අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කො…

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි වෙලාවේ හප්පලා, අපේ ජීවිත නැති කරලා දාවිද” කියලා දෙගිඩියාවෙන් තමයි ඉන්න ඇත්තෙ. සමහරවිට බයට දාඩිය දාන්නත් ඇති නේද? හරි, මේත් කියන්න හදන්නේ ඩ්‍රයිවර් කෙනෙක් ගැන තමයි. හැබැයි, එසේ මෙසේ ඩ්‍රයිවර් කෙනෙක් ගැන නම් නෙමෙයි. මෙයාගේ ඩ්‍රයිවින් කොච්චර භයානකද කියනවා නම්, වාහනේ ගමන් කරන හිතක් පපුවක් නැති, නිර්භීත, දරුණු අපරාධකාරයෙක්ට පවා, නළල රැලි වැටිලා, ඇස් උඩ ගිහිල්ලා, තමන්ගේ ප්‍රාණය ගැන බයක් ඇතිවෙන්න ගතවෙන්නේ බොහොම සුළු නිමේෂයයි. කවුද මේ ඩ්‍රයිවර්?
බේබි! නමින් බේබි වගේම වැඩි වයසක් නැති කොළු ගැටයෙක්. වැඩිය කතා බහක් නැහැ. ඇත්තම කියනවා නම් කොහෙත්ම නැහැ වගෙයි. පොඩි කාලේදී අනතුරක් වෙලා තියෙනවා. ඒ අනතුරින් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා. ඒ අනතුර නිසාම ශ්‍රවණ ආබාධයකුත් ඇතිවෙනවා. කොයි වේලාවෙන් කණෙන් නොනවත්වාම “ගුමු-ගුමු” ශබ්දයක් ඇතිවෙනවා. මේ ශබ්දය නිසාම දවසේ වැඩි වෙලාවක් හෙඩ්සෙට් එක කනේ ගහගෙන තමයි ඉන්නේ. ඒ වගේම, අව් කණ්නාඩි පළඳිනවා. රස්සාවක් විදියට කරන්නේ මංකොල්ලකෑම් සඳහා අපරාධකාරයොන්ට ප්‍රවාහනය සපයලා දෙනවා. අතිශය තියුණු බුද්ධි මහිමය සහ කුඩා කාලයේ පටන්ම වාහන එළවීමේ ලැබූ නිපුණත්වය නිසා, රිය පැදවීමෙන් මොහුත් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් ජගතෙක් නැහැයි කියලා කිව්වොත් බොරුවක් නෙමෙයි. සුක්කානම අතට ගත්තට පස්සේ රියදුරු ආසනයේ වාඩිවෙලා ඉන්නේ රියදුරෙක් නෙමෙයි. දුම්මල වරම අතට ගත්තපු, ආවේශ වෙච්ච යකැදුරෙක්.
කතාව ගැන නම් මුකුත්ම කිව්වේ නැහැ. ප්‍රධාන චරිතය ගැන කෙටි හැඳින්වීමක් කළා විතරයි. Action, Adventure, Crime, Comedy, Music යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජුනි මස 28 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, ඇමරිකානු ඩොලර් මිලියන 34ක් වියපැහැදම් කර නිෂ්පාදනය කරද්දී, ඇමරිකානු ඩොලර් මිලියන 214 ක දැවැන්ත බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමට සමත්වූවා. ඒ වගේම, මෙම සටහන ලියවෙන මොහොත වණ විට, එක් ලක්ෂ පහළොස්දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය තුල 8.1 ක් වැනි ඉහළම අගයක් කරා ගමන් කිරීමට සමත් වී තිබෙනවා. Rotten Tomatoes හි 93% ක මනාප ප්‍රතිශතයක් හිමිකරගත් මෙම සිනමා සිත්තම පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට ඉහත දත්ත සාක්ෂි සපයාවි.
චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Allegiant (2016), Paper Towns (2015), Insurgent (2015), The Fault in Our Stars (2014), Divergent (2014) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට සපැමිණි Ansel Elgort විසිනි. ප්‍රධාන නිළිය ලෙස, Pride and Prejudice and Zombies (2016), Cinderella (2015), Burnt (2015), Wrath of the Titans (2012) යන චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Lily James සහභාගී වෙනවා. ඊට අමතරව, Daredevil කතා මාළාව තුලින් සහ ඉදිරියේදී තිරගතවීමට නියමිත The Punisher කතා මාළාව තුල “පනිෂර්” චරිතය සඳහා පණ පොවන්නා වූද, The Walking Dead කතා මාලාව තුලින්ද, The Accountant (2016), Sicario (2015), Fury (2014) යන චිත්‍රපට තුලද රංගනයෙන් දායක වූ Jon Bernthal මෙම චිත්‍රපටය තුල ආරාධිත රංගනයක් සඳහා සහභාගී වනු ඇති. The World’s End (2013), Scott Pilgrim vs. the World (2010), Hot Fuzz (2007) ආදී විශිෂ්ට චිත්‍රපට රාශියක් ලෝක සිනමාවට දායාද කරන ලද Edgar Wright විසින් මෙම සලරුව අධ්‍යක්ෂණය සහ තිර රචනය කරනු ලබනවා.
විශේෂයෙන් කියන්න ඕනේ, මේ චිත්‍රපටියට උපසිරසි ගන්වන්න හිතේ කිසිම අදහසක් තිබුනේ නැහැ. ඒත්, කොහොමින් කොහොම හරි කැරකිලා මට ඒ සඳහා අවස්තාව ලැබුණා. ඒ සඳහා ස්තුතිවන්ත වෙන්න ඕනේ හසන්ත අයියට. ඒ වගේම, උපසිරසි ගැන්වීමේදී ඇතිවෙච්ච ගැටළු සහිත තැන් වලදී උපකාර කලෙත් හසන්ත අයියම තමයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
එහෙනම්, කට්ටිය අරගෙනම බලන්නකෝ. තව දෙයක් කියන්න තියෙනවා. ඒත්, ලිපිය දිග වැඩියි. ඊළඟ උපසිරසියෙන් හෙට අනිද්දටම කියන්නම්. චිත්‍රපටිය හැමෝම අරගෙන බලන්න. කාලෙකින් නරඹන්න ලැබෙන වෙනස්ම ආකාරයක චිත්‍රපටියක් කියලා වගකීමෙන් කියනවා. තවමත් සැකයක් තියෙනවා නම් ඔහොම්මම ට්‍රේලර් එකක් බලලම ඉන්නකෝ. එහෙනම්, ගිහින් එන්නම්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Baby.Driver.2017.720p.BRRip.x264-MkvCage
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
66,126 downloadsDownload Baby-Driver-2017-BR.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
135 comments
anujaya
ishanka
thnx bro
Kavindu
Film ekath ekka download link eka danna barida bro?
KAVINDA GAMAGE
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
කැලුම්
sub ekata thanx macho.....
Praneeth priyadarshana
Tks lot bro
Shenin Perera
Thankyou
clash of clan
ammo mekanam supiri trailer eka baluwama hitha ganna puluwan sub ekata thanks bro.......
Lasantha Chandimal
Elaaa elaa kolla..thank u.....ahamben hari karapu eka loku deyak...ilaga sub ekath ikmantama diyan bn..good luck bro...
දමිත්
ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජයshashi
kohenda bn meka downlod karanne
Udesh
Thanks for subtitle
Indrajith
Thanks for the subtitle
ashan lankanath
Thanks ................good luck ......................
yukthi sudheera
ස්තූතියි ..... ජයවේවා බ්‍රෝ....
Silent$
Paharaaaaaaaaaaaaa
Mithun
පොස්ටර් එකට නම් මට වැඩි හිත ගියෙ නැ එ මෙකෙ කිසිම වගතුගක් දැනගෙන නම් නෙවෙ .ටොරෙන්ට් වැටිල තියෙනව දැක්ක එ වත් නිකම් වත් අවුස්සල බැලුවෙ නැ මොකක්ද මෙ කියල . ඔන්න ෆිල්ම් එක උපසිරැසි එක්ක වැටිල එතකොට දැක්කෙ Imdb 8ක් තිබුනදෝ කියල දෙපාරක් හිතුවෙ නැ අයේ සබ් එකත් නිසා රෑම ඩව්න්ලොර්ඩින් දැම්ම. ඔන්න දැම් තමා ලිපිය බලන්න ආවෙ ලිපිය මොන හරුපයක් වගෙද කියල .. හම්මෙ ෆට්ට කතාවක් වගේනෙ තියෙන්නෙ . බලමු එහෙනම් හොද ටයිම් එකක් අල්ලලාම.. උපසිරැසි ගැන්විමට ගොඩක් ස්තුතියි සහෝදරයා . නියමයි .God job bro
AWNCK
Thanks bro
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. සුපිරිම පිලුමක් වගේ. එල කිරි. ගොඩාක් පිං.
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Lahiru
Ela....ela...huga dhavaskin neda..kohoma hari..subata thnx..bohoma pin
Lositha
Thank you .. half girlfriend eke sinhala sub denawada .. thama eke sub nane ..???
Mad max
Ubalata pin putheeee
Naveen Lakshan NL
Munna michael dvdrip ekta sub oni bro Good Luck
sumed
බොහොම ස්තූතියි.උපසිරැසියට ජය.
Dilip
Patta film eka godak pin thama kiyanna thiyenne
සදෙව් බණ්ඩාර
නියම ෆිලුම.. සබ නැතුව එක පාරක් බලුවා දැන් සබ තියෙන නිසා ආයේ පාරක් බලනවා..
සිංහල උපසිරසි වලට ස්තුතියි.lakshan
බොහොම ස්තූතියි.උපසිරැසියට ජය.
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
සුපිරි කතාවක් වගේ..C. R. ජයලත්
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
vidushan
thankz saho,
pubudu harshana
thanks bro
Madhu N Maheshi
super film eka
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…patta filumak ne.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
daminda
enakan balan hitiye. thanks saho
නිරෝෂ්
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
Ravindu Rukshan
Thx
Kapila
Patta broooo......
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraකවි
බොහොම ස්තූතියි
Nirodhauthpala
Sisilaya nam katha na eakenma banava but brrip eanakan ivasanava thx for sub digatama demu obata jaya
Nuwan Rathnayaka
Thanks
D.Chamara
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!
Hima Benaragama
උපසිරැසියට බොහෝම ස්තුතියි…
Lushan Kuruppu
thnx bro!
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට.
හොඳ ෆිලුමක් වගේ. මේක කොහෙන් හරි සෙට් වෙනවා ශුවර්. :P
අනිවා බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Sithum
thanks bro
Buddi
Thanks......
Advertisement

බොහොම ස්තූතියි සහෝ……