Watch Trailer

The Vatican Tapes (2015) with Sinhala Subtitle | යක්ෂයාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පල කිරීමට තීරණය කළෙමු… සිසිල ප්‍රසාද් සොයුරා ලියන ලද ලිපිය. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.ළඟ ලඟම තෙලිඟු චිත්‍රපටි දෙකක් දීපු නිසා මේ සැරේ ඉංග්‍රීසි එකක් කරන්න හිතුවා.දවසින් දෙකෙන් කරනවා…

The Vatican Tapes (2015)

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පල කිරීමට තීරණය කළෙමු…

 

සිසිල ප්‍රසාද් සොයුරා ලියන ලද ලිපිය.

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.ළඟ ලඟම තෙලිඟු චිත්‍රපටි දෙකක් දීපු නිසා මේ සැරේ ඉංග්‍රීසි එකක් කරන්න හිතුවා.දවසින් දෙකෙන් කරනවා කියලා හිතාගෙන බාරගත්තට මොකද, කරන්න ගත්තාම තමයි ඒකෙ රඟේ දැනුණේ.මොකද කියනවනම් චිත්‍රපටයේ ගොඩක් තැන්වල ක්‍රිස්තියානි ආගම සම්බන්ධව, යක්ෂයා සම්බන්ධව කරුණු යෙදී තිබුණා.ඉතින් සමහර වාක්‍ය පරිවර්තනය කරන්න විනාඩි 10-15 ගතවුණු වෙලාවල් තිබුණා.ඒ වුණත් යම් යම් දෝෂ සහිත තැන් තිබුනොත් සමාවෙන්න කියලා මුලින්ම කියනවා.නමුත් සමස්තයක් වශයෙක් ගත් කළ හැකි උපරිම අයුරින් චිත්‍රපටියට සාධාරණයක් ඉෂ්ට කල බවටනම් මට සහතික වශයෙන් කියන්න පුළුවන්.ඒ වගේම අන්තිමට කල චිත්‍රපට දෙක වන Kshanam (2016) සහ Dohchay (2015) යන චිත්‍රපට දෙකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. චිත්‍රපටියේ පසුබිම ගැන කතා කරනවානම්, 2015 ජූලි මස 24 වෙනි දින ලොව වටා තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටිය, පළමු සතිය තුලදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ඉක්මවාද, 2015 අගෝස්තු 20 වෙනි දින සිය දර්ශන සමය නිමාකරන විට, මාසයක කාලයක් ඇතුළතදී ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ඉක්මවා යාමටද සමත්කම් දැක්වූවා.චිත්‍රපටය අධ්‍යක්‍ෂණයෙන්, Jonah Hex (2010), Ghost Rider: Spirit of Vengeance (2012) වැනි සුපිරි ඝණයේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කල Mark Neveldine ද, රංගනයෙන්, Paranormal Activity: The Ghost Dimension (2015) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ Olivia Taylor Dudley ද, Ant-Man (2015), Fury (2014), The Martian (2015) යන චිත්‍රපටයන්හි රංගනයෙන් දායක වූ Michael Peña ද, Guardians of the Galaxy (2014), Furious 7 (2015), Gladiator (2000) යන චිත්‍රපටයන්හි රංගනයෙන් දායක වූ Djimon Hounsou ද, Taken 3 (2014), Hitman (2007), Mission: Impossible 2 (2000) යන චිත්‍රපටයන්හි රංගනයෙන් දායක වූ Dougray Scott ද, මෙම චිත්‍රපට තුල උප ප්‍රධාන චරිතයන් හට පණ පොවනු ලබනවා.

චිත්‍රපටයේ අඩංගු කතාවට මූලික පදනම වන්නේ වර්තමාන ලෝකයට යක්ෂයාගේ සම්ප්‍රාප්තිය.ඇන්ජෙලා කියන්නේ බොහොම කෙළිදෙලෙන් පසුවන ඇමරිකානු තරුණියක්.මෙයාගේ 25 වෙනි උපන්දිනය දවසේ මෙයාට පුදුම කරවීමේ උපන්දින් පාටියක් (Suprice Birthday Party) ලැබෙනවා.ඒත් මෙතැනදී සිදුවන අත්වැරදීමකින් ඇන්ජෙලාගේ ඇඟිල්ලක් කැපිලා තුවාල වෙනවා.මේ සිදුවීමෙන් පස්සේ තමයි ඇන්ජෙලාගේ ජීවිතය උඩි යටිකුරු වෙන්නෙ.ඇයගේ හැසිරීම ක්‍රම ක්‍රමයෙන් හිතාගත නොහැකි මට්ටම දක්වා අමුතු වෙන්න පටන් ගන්නවා. මොකක්ද මේකට හේතුව…. ඇන්ජෙලා සමගින් යක්ෂයාට ඇති සම්බන්ධය කුමක්ද…අවට සිටින මිනිසුන්ගේ සිත් පාලනය කරමින් ඔවුන් සියදිවි නසා ගන්නා තැනට පත් කරනා මෙම දුෂ්ට බලවේගයේ සැබෑ අරමුණ කුමක්ද….එම දුෂ්ට බලවේගයට එරෙහිව නොබියව නැගී සිටින්නෙ කවුද…මෙයට වතිකානුව සමගින් ඇති සම්බන්ධය කුමක්ද….මේවාට පිළිතුරු ලබා ගැනීම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක ඔබට බාරයි.

විශේෂයෙන්ම කියන්න ඕනේ, දුර්වල හදවතක් ඇති අය රාත්‍රී කාලයේදී මේ චිත්‍රපටය නරඹන්නේ නැතිව ඉන්නවනම් ඇඟට හොඳයි. එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බෙමු. එතකන් හැමෝටම ජයවේවා…!

නිපුන් මිලින්ද සොයුරා විසින් එවන ලද ලිපිය.

හැමදාම වගේ Site එකට ඇවිත්  Sub බාගෙන යන එකේ වෙනසකටත් එක්ක සබ් එකක් ලියන්න හිතුවා. මේ මගේ පළවෙනි සබ් එක. මේකෙ අඩුපාඩු ගොඩක් ඇති මං අලුත් නිසා එව්වා පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.ඒවගේම තවත් පොඩි දෙයක් කියන්න තියනවා.මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ආගමට ගොඩක් දුරට සම්බන්දයි. මං ඒ ගැන ලොකු දැනීමක් නෑ. ඒත් පුලුවන් තරම් හොදට පරිවර්තනය කලා කියලා හිතනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ.

කතාවට පාදක වෙලා තියෙන්නේ Christopher Bo විසින් රචනා කරන ලද කතාවක්.ඒ කතාව ඇසුරු කරගෙන Chris Morgan විසින් පිටපත ලියා තිබෙන අතර Mark Neveldine විසින් චිත්‍රපටය අධ්‍යයක්ශනය සිදු කර තිබෙනවා.මේකට 4.5 IMDb අගයක් තමා ලැබී තියෙන්නේ. මේ සේයා පටය මිනිත්තු 91ක කාලයක් ධාවනය වෙනවා.මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නන් ගැන කිව්වොත්,

Olivia Dudley        -Anjela Dougray Scott       -Roger Holmes Micheal Pena         -Father Lozano Jhon Patrick          -Pate Peter Andersson    -Cardinal Bruun

මේ ඉන්නෙ මේකෙ ඉන්න ප්‍රධාන නලු නිලියන් කිහිපදෙනෙක් විතරයි. කොහොම උනත් ඔයාල ඉන්න නලු නිලියො ගැන වැඩිය හිතන්නෑනෙ…

කථාවේ සාරාංශය කෙටියෙන් ගත්තොත් ඇන්ජෙලා නම් තරුණියට යක්ශයෙකු ආවේස වීමක් හා ඇයව බේරා ගැනීමට දරන උත්සහය මේ චිත්‍රපටිය පුරා, දැකගන්න පුලුවන්.කේක් කෑල්ලක් කපන්න යෑමේදී සිදුවන පුංචි තුවාලයක් නිසා මේ යක්ශයා ඇතුලුවෙනවා.ඒ වගේම  Raven  යනුවෙන් හදුන්වන කලු කපුටාගේ බලපෑම නිසා තත්වය එන්න එන්නම දරුනු වෙනවා.

ඇත්තටම කිව්වොත් මේක තරමක් බිය උපදවන සුලු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි.ඉතින් මේ යක්ශයා සමග සටන් කර ඇන්ජෙලාගේ දිවි බේරා ගැනීමට හැකිවේද ? ඉතින් කාටත් බලන්න කියල ආරාධනා කරනව ෆිලුම. එහෙනම් ඉතින් අදට සමුගන්නව. ආපහු ඉක්මනින්ම එන්නම්…

සියලු දෙනාටම ජය…෴

 

 

 

The Vatican Tapes (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,297 downloadsDownload The.Vatican.Tapes_.2015.Baiscopelk.com_.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ “නිපුන් මිලින්ද” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,297 downloadsDownload Subtitles56 KB

30 comments

  1. kalidu vishvaka

    tanks............. bro

    1. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.Good luck

  2. Charith Abhishek

    I am the First.
    Thanks for the Sub..

  3. Sisila Prasad

    [720p BluRay 700MB YIFY]
    yifymovie.re/movie/the-vatican-tapes-2015-720p/

    [1080P BluRay 1.2GB YIFY]
    yts.ag/movie/the-vatican-tapes-2015

  4. Wayantha Sandaruwan

    ගොඩක් හොඳ උත්සහයක් සහෝ,
    ඒ වගේම පළවෙනි වැඩේට හදවතින්ම සුභපතනව නිපුන් සහෝ. දිගටම sub දෙන්න කියලත් ඉල්ලනව,
    ඒ වගේම දෙන්නටම ගොඩක් ස්තූතියි sub එකට,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  5. Sajith Anthony

    සිසිල ප්‍රසාද් සොයුරාට ද පළමු උපසිරැසිය කරපු නිපුන් මිලින්ද සහෝටද සුභ පැතුම්...!
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා දෙන්නටම...!!!

  6. Jack

    නියමයි සහෝලා.
    දෙන්නටම බොහෝම ස්තුතියි.
    ජය...

  7. Sham

    Great film.. thank you

    Can you sub to "End of Watch" movie please...

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIPUN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  10. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  11. Tharaka

    සිංහල උපසිරැසට ගොඩක් ස්තූතියි සහෝ! ජය!

  12. michelle

    thank you guys ,

  13. Kavindu Geethanjana Fernando

    Machan mulinma sorry comment eka parakku unata Nipun.But onna dan damma.Elatama karala tynawa.Issarahata thawa subs one.Uba sub danakan film eka bauweth na elama........ Thankx for this sub....................Jaya sahooooooo
    Ewagema Susil sahotath thankx

    1. Nipun Milinda

      අනිවා ... ස්තූතියි කොම්මෙන්ට් එකට ...

  14. Sudharaka Fernando

    පලවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පත්නව සහෝ.දිගටම සබ් දෙන්න කියල ඉල්ලනවා .ජයෙන් ජය !

  15. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. mithun

    මෙකත් ගන්නවො.. බොහොම තැනක්ස් සහොලට උපසිරැසි ලබාදුන්නට.. horror නම් ඉතින් අරින් නෑ බොහොම තුති .

  17. P.K

    Thank you for the sub.. :)

  18. Thashila Pramod

    niyamai nipun saho

  19. Thashila Pramod

    niyama sub eka Nipun saho

  20. chamara

    නියමයි නියමයි තව horror ෆිල්ම් වලට sub කරමු ... මේ sub එකටත් තුති එහෙනම් ජය වේවා ! !

  21. Sanjaya

    තෑන්ක්ස් සහො සබ් එකට.. දිගටම

  22. ශ්වේතකදය

    මොලේ හොද නැද්ද බන් සබ් එකේ අව්ල් තිබ්බොත් සමාවෙයන් කියන්නෙ.යකෝ හරිනම් අපියි උබලගෙන් සමාව ඉල්ලන්න ඕන මේවා මොක්කුද එව්න් වගේ නිකන් බාගෙන බලනවට.ඔය තරම් හොද වෙන්න එපා බන්.ප්‍රයිඩ් එකක් තියාගනින්

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Damidu Shalinda

    නිපුන්, මට කොමෙන්ට් එකක් මුලින්ම දාන්න බැරි උනාට සමාවෙන්න.
    මේ සබ් එක දුන්න සිසිල සහොදරයටයි නිපුන් සහොදරයටයිගොඩක් ස්තුතිවන්ත වෙන්ව මේ වගෙ අමාරු ෆිල්ම් එකක උනත් සබ් එක මේ වගේ සුපිරියටම දුන්න එක ගැන. ඒ වගේම කොමෙන්ට් එකෙන්ම අලුතෙන් සබ් හදන්න පටන් ගත්තනිපුන් සහොදරයගෙ ඉදිරි වැඩ කටයුතු සුබ වෙන්න ප්‍රාර්තනා කරනවා. ජය!

  25. Naveen Rangana

    Thanks saho sub 1ta.Puluwannam #tag ekai,Download link ekai danna. Ela Jyayaweaw........................

  26. mahesh

    onna ada tamayi meka ganna damme. sub ekata tnx sahola. jaya wewa!!!

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  28. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.