍රපට ගීතය තමයි මේ Satyameva Jayate චිත්‍රපටයේ අඩංගු Dilbar ගීතය.

එහෙනම්, ක්‍රියාදාම චිත්‍රපට සඳහා රුචිකත්වයක් දක්වන අය නොවරදවාම අරගෙන බලන්න. ජෝන් ඒබ්‍රහම්ගේ නොනවතින ක්‍රියාදාම දර්ශන ගණනාවකින් සමන්විත වන මෙම සිනමා නිර්මාණය, සැබවින්ම ඔබට කිසිඳු කම්මැලිකමකින් තොරව, එක හුස්මට නරඹන්න හැකියාව ඇති අනර්ඝ සිනමා නිර්මාණයක් විදියට සහතික කරනවා. ඒ වගේම තමයි, සාම්ප්‍රදායෙන් පොඩ්ඩක් බැහැර වෙලා, හදවතට දරුණු පහරක් එල්ල කරමින්, හදවත කොනක ශෝකයක් ශේෂ කරමින් මෙම සිනමා නිර්මාණය සමාප්තයට පත්වෙනවා. අරගෙන බලන්න, කාලයක් පුරාවට මතක තියෙන සිනමා නිර්මාණයක් වේවි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය True HDRip පිටපත් සඳහා අදාළ වේ.

35,368 downloadsDownload Satyameva-Jayate-2018.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

35,368 downloadsDownload Subtitles49 KB

195 comments

  1. salinda M Jayathissa

    Ela bro

    1. Tharaka Prithiraj Dewasinha

      Pttia

  2. OsandaFdo

    TNx bro..john ge film ithin aniwa blnwa..all the bst sisila saho..

  3. menuli11

    ko Baiscope download eka thawama nane

  4. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    සබ දෙනකන් බල හිටියේ බොහෝම ස්තුතියි..!

    1. menuli11

      Film eka kohenda bawe bro

  5. Uvindu Dilshan

    Thankx bro

  6. rangika Kariyawasam

    නියමයි සහෝ .ලියපු ලියමන නිසාම මෙික ගන්නවා.ජයවෙිවා

  7. geeganagamage

    බොහොම ස්තුතියි අනිවර්යයෙන්ම බලනවා සුපිරි ෆිල්ම් එකක් වගේ .

  8. Amimac

    පට්ට බ්‍රෝ මන් ආසම නලුවෙක් තමා ජෝන් කියන්නේ මේ වගේම ඇක්ශන් ෆිල්ම්ම දෙන්ම හොද තෙලිගූ ෆිල්ම් දෙන්න ස්තුතී සබට බ්‍රෝ

  9. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththuthi sahoooo sub ekata. Oya genawanm super hit ekak wenna onee.. jaya wewa...!

  10. Shehan Madhusanka

    dan hindi film wala dvdrip enawa adui neda thanks bro sub ekata maga balan hitiya film ekak

  11. widuranga

    supiriyak broooo elamaaaa

  12. Achi

    Thanks

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. වෙනදා වගේම ලිපියත් නියමයි සහෝ. සබ වගේම ලිපියත් හැමදාම වගේම අංගසම්පූර්ණයි. ෆිල්ම් එක ගැනනම් කියන්න ඒවා නෑ. බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. බුදුසරණයි..ජය වේවා!

  14. Ʌmǝsɥ Ƞɪʀmaʟ

    Niyamai.. Baiscopedownload ekatath ikmanata daanna.. Jayamawewa..

  15. Shen sanjuka

    Hoya hoya hitapu sub ekk thnks❤️

    1. dimuthu lakmal

      850 mb ekata sub wadane ban?

  16. NipunSachinda

    ගොඩක් ස්තුතියි sub එකට,එනකන් බලන් හිටපු ෆිල්ම් එකක් .

  17. Sanjeewa2010

    Thnxxxxxxx....Patttaaaaaaaaaaaaaaa

  18. Pathum_vithana

    Super film..good luck bro...මම ගොඩක් ආසවෙන් බලන්න බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක් මේක..ස්තූතියි බයිස්කෝපි ටීම්...ජයවේවා!!

  19. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ....
    ජයවේවා ......

  20. gihan perera

    මේක දානකන් හිටියේ මචෝ...ස්තුතියි උපසිරැසි ය දුන්නට මචෝ....කතාවත් නියමෙට විස්තර කරලා තියෙන්නෙ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  21. Ketawala

    තෑන්ක්ස් සහෝ ජයෙන් ජයම වේවා...

  22. Sudantha92

    thank you brooo

  23. wimukthi001

    Sub එකට tnx

  24. Milind@

    Thanks saho

  25. Jumanji

    Tnx bn.

  26. RK

    Bohoth shukriya broo!!!!!!!!!!!!!!

  27. M.W. Dilhani

    thanks and good luck

  28. kelumchathuranga

    thanks

  29. dsdkavishka

    Thenks aiya fatta

  30. Shehan putha

    thanks brooo lipiyath supiri....jaya wewa !

  31. chandima0

    thanks sub ekata

  32. gayanthameera

    thakyou bro...

  33. Anurada

    Thanks !!!!

  34. rohanranaweera

    thanks bro in deep down my heart i appreciate your hard work really really proud about sri lanka and thanks for the movie information you know why we need this information some movies are really boring we don't know before we download or watch stream online so this is a big help for figure out about movie until it start watching again thank you thank you baiskope sinhalen web site again and you right about neha sharma you know she is a really very beautiful women i have ever seen in india i love her she is very cute and we can't remove her from our mind she's smile like an angel from heaven wooooow you right so thanks again any way my name is rohan from dubai.

  35. Iroshan Kumar

    thanks for Subtitle

  36. harshani11112

    ස්තුති සිදිල ප්‍රසාද් සහො.....

  37. poornarm

    maga balan unne thankz macho

  38. dinesh hapuarachchi

    Thank you Very much

  39. Nilush Angana

    Sub ekata thanx

  40. Dilu madushan

    Thanks bro.
    Maga balagena hitiya

  41. Ayesh Prashan

    Lipiya Supiri.Aniwa Balano..Godaak Sthuthie

  42. AyeshDushmantha

    Thanks bro

  43. Athula Kariyawasam

    නියමයි. සබ් එක දෙනකම් මග බලගෙන හිටිය එකක්.

  44. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  45. Eranda Malith 2.0

    Thanks mcn sub ekta

  46. dimuthu lakmal

    850MB ekata sub wadane?.thanka

  47. Shenin007

    Thankyou

  48. Dilshan Sanka

    Thanks bokkah

  49. Kovidu

    ෆට්ට ,,,,,,,, බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසිය ට....... ජය වේවා!!!!!!!!!!!!

  50. sooriyapatabadige

    Thanks for sub.....(luv phir kabhi 2014) film ekata sub dennako please..............

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.