ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2021 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් චිත්‍රපට වලට ආස කරන අයට නම් චිත්‍රපටය මොකද්ද, කවුද ඉන්නේ, විස්තර මොකද්ද කියල අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පහලට ගිහින් ඩවුන්ලෝඩ් බටන…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට. කවුරුත් මග බලාගෙන හිටපු 2021 වසරේ දැවැන්තම සහ අති සාර්ථකම චිත්‍රපටය අරගෙන තමයි මම අද වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ. ඉන්දියන් චිත්‍රපට වලට ආස කරන අයට නම් චිත්‍රපටය මොකද්ද, කවුද ඉන්නේ, විස්තර මොකද්ද කියල අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පහලට ගිහින් ඩවුන්ලෝඩ් බටන් එක ඔබන බව සුවර්. කොහොම උනත් ඔන්න ඔයාල මග බලාගෙන හිටපු චිත්‍රපටයේ හොඳ පිටපත් නිකුත් උනා. විශේෂයෙන් පවසන්න ඕන මේ චිත්‍රපටයට උපසිරැසි සකසන්න සූදානම් වෙලා හිටියේ අපේ ශසිත් සඳරුවන් සහෝදරයා. නමුත් හදිසි තත්වයක් නිසා ඔහුට උපසිරසි ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් මේ වගකීම මා වෙත බාර කෙරුනා. එහෙනම් ඉක්මනටම චිත්‍රපටයේ තොරතුරු වලට යනවනම්,

තෙලුගු සිනමාව ගැන කතා කරනකොට අල්ලු අර්ජුන්ගේ නම අනිවාරෙන්ම මුලින්ම කියවෙන නමක්. අල්ලු අර්ජුන්ගේ චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියාවේ පමණක් නොව, ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවේද බොහෝ රසිකයින් පිරිසක් උනන්දුවෙන් සිටින බව රහසක් නොවේ. සීඩී කඩ හරහා මිලදී ගන්නා DVD හරහා මුලින්ම අල්ලු අර්ජුන් ශ්‍රීලංකාවේ බොහෝ රසික පිරිසක් වෙත ලඟා වූ අතර පසුව උපසිරැසි වෙබ් අඩවි හරහා, සැටලයිට් නාලිකා වල විකාශයන් හරහා ඔහුගේ මුළු චිත්‍රපට ලැයිස්තුවම දකුණු ඉන්දීය සිනමාවට උනන්දුවක් දක්වන සියලු දෙනා හට මොනයම් හෝ මාධ්‍යයකින් අනිවාර්යයෙන්ම ලඟා වී ඇති බවට රසික ඔබ තරම් වෙනත් සාක්ෂියක් නැතිව ඇති. ඉතිං අල්ලු අර්ජුන්ගේ සිනමා දිවිය අරගත්තොත් එහි හැරවුම් ලක්ෂ්‍ය දෙකක් ලෙස සැලකිය හැකි චිත්‍රපට දෙකක් ලෙස Arya (2004) සහ Arya 2 (2009) චිත්‍රපට දෙක හැඳින්විය හැකියි. එවකට මෙම චිත්‍රපට දෙකම තරුණයින් අතර උන්මාදයක් පතුරවන්නට පටන් ගත් අතර එයට හේතුව මෙන්ම මෙම චිත්‍රපට දෙකටම පොදු සාධකය ලෙස ඒවයේ අධ්‍යක්ෂක සුකුමාර් සහ සංගීත අධ්‍යක්ෂක DSP (Devi Sri Prasad) හැඳින්විය හැකියි. 2004 දී තම කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස Arya චිත්‍රපටය සමගින් සුකුමාර් සිනමා අධ්‍යක්ෂණයට පා තබන අතර අද වනවිට සුකුමාර් තෙලුඟු සිනමාවේ මුල්ම පෙලේ අති දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් නම් දරා සිටිනවා. ඔහුටම ආවේනික චිත්‍රපට අධ්‍යක්ෂණ විලාසයක් සහිත සුකුමාර් තෙලුඟු සිනමාවේ බිහි වූ විශිෂ්ඨ තිර රචකයෙක් ලෙස හැඳින්වෙනවා. ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපට ගැන සඳහන් කළහොත්, Arya (2004), jagadam (2007), Arya2 (2009), 100% Love (2011), 1: Nenokkadine (2014), Nannaku Prematho (2016), Rangastalam (2018) යන විශිෂ්ඨ චිත්‍රපට ලැයිස්තුව නම් කල හැකියි. ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණ විලාසය ගැන විශේෂ සඳහනක් කල යුතුයි. ඒ තමයි ඔහුගේ සෑම චිත්‍රපටයකම ඔහුට ආවේනික විලාසයක් සහ විශේෂ පොදු කාරණා කිහිපයක් තිබෙනවා. මේ පිලිබඳ රූප රාමු සහිත සවිස්තරාත්මක ලිපියක් කලකට පෙර මා බයිස්කෝප් මංසල හරහා අරගෙන ආවා. The Great Story Tellers – 01 |Sukumar : Genius Of Screen Writing නමින් බයිස්කෝප් මංසලේ එම ලිපිය පලකොට තිබෙන අතර ඒ වෙත පිවිස එහි සඳහන් කාරණා කියවා බැලුවොත් ඔබට දකින්න ලැබේවි සුකුමාර්ගේ චිත්‍රපටයන්හි අපට දකින්න ලැබෙන විශේෂත්වයන් රැසක්ම.

ඉතිං Arya 2 චිත්‍රපටය නිකුත් වීමෙන් වසර 10කට පසු (සුකුමාර් – DSP – අල්ලු අර්ජුන්) තිදෙනාගේ Combo එක නැවතත් චිත්‍රපටයක් නිවේදනය කරනු ලබන්නේ තිදෙනාගේම රසිකයින්ගේ බලාපොරොත්තු අහස උසට නංවමින්. 2020 වසරේ වැඩිම ආදායමක් ලැබූ තෙලුඟු චිත්‍රපටය ලෙසින් Ala Vaikunthapurramuloo හරහා අල්ලු අර්ජුන් සාර්ථකත්වයේ ඉහලින්ම සිටින අවස්ථාවක Pan-Indian චිත්‍රපටයක් හරහා සුකුමාර්, DSP සමග වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් සමග පැමිණීම පුෂ්පා ලෙසින් නම් කරනු ලැබුවා. කොවිඩ් තත්වය හරහා වැඩ කටයුතු පසුබෑමකට ලක් වුවත් චිත්‍රපටයේ සංකීර්ණබාවය එන්න එන්නම වැඩි වූවා අවසානයේ චිත්‍රපටය කොටස් දෙකකට නිකුත් කරන බව Pushpa කණ්ඩායම විසින් නිවේදනය කරනු ලැබූ අතර Pushpa පළමු කොටස Pushpa : The Rise – Part 1 ලෙසින් නම් කෙරුනා. එය 2021 දෙසැම්බර් 17 ලොවපුරා භාෂා පහකින් නිකුත් වන බවට නිවේදනය කරනු ලැබුවා.

Pushpa චිත්‍රපටය සඳහා අල්ලු අර්ජුන්ට අමතරව රශ්මිකා මන්ධනා, මලයාලම් සුපිරි නළු ෆහාද් ෆාසිල්, කන්නඩ සිනමාවේ ජනප්‍රිය නළු ධනංජය, තෙලුඟු නළු සුනිල්, රාවෝ රමේෂ් සහ ජනප්‍රිය තෙලුඟු නිවේදිකාවක් වන අනුසයා බාරද්වාජ් ඇතුළු නළු නිලියන් රැසක් මෙහි රංගනයේ නිරත වනවා. ආන්ද්‍රා කඳුකරයේ සිදුවන රත් හඳුන් ජාවාරාමක් වටා ගෙතුණු පුෂ්පා කතා පුවතෙහි රූගත කිරීම් සියල්ල කේරලය, නෙල්ගොන්ඩ, ආන්ද්‍රා ප්‍රදේශ්හි මීරුදුමිල්ලි කැලය, රාජමුන්ද්රි ඇතුළු ස්ථාන රැසක සිදු කර තිබෙන අතර බොහෝ ස්ථාන ලේසියෙන් කණ්ඩායමකට, බස් රථයකට ලඟා විය නොහැකි දුෂ්කර කැලෑ සහ කඳු ප්‍රදේශ වල සිදුකොට තිබෙනවා. කොවිඩ් අතුලු බාධක රැසක් පසුකොට අවසානයේ චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 17 වනදා ලොවපුරා භාෂා පහකින් තිරගත වීම ආරම්භ කල අතර චිත්‍රපටයේ Post Production සහ පසුබිම් සංගීතය මුසු කිරීම් හදිසියේ සිදු කර නිකුත් කිරීම හේතුවෙන් තෙලුඟු ප්‍රාන්තවල මුල් දින කිහිපයේ චිත්‍රපටය වෙනුවෙන් Mixed Reviews හිමි වූවා. මන්දයත් තෙලුඟු ප්‍රදේශ වල සිනමා රසිකයින් අල්ලුඅර්ජුන්ගේ, සුකුමාර්ගේ, DSP ගේ චිත්‍රපට මින් පෙරද නරඹා ඇති නිසා ඔවුන්ට අඩුපාඩු ලෙහෙසියෙන් නෙත ගැටෙන නිසාවෙනි. නමුත් දින කිහිපයක් ගතවූ පසු එම තත්වය පහව ගිය අතර සතියකට පමණ පසු චිත්‍රපටය තෙලුඟු ප්‍රදේශවලද හොඳින් ධාවනය වන්නට පටන් ගත්තා. නමුත් චිත්‍රපටය තිරගත වූ හින්දි ඇතුළු අනෙත් භාෂාවන් වලින් චිත්‍රපටය නිකුත් වූ ප්‍රදේශ වල ප්‍රතිචාර ඉහල මට්ටමේ තිබුණු අතර ප්‍රදේශ වල චිත්‍රපටය හොඳින් ආදායම් උපයමින් ධාවනය වූ අතර චිත්රපටය වෙනුවෙන් ඉහල රසික ප්‍රතිචාර සහ විචාරක ප්‍රසදයන්ද හිමි වූවා.

අද වනවිට පුෂ්පා චිත්‍රපටය සති තුනක් අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 320කට අධික ආදායමක් සහිතව අල්ලු අර්ජුන්ගේ රංගන ජීවිතයේ ආදායම් අතින් සාර්ථකම චිත්‍රපටය බවට පත් වන්නට සමත් ව තිබෙන අතර Pushpa චිත්‍රපටය 2021 වසරේ ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට පත්වන්නේ දෙවන තැනට Spider-Man: No Way Home චිත්‍රපටයත්, තෙවන තැනට Sooryavanshi චිත්‍රපටයත් ඇද දමමින්. 2021 වසරේ වැඩිම ආදායමක් ලැබූ ඉන්දියන් චිත්‍රපටය බවටද Pushpa සමත්වන්නේ ඒ වනවිට වැඩිම ආදායමක් ලබාතිබූ Sooryavanshi චිත්‍රපටයේ ආදායමද පසුකර යමින්. බාහුබාලි 2 චිත්‍රපටය හැරුණුකොට වසරක වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වන ගෞරවය හිමි එකම තෙලුඟු චිත්‍රපටය වන්නට Pushpa හට ඒ අනුව හැකිවනවා. දකුණු ඉන්දියන් සිනමාවේ එදාමෙදාතුර වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 5 තුළට Pushpa ඇතුළත් වන්නේ තලපති විජේගේ Bigil චිත්‍රපටය පසුකරයමින්. අන්ද්‍රා / තෙලංගනා ප්‍රාන්තවල පමණක් කෝටි 140 කට අධික දැවැන්ත ආදායමක් ලබා, වසරේ වැඩිම ආදායමක් ලැබූ තෙලිඟු චිත්‍රපටය බවට පත්වීමටද පුෂ්පා සමත් විය. උතුරු ඉන්දියාවේ Sooryvanshi චිත්‍රපටයෙන් පසු ආදායම් අතින් සාර්ථකවූ එකම හින්දි චිත්‍රපටය වනන්ට පුශ්පා හින්දි හඬකැවූ චිත්‍රපටයට හැකිවුනා. පුශ්පා මේ වන විටත් 75cr Net අධික ආදායමක් ලබා අති සාර්ථක ලෙස උතුරු ඉන්දියාවේ මේ මොහොතේත් ධාවනය වනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ බාහුබාලි චිත්‍රපට ද්විත්වයෙන් පසු වැඩිම ආදායමක් ලැබූ තෙලිඟු චිත්‍රපටය බවට පුෂ්පා පත්වන අතරම , තමිල්නාඩු ප්‍රාන්තය තුළ 2021 වසරේ හයවන වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත්වන්නේ Sulthan , Aranmanai 3 , Enemy වැනි කොලිවුඩ් චිත්‍රපට පවා අභිභවා යමින්. බාහුබාලි චිත්‍රපටයෙන් පසු කේරලයේ වැඩිම ආදායම ලැබූ තෙලිඟු චිත්‍රපටය බවට පත්වීම සහ කේරලයේ මලයාලම් නොවන වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 10 අතරට එක්වීමට මෙන්ම, Book My Show වෙබ් අඩවියේ පමණක් මිලියන 5කට අධික ටිකට් පත් අලෙවිකරමින් වසරේ වැඩිම ටිකට්පත් අලෙවිකළ චිත්‍රපටය බවට පත්වීමට පුෂ්පා චිත්‍රපටය සමත් වූවා. බොක්ස්ඔෆිස් ආදායමට අමතරව පුශ්පා චිත්‍රපටයේ සියලුම භාශා අන්තර්ජාලයට මුදාහැරීමේ Digital Rights , රූපවාහිනි විකාශන අයිතිය සහ සංගීත ඇල්බමයේ අයිතිය යන සියල්ලම කෝටි 250කට අධික මුදලකට අලෙවිකොට තිබෙනවා

පුශ්පා සංගීත ඇල්බමය ගැන සඳහන් කළහොත් Devi Sri Prasad විසින් සිදු කල සාර්ථකම සංගීත ඇල්බමයක් ලෙසින් මෙය හැඳින්විය හැකි අතර එක චිත්‍රපටයක් වෙනුවෙන් භාෂා පහකින් ගීත පහ බැගින් සිදු කිරීම එසේ මෙසේ කාරණයක් නොවේ. චිත්‍රපටයේ ගීත සියල්ලම පාහේ සියලු භාශා හරහා අතිශය ජනප්‍රියවන අතර මේ වන විටත් Youtube හි Top 100 Songs Global chart හි පුශ්පා ගීත සියල්ලම ඇතුළත්ව තිබෙන අතර පළමු ස්ථාන ද්විත්වය OoAntava සහ SaamiSaami ගීත අත්පත්කරගෙන සිටිනවා. එමෙන්ම සුකුමාර්ගේ හැම චිත්‍රපටයකම මෙන් මෙම චිත්‍රපටයේද ආරාධිත රංගනයක් සහිත ගීතයක් එක්වනවා (Item Song). ඒ සඳහා මේවර තෙලුඟු සිනමාවේ ජනප්‍රිය නිලි සමන්තා එක් වූ අතර ඇය නර්ථනයේ නිරත වුනු Oo Antava ගීතය මුළු චිත්‍රපටයම වර්ණවත් කරන්නට සමත් වනවා. එමෙන්ම මෙම ගීතයට මෙන්ම සමන්තාගේ පෙනීසිටීම වෙනුවෙන් ඇගයීම් රැසක් මෙන්ම ඉහල රසික ප්‍රසාදයක් හිමි වූවා.

ඉතින් 2021 වසරේ සාර්ථකම තෙලුඟු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි පුෂ්පා චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. ලිපිය ලියන්නට සිද්ධ වුනේ හදිසියේ වීම නිසාවෙන් අඩුපාඩු තිබේ නම් සමාව ඉල්ලා සිටිනවා. මුල මැද අග ගැලපෙනු ඇතැයි සිතනවා. කොහොමත් හෝම් පේජ් එකේ පුෂ්පා තියෙනවා දැක්ක ගමන් කියවිල්ල පැත්තකින් දාලා කෙලින්ම ඩවුන්ලෝඩ් බටන් එක උඩට පනින්න තමයි හැමෝම එන්නේ කියල දන්නවා. ඒ වගේම බලාපොරොත්තු වුනේ වත් නැති දේකට මගේ බෙල්ල මේකට හිර කරපු ශසිත් සඳරුවන් සහෝදරයටත් මතක් කරනවා. බොක්ස් ඔෆිස් විස්තර ලබාදුන් සඳුන් රණතුංග සහෝදරයටත් ස්තුතිය පුද කර සිටිනවා. පැය තුනක ධාවන කාලයක් පුරා ඔබ මෙතෙක් නොදැකපු අල්ලු අර්ජුන් කෙනෙක් මෙන්ම වෙනස්ම ගනයේ ඔබ වෙනදා නොදකින චරිත නිරූපණයන් කීපයක් සමග නිර්මාණය වුනු මේ සිනමාපටය තෙලුඟු සිනමා රසිකයෙකු නම් මග හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. එහෙනම් යන්න අවසරයි. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක් පලකරගෙන යන්නත් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.

ඔබට ජයෙන් ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/Baiscopesinhalen/
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව – https://www.facebook.com/groups/Baiscopesinhalen/

යමින් ගමන් තෙලුඟු සිනමාව ගැන උනන්දුවක් තියෙන, තෙලුගු චිත්‍රපටි නොසෑහෙන්න බලන විශේෂයෙන් සුකුමාර්ගේ සියලුම චිත්‍රපටි බහුතරයක්ම බලල තියෙන අය ඉන්නවනම් පොඩි Task එකක් දෙන්න කැමතියි. මේක සාමන්‍යයෙන් චිත්‍රපටි අවධානයෙන් බලන අයට ගොඩක් ලේසි වැඩක්. මම දෙවැනි ඡේදේ සඳහන් කලා වගේ සුකුමාර්ගේ චිත්‍රපටි හැම එකකම පහසුවෙන් හඳුනාගත හැකි පොදු කාරණා සෙට් එකක්ම තියෙනවා. ඒ පිලිබඳ රූපරාමු සහිත සවිස්තරාත්මක ලිපියක් මම https://info.baiscope.lk/?p=30340 මෙම ලින්ක් එකේ දාලා තියෙනවා. ඉතිං වැඩේ තමයි ඒ ලිපිය හොඳින් කියවලා, පුෂ්පා චිත්‍රපටයත් නැරඹීමෙන් පසුව ඉහත ලිපියේ සඳහන් සුකුමාර්ගේ චිත්‍රපටි හැම එකකම දකින්න ලැබෙන Common දේවල් වලින් Pushpa චිත්‍රපටිය නැරඹීමේදී ඔබට හඳුනාගන්න පුළුවන් වුනු දේවල් මොනවද කියල පහල කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. පුළුවන්කමක් තියේ නම් වෙලාවක් තියේනම් වැඩේ කරලා බලන්න. ස්තුතියි. ජය..!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Telugu HQ HD පිටපත් සඳහා අදාළ වේ.

104,089 downloadsDownload Pushpa-The-Rise-2021.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

104,089 downloadsDownload Subtitles88 KB

74 comments

  1. Oshanda

    ස්තූතිය සහෝ..එනකම් හිටියේ

  2. Gihan

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතීයි සහෝ....
    ජය වේවා....

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Thanks for sub

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  7. හේමන්ත

    ස්තුතියි තාරක.
    උපසිරැසි සකස් කඝා මදිවට, හඳුන්වා දීමට ගත් වෙහෙසට.

  8. Kushan

    Sub akta thanks

  9. Supun

    Bachelor (2021) eke sub ek dann

  10. Gathsara Umesh

    බොහොම ස්තූතියි උපසිරැසියට වගෙම ලිපියටත්...තවත් උපසිරැසියකින් හමුවෙමු..❤

  11. විශ්ව ජයසංඛ

    Thank you Tharaka Saho.

  12. Pasindu Madumal

    සබට තුති වෙන්න ඕනේ ❤
    මඟ රැකගෙන හිටියේ දෙනකම්

  13. සුභාෂිනී මල්ලව ආරච්චි

    උපසිරසියට වගේම ලිපියටත් ගොඩක් ස්තූතියි මල්ලි ❤️

  14. Anonymous

    සබ් එකනම් බයිස්කෝප් දෙද්දි පරක්කුයි
    බාගයක් විතර ෆිලුම බලලා මේ වෙද්දි
    ඉස්සරහට එන ෆිල්ම්වත් ඉක්මනින් දෙන්න බලන්න

    1. විමා

      නොබලපු අය බලයිනේ.
      එහෙම ලොකු හදිසියක් නැහැ අපිට දැන්. ඒ අමාරුකම් ඔයාල හොඳ කළා. :)

    2. Anonymous

      Anonymous uba gewanawada me minissunta? nikan dena de agaya karapan. appage hadissiyakne muta

  15. Ashan

    Thanks machan..!!

  16. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. Idunil Weerasinghe

    Thanks brother

  19. Thenuka Nawan

    ගොඩක් ස්තූතියි සගෝ ❤️

  20. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ
    සබ දෙනකන් ෆිලුම බාගෙන හිටියේ
    ජය වේවා !

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  22. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  23. Naveen

    උපසිරසියට තුති

  24. indika 75

    thanks..

  25. kavindu

    thank you

  26. Thilina

    Thank you

  27. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝදරයා මේ filuma හැකි ඉක්මනින් ගෙනාවාට..allu කිවුවොත් ඉතින් දන්නවනෙ..!ලිපියටත් බොහෝම ස්තුතියි..ඔබට සදා ජය ජය.!.!.!

  28. Anonymous

    thanks

  29. Anonymous

    thank u bro

  30. sadeepa

    tnx bro...................................

  31. Anonymous

    Thank you bro good luck...
    ඉදිරියටත් හොද උපසිරැසි ලබාදීමට හැකි වේවායි සුභපතනවා..

  32. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි

    1. ishan madu

      web rip nadda... hd rip akata set wen nee

  33. Isitha Prasad

    Yts eke web-rip copyyata Wada karanne na ne

  34. Isitha Prasad

    Yts eke web-rip copyyata Wada karanne na

    1. Jhon

      ow bn eka hadaganna widhak nadda

  35. Nipun Darshana

    Fattama Fatta

  36. Vishwa sasanka

    Thank you

  37. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  38. හිටං හුටන්

    ☝️ ✊

  39. විමා

    සබට තුති බන්.
    මරු ෆිල්ම් එක.
    වොචබල්, එන්ටර්ටේන්මන්ට්..
    සස්මිකා මම්දනා... හම්මේ...

    1. Anonymous

      දැන් ඉන්දියන් ඒව බලන්න අරන් වගේ වීමත්
      ඔයා සබ් දෙන ෆැන්ටසි හොලිවුඩ් එව්වට වැඩිය නම් දාහෙන් සම්පතක් මේ වගේ

  40. Thimira Shanilka

    Thank you...❤️❤️❤ Chalo ishq ladaaye (2002) movie එකේ සිංහල sub පුලුව්න් නම් දාන්නකෝ..

  41. Malith samarawickrama

    Thanks bro sub ekata

  42. Chamath Sandeepa

    Niyamai Jaya wewa

  43. Rasanga Heshan

    Than u

  44. Harsha

    Web rip ekata update karanwada

  45. Anonymous

    sub 1ta thanks, ane hama ekektama ganna puluwan format 1kin sub 1 denna.mekata hariyana film hoyanna lesi na, thiyana ewa gaththoth package 1 left wenawa. Plz...

    1. තාරක නුවන් දිල්හාර

      හැම එකටම ගැලපෙන එක ගානේ හදන්න ගියාම අපෙත් පැකේජ් ලෙප්ට් වෙනවා...
      ඒකට පිළියම විදිහට තමයි ගැලපෙනම කොපිය අරගන්න Baiscopedownloads.co සයිට් එක හදලා තියෙන්නේ.
      අහේ මෙහේ නොයා ලේසියෙන්ම ගන්න පුළුවන්කම හදල තියෙද්දිත්, වැරදි කොපි අරගන්න එකට අපි මොනවා කියල කරන්නද?

    2. Anonymous

      anyway, thank you for the sub mcn!

    3. Anonymous

      tharaka nuwa film download karanne kohomada

    4. ishan

      web rip akata hadala nanii.. puluwannm update krnta

  46. Rohan Jayasekara

    dan balanawa, wade supiri aaaaaaaaaaaaaaaaa, love u , ummmma

    1. Anonymous

      me utorrent download link eka dennako

  47. Januka Chandira Kumarasiri

    Supiri Aaa

  48. Anonymous

    wedak ne. film ekath ekka sub eka yanne ne

  49. prasad

    thanks sahoooooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.