මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.5 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, බගවාන් සහ ගීතා බාලි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.5 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, බගවාන් සහ ගීතා බාලි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ ප්යාරේ ලාල් සහ ආශා ය. ප්යාරේ ලාල් රඟපෑමට ඉතා ආශාවෙන් සිටින තරුණයෙකි. ඔහුගේ පවුලේ අයවළුන් ඉතා ආර්ථික අපහසුතාවයෙන් ජීවත් වෙයි. ඒ නිසා තම උත්සාහයෙන් නළු වෘත්තියට පිවිසීමට ඔහුට හැකිවෙයි. ඒ නිසා ඔහුගේ ආදායම් තත්වය ඉහළ යන අතරම රටපුරා විශාල ජනප්‍රියතාවයක් ද ලබයි. මේ අතර ඔහු සමඟ එකට රඟපාන තරුණියක් වූ ආශා සමඟ ආදර සම්බන්ධතාවයක් ගොඩනැඟෙයි. යහපත් දිවියක් ගතකරන ප්යාරේලාල් තම ආදායමින් කොටසක් නිවසට යැව්වත් එම මුදල් නිවසට නොලැබෙන තත්වයක් උදාවෙයි. ආදර සම්බන්ධතාවය දෙදරා යයි. මෙතැන් සිට ඔහුට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” “කැරවෑන්“යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති https://drive.google.com/file/d/0B3BxOq2-_xCDZy1kQlI5SW40SUE මෙම ලින්ක් එකෙන් සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.
ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිඑක්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
1,049 downloadsDownload Albela-1951.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
13 comments
shasith sandaruwan
Withanage Priyantha Dayakeerthi
මෙය මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ වීඩියෝවක් නිසා ඉහත දී ඇති ලින්ක් එක කොපි කර ගූගල් වෙත ගොස් පේස්ට්කර සර්ච් කළවිට ඉතාමත් පහසුවෙන් මෙයට අදාළ 557mb වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Kulanjana Maduranga
niayamai…great work & lot of thanks........ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Soori
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට... ඒ් වගේම ඔයාම අප්ලෝඩ් කරලා අපේ පහසුවට ලින්කුවකුත් දීලා......
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කසුන් හර්ෂණ
සුබ පැතුම් සොයුර ප්‍රියන්ත.නිතර පැරණි භාරතීය සිනමා පට අපහට තිලිණ කරමින් ඔබ මේ වෙබ් අඩවියට පමණක් නොවේ මුළු රටටම විශාල සේවයක් මේ කරන්නේ.අනිවාර්යයෙන්ම මා මෙය නරඹනවා.නමුත් මේ දිනවල මා තරමක් කාර්යබහුල වී සිටින්නේ.විවේකයක් ලද වහාම මගේ උපසිරැසියත් ඉදිරිපත් කරනවා.දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න.ඔබගේ ජීවිතයේ සැඳෑ සමයේදී ඔබ කළ උපසිරැසි සංඛ්‍යාව සහ රට වෙනුවෙන් අප වෙනුවෙන් කළ සේවය සිහිපත් කරමින් ඔබට නිරාමිස සතුටක් ලැබිය හැකිබව නම් නොඅනුමානයි මිත්‍රයා.ඉදිරිය පැහැදිලියි.ඔහොම යන්. ;-)
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~dilshan
NEED SUB FOR
huttalabbai (2016) sinhala subtitles
Kalpana 2 (2016) sinhala subtitles
Njan (2014) Malayalam sinhala subtitles
Oyee (2016) sinhala subtitles
Storks 2016 sinhala subtitles
Taken Heart 2017 sinhala subtitles
The Boss Baby 2017 sinhala subtitles
The Secrets of Emily Blair 2017 sinhala subtitles
Theevram [2012] Malayalam sinhala subtitles
Antham (2016) sinhala subtitles
Maanja (2016) sinhala subtitles
Pattathari (2016) sinhala subtitles
Khaidi No. 150 (2017) sinhala subtitles
Premalayam (2016) sinhala subtitles
Sathamanam Bhavati (2017) sinhala subtitles
Speedunnodu (2016) sinhala subtitles
Yaman (2017) sinhala subtitles
Mupparimanam (2017) sinhala subtitles
Nisaptham (2017) sinhala subtitles
*
Pattathari (2016) sinhala subtitles
Yaakkai (2017) sinhala subtitlesPLZZZZ
Thilina
Sub ekata bohoma sthuthi ayye.
Caravan.avi Link eka dila tyenne. Ikmant link update karanna Plwnd?දහරා මුතු අමා
මේකත් නියම චිත්‍රපටියක් අයියේ.
ඉස්සර සීඩී වලින් බලපු එකක්.
ආයි බලන්න ඕනෙ ඔයාගෙ උපසිරැසියත් එක්ක.
බොහොම ස්තූතියි උපසිරැසියට.Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Advertisement

හැමදාමත් පැරණි සිනමාවේ රසිකයින් හට
වටිනා උපසිරැසි ගෙන එන විතානගේ ප්‍රියන්ත සොයුර ඔබට අපගේ ප්‍රණාමය.
තව තවත් උපසිරැසි කිරීමට කාලය ශක්තිය ලැබේවා!
ඔබට ජය!