Watch Trailer

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස පැල පදියම් ව…


1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස පැල පදියම් වෙන්නේ එක්තරා හැටියකට නොසිතූ අයුරකින්… ඔහුගේ ආරම්භය කොතරම් නොසලකා හැරියාද කියනවා නම් මුල් වතාවේ ඔහුගේ නිල රථය වෙන්න ඇස්ටල් මාටින් රථයක් සමාගමෙන් ඉල්ලු විට ලැබෙනා ප්‍රති උත්තරය වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමක්…

මේ බාධක කම්කටොලු එක්ක 1963 ජේම්ස් බොන්ඩ් 2 වැනි වතාවට අපි හමුවෙන්නේ රුසියානු ආදරවන්තියක් එක්කමයි. ඇය සාර්ථකයි, නමුත් තවම අපි සිනමා ලෝකයේ නියම සලකුණ දකින්නේ නැහැ… ඒ අවස්තාව අපිට උදා වෙන්නේ 1964 රත්තරන් ! රත්තරන් ! එකක්, එදා ඇස්ටල් මාටින් DB 5 රථයක් එකක් රට වටේ යන්න 007 සමත් වෙනවා වගේම… කිසිදා අමතක නොවෙන සතුරෙක් අපි හමුවට ගේන්නත්, ඔහුගේ අරමුණ පරාජය කරන්නත් අපේ මිතුරා, අපේ වීරයා සමත් වෙනවා…

කොහොමින් කොහොම හරි 1965 බෝම්බ එකක් සෙල්ලම් කරන්නත්, 1967 වසරේදී ලෝක යුද්ධයක් නවතා ලන්නත් 007 සමත් වෙන්නේ යන්තම් දිවි ගලවාගෙන. ඔහොම තමුන්ගේ ස්වරුපය වෙනස් කරගන්නවා එකක්ම 1970 වෙනකොට පවුලක් පන්සලක් වෙන්නත් ඔහුගේ හිත යොමු වෙනවා… නමුත් ඒ සතුට අවසාන වෙන්නේ දුකක් එකක් කියලා අපි දන්නේ අපි ඔහුත් එකක් හිටිය නිසයි…

වසරක් යන්න කලින් ඒ කියන්නේ 1971 සදාකල් පවතින දියමන්තිය පස්සේ යන ඔහු, නැවතත් ස්වරුපය කලින් තත්වයටම පත් කරගෙන… නමුත් ඒ මුහුණ අපිට වැඩි දවසක් දකින්න වෙන්නේ නැහැ 73 ඔහු වුඩු මායාවන් එකක් කැරබියන් දුපත් දෙවනත් කරන විට… ඔහු මෘදු චරිතයක් බවට පත් වෙන්නේ අපේ ඇස් ඉදිරිපිට නමුත් වැඩ එහෙමමයි… ලස්සන කාන්තා රුපයක් පෙන්න බැහැ… හැබැයි ඔහුට එවැනි කාන්තාවන්ගේ බැල්මෙන් අඩුවකුත් නැහැ…

74 රන් තුවක්කුවක් එකක් සටනෙන් යන්තම් දිවි ගැලව ගන්නා ඔහු, 10 වැනි වතාවට අප හමුවෙන්නේ 77 දී දියයට ජනපදයක් ආක්‍රමණය කරමින්… මතක ඇති නෙව අර ලොස්ට් රථය… නමුත් 79 වෙන විට ඔහු අභ්‍යවකාශ ගත වෙන්නේ අපේ සුභ සිද්ධිය වෙනුවෙන්… ඔහොම 70 දශයක අවසාන කරන ඔහු නැවතත් 81 හා හා පුරා කියා සතුරන් හා මිතුරන් ගැන කියාදෙන්න අපි එකක් එක්කාසු වෙනවා… 83 වෙන කොට අපේ අසල්වැසි ඉන්දියාව බලා එන ඔහු 85 වෙනකොට සිලිකන් මිටියාවතේ කුමන්ත්‍රණයත් පරාජය කරන්න සමත් වෙනවා…

ඉතින් ඔන්න ඔහොම 87 වෙනකම් නැතව දකින්න නොලැබෙන ඔහු මතුවෙන්නේ නව මුහුණුවරකින්… අද ක්‍රියාදාම බහුලයි… මෙවර මෙහෙයුම සැඟවුන සැලසුමක්… මෙහෙම බලපත්‍ර ලද ඔහු 89 වෙන කොට 80 දශකය අවසාන කරනවා නොදැමුණ ජේම්ස් බොන්ඩ් ලෙස..

නැවත අපි ඔහු දකින්නේ නැහැ 1995 වෙන තෙක්ම, දැන් ඔහු තවත් තරුණයි… මෙවර සහෝදරයෙකුගේ ද්‍රෝහී වීමක් එකක් හිත තැවුලෙන් ඉන්න ඔහු කෙසේ හෝ තමුන්ගේ මෙහෙයුම අවසාන කරගන්නේ… 17 වැනි වතාවටත්, යමක් කල යුතු නම්, ලෝකය බේරාගත යුතු නම් සුදුස්සා ඔහු බව මොනවට පැහැදිලි කරමින්.. ඉතින් 97 ඔහු නැවත කරලියට පැමිනියහම අපි පුදුම නොවුනත්, දැන් ඔහුට සටන් කරන්න වෙන්නේ විද්‍යුත් මාධ්‍යත් එකක්… 90 දශයක 99 වසරේ අමරණිය මිනිසා පරාජය කිරීමත් එකක් අවසාන කරන අපේ වීරයා සමත් වෙනවා. 21 වන සතවර්ශය ආරම්භ වෙලා දෙවසරක් පිරෙන තැන 2002 දී බොන්ජ් නැවත කල එලි බහින්නේ උතුරු කොරියානු මෙහෙයුමක් වෙනුවෙන්… එවර හිතූ තරම්ම සාර්ථක නොවීම එකක් 2006 වෙන කම් නැවත රාජකාරියට වාර්තා නොකරන්න වගේම, තමුන්ගේ ස්වරුපය වගේම සිනමා ආරත් එහෙම පිටින්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා සුදු කෙලියත් එකක්, නමුත් 2008 දඩයම නිසාවෙන් 22 වතාවටත් ජීවිතය හා මරණය අතර සටනක නියැලෙන් ඔහු ජය ගන්නේ 2012 වන තෙක් නැවත කල එලි නොබසින්නටයි…

2014 කල එලි බැසීම බොහොම සාර්ථක වෙන නිසාවෙන් ඔබ මම සුදානම් ඔහුගේ 2015 කල එලි බැසීමට… නමුත් තව කරුණු කරනා තියනවා කතා කරන්නට.. එහෙම නේද? නයිට්වරුන් දෙදෙනෙක් ඇතුළුව තමුන්ගේ කාලයන් හි නමක් රැඳු ක්‍රියාදාම නළුවන් 6 දෙනෙක් පණ දුන් බොන්ඩ් මේ වෙනකොට ලෝකේ පුරා ඩොලර් බිලියන 5 කට අධික මුදලක් උපයාගන්න සමත් වෙලා තියනවා. ඒ වෙගේම ඔස්කා සම්මාන 4 ක් දිනාගන්නත්, 14 වෙනුවෙන් නිර්දේශ වෙන්නත් බොන්ඩ් චිත්‍රපට සමත් වෙලා තියනවා…  

හොඳයි එහෙනම්, මේ වතාවෙන් Daniel Craig තමයි ජේම්ස් බොන්ඩ් හැටියට අපි දක්කින්නේ, දැනගන්න තියන හැටියට මේ අපි ඔහුව දකින අවසාන වතාව වෙන්න බොහොම ඉඩ කඩ තියනවා.. මෙවරත් මුල් පුටුව Sam Mendes ම පුරවන්න තරම් කාරුණික වෙනවා… ඒ වගේම මේ වතාවේ මෙතෙක් බොන්ඩ් සුරුපිනියක් ලෙස එක්වුණා වයස්ගතම නිළිය ලෙස Monica Bellucci එක්කාසු වෙනකොට, තවත් නැගී එන සුරුපිනියක් වෙන  Léa Seydoux බොන්ඩ් වෙනුවෙන් ආලකම් පාන්නට එක්කාසු වෙනවා… නමුත් පසුගිය වතාවේ අපිට M නැති වුනා මතක ඇති නෙව ඉතින් අලුත් M වෙන්නේ Ralph Fiennes. ඒ එක්කම ප්‍රධාන සතුරා ලෙස එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Christoph Waltz. Inglourious Basterds (2009) බැලුව උදවියට ඔහුගේ ජඩකම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව. ඒ එකක්ම Dave Bautista ඔහුගේ සහයකයා ලෙසත් එක්කාසු වෙනවා… 

ඉතින් මේ ක්‍රියාදාම, සට කපටකම් වගේම ඉදලා හිටලා හොඳ විහිලුවකුත් එකක් බැදුන අලුත් පිරිසක් ඉන්න 25 වැනි බොන්ඩ් චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ නම් 1962 ඔහු හා සටනට පැමිණි ලෝක පුජිත රහස් සංවිධානය වෙන ස්පෙක්ට්‍රා සංවිධානය එකක්… කොහොමද ස්පෙක්ට්‍රා නවත් කරලියට එන්නේ ? මේ වතාවේ බොන්ඩ් සතුවෙන ගැජට් මොනවා ද? ඔහු දිනයි ද? සුරුපිනියන් ඔහුට උදව් කරයි ද? සතුරන් වෙයි ද? ඔහුගේ සැබෑ මිතුරන් කවුද ? මෙදාපාර මහා සැලසුම මොන වගේ එකක් වේවි ද? මේ කිසිම දෙයක් මම කියන්න සුදානමක් නැහැ… ඒ සියල්ල මිනිත්තු 148 තුල බලාගන්න ඔබට භාරයි… එහෙනම් නැවත උපසිරසක් එකක් හමු වෙමු…

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සියල්ලට උපසිරැසි දැමීමේ අදහස පිළිසිඳගෙන හා එයට ආරම්භයක් ලබාදුන්, මෙම ලිපිය කියූ පරක්කුවෙන්ම අකුරු කර දුන් හා උපසිරැසියේ සෝදුපත් බැලීමත් ඉටු කර දුන් සමීර කරුණාරත්න මළයාට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුමය.

Spectre (2015) on IMDb

 

 
 

724 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

75C519823281F733BC5FDCF2F1C5BA316CE0BF29

649 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

5134944375677F2E846414DD00B371E506B79081

999 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

13C861ABA28BF893307744A87575A40FDB72EBD3

2.17 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

B860B4A9F56D4F3CEAE441959194EA7FD1B7C7BE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,075 downloadsDownload Spectre-2015-BR-UPDATE.zip213 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,075 downloadsDownload Subtitles213 KB

93 comments

  1. ලක්ෂිත වික්‍රමරත්න

    ස්තුතියි සහෝදරයා. !!! ජය

  2. shavendra

    supiri saho thanks

    1. shavendra

      copy 2kama hodai
      800mb copyata audio:-8 video:-8 vithara kickass web eke deela thiyenawa(sample nam na)
      mama bawe 1.09 copyeka audio:-9 video:-6,7,8, athara comment hambawela
      sample eka 4.37mb oyalatama balanda puluwan

  3. සනත් ශ්‍රීමාල් පෙරේරා

    කලෙකින්නේ රොයිලි සහෝගෙන් උපසිරසක් බලන්නේ...
    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට…
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  4. රයන් ද සිල්වා

    අම්මෝ පට්ට ලිපියක් නොවැ දීලා තියෙන්නේ....
    ෆිලුම නම් අනිවා බලනවා සහො...
    සුබ අලුත් අවුරුද්දක් වෙවා...
    තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබේවායී පතමි....
    ජය වෙවා...

  5. Nishan

    නියමයි.සහෝ.ස්තුතියි

  6. Yashiru Shehan

    niyamayi saho... ela ela :D :D

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. sajeevi

    thanks

  9. Sam

    thnkss sahoo..elzz

  10. Sameera

    supiri post eka bro...thnx

  11. Jack

    නියමයි රොයිලි අයියේ..
    මේක ඉතින් අනිවා බැලීමක් තමයි..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    සුබ නත්තලක් වේවා....

  12. දිලා

    නියමයි රොයිලි අයියේ..............
    ඔයා වැඩක් කරා කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ..........
    එල..............ස්
    ඔබට ජය..........

  13. pramuk

    thanx macho

  14. Nadeera Mystry

    මේක නොබල කොහොමද?
    බ්ලූ රේ කොපිය එනකම් ඉන්නවා. සබ් එකට තැන්කිවු.

  15. Haritha Dayanga

    නීයමයී සහෝ.
    මෙ Movie සෙට් එකටම සිංහල සබ් දීලා නෙද
    එලකීරී ආ.
    ජයෙන් ජය

  16. Achi

    නියමයි රොයිලි අයියෙ...
    ගොඩක් ස්තූතියි උපසිරසියට...
    Br දෙනකන්ම ඉන්නව...
    ජය වේවා...!!!

  17. nsuvin

    Niyamai Royli kollo. Ela kiri.
    Tnanx machan. me danma baanawa.

  18. DeeX

    hoya koya hitiye.

    kohomahari dan labuna.

    thank you so much..................

  19. කැලුම් ගුණසේකර

    උපසිරැසිය ගැන නම් කතාකරන් දෙයක් නෑ. සුපිරියට ම ඇති. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  20. වස්සානය

    මග බලාන ඉදපු එකක් ඔයි..... පැන්කිවු ඇ... ඒකත් කලින් එකත් එකක්ම බෑවෙනන් දැම්මා ඇ... බුදු සරණයි..

  21. Themiya

    ela thanks for sub

  22. thisal

    එල එල BR ආවම ඉලග අවුරුද්දෙ බලමු ;) tnx sub ekt

  23. sameera

    Grazie mille fratello

  24. Akalanka

    maga balagena hitiye.................. Thnx............

  25. Bobby

    බලන්න ආසාවෙන් හිටියේ. බොහොම ස්තුතියි.

  26. “චූටී මල්ලි”

    patta mcn
    BR oni sub eka
    tnxx

  27. හේමන්ත

    ගොඩක් සතුතියි සහෝ.... එනකල් බලන් හිටිය මුවී එකක්..
    මේ සීරිස් එකට අයිති නැති වුණාට තව එකක් තියෙනවා
    නෙවර් සේ නෙවර් අගේන්....
    ඒකත් කරමුද...?

  28. saman

    niyamayi

  29. niro

    මචො මෙ තරම් ලියන්න එපා බම්..පොඩ්ඩක් කෙටියෙන් දාපන්කෝ..එල කිරි..සුබ....

  30. Ravin

    Thanks for the sub

  31. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි රොයිලි අයියේ
    එනකන් බලා සිටිය ෆිලුමක්
    අනිවා බලන්න ඉන්නේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    සමීර කරුණාරත්න අයියාටත් ගොඩාක් ස්තූතියි නියම ලිපියක් වෙනුවෙන්....
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

  32. විමා

    කොච්චරද කියනවනම් පලවෙනි එකේ ඉදලම බැලුව කියන්ඩකෝ
    අනිත්මේදී මේක හෝල් එකෙන්ම බැලුවා
    උනන්දුව එච්චරටම දුර ගියා :P
    බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරසට
    වතාවක් බැලුවට ආයේ බලනව හැබැයි ඉතිං
    Hail හයිද්‍රා :D
    [ දන්නවනෙ මොකෝ කියල :D ]

  33. Janith Mathula

    Thanks aiya. Gd luck

  34. ආසිරි ප්‍රියන්ත

    එල එලස්...
    මමනම් ගොඩක් මේ බණ්ඩා\ගේ ෆිල්ම් බලලා නෑ, ඒත් ටිකක් වගේ බලලා තියෙනවා..\

    මේක ඉත්න් අනිවා බලන්න එපයි..
    හොද කොපියක් ආවම හොඳේ..
    ජය වේවා!!

  35. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Sajith Anthony

    බොහෝම ස්තුතිවන්ත වෙනව සබ් එකට
    ජය වෙවා...!!

  37. asitha

    thank you & good luck bro!

  38. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ.....

  39. Kulanjana Maduranga

    pattama filumak......eth hoda copyak awama banawa...lipiyath supiriyata thiyanawa.thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  40. malith

    Royli aiyeee kalekin niyamai thanx sub ekata ewagema torrents walatath thanx supiri

  41. Shamal manojan

    මේ සබ් ඒකට ස්තූතියි! අර කියපු බයිස්කෝප් ලිස්ට් ඒකේ James Bond 1983 Unofficial movie ඒකේ සබ් ඒක නෑනේ. ඒ්කටත් කවුරුහරි සබ් ඒකක් දුන්නොත් නේද හොද?

    Never Say Never Again - 1983

  42. Niranjan Ranasinghe

    thank u very much bro.....

  43. නිර්මාණි

    බොහොම ස්තූති අයියෙ උපසිරසියට. වතාවක් හෝල් එකේම බැලුවා ඒත් උපසිරසි එක්කම ආයෙ නොබලා කොහොමද. Daniel Craig ඉන්න ෆිල්ම් ටික නම් බැලුවා. පරණම කාලෙ ඒවා මුල ඉදන් බලන්න ඉන්නෙ. බොහොම ස්තූතියි උපසරසියට. ජය...

  44. Dayan

    පට්ට film ඵ්ක සබ් දානකම්මයි හිටියේ..
    ජයවේවා...

  45. නලින්

    ස්තුතියි. රොයිලි අයියේ... කලින් සෙට් එකම සබ් එන්න කලින් බැලුවා උනත්.. ආයේ වෙලාවක් හොයාගෙන බලන්න ඕනේ..

    මෙයාගෙත් හොදම කොපිය එනකල්ම ඉන්නවා ඔන්න.

    ජය වේවා!

  46. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    බීරිප් ආවම බානව

  47. sanka

    thanks for sub weiting for blueray

  48. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි රොයිලි.............

  49. vimukthi

    sub ekata thanks

  50. Withanage Priyantha dayakeerthi

    ඔබ උපසිරසි කළ 007 සියලු චිත්‍රපට බැලුවා ස්තුතියි! මෙම චිත්‍රපට මාලාවේ එක් එක් දශකයන් අනුව වෙන් කළ විට ලබා දෙන කුතුහලය ක්‍රමානුකුලව අඩුවී ඇතැයි සිතේ, ඒ මන්ද 60, 70 දශකවල ඒවායේ ඉතා පැහැදිලි දර්ශන තල තිබුණත් පසුව චිත්‍රපටවල අඳුර සමඟ මිශ්‍ර කළ පරිගණක දර්ශන බොහෝ ඇති නිසා එම කතාවල ස්වාභාවිකත්වය ගිලිහී ඇතයි සිතේ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.