මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රජීව් ඉතාමත් ධනවත් පවුලක තරුණයෙකි. පියා මියගොස් ඇති අතර මොහුට, ඔහුගේ මව විසින් නිතර මංගල යෝජනා ගෙන එයි. නමුත් ම…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රජීව් ඉතාමත් ධනවත් පවුලක තරුණයෙකි. පියා මියගොස් ඇති අතර මොහුට, ඔහුගේ මව විසින් නිතර මංගල යෝජනා ගෙන එයි. නමුත් මේ සියල්ලටම අකමැති වන රජීව් වෙනත් ප්‍රදේශයක පිහිටා තිබෙන තම පවුලට අයත් තවත් නිවෙසක නැවතීම සඳහා යයි. ඒ තම හිතවතෙක් සමඟය. මෙහිදී මල් අලෙවි කරන දුප්පත් තරුණියක වන ” චම්පා ” නමැති තරුණිය සමඟ පෙමින් බැඳෙයි. ඇය තම අන්ධ පියා සමඟ ජීවත් වෙයි. එම ගමේ ජීවත් වන මොහාන් නැමැත්තා ඇය විවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි. නමුත් චම්පා එයට කැමති නොවේ. පසුව ඇයගේ පියා වශයෙන් පෙනීසිටින තැනැත්තා විසින් චම්පාව කුඩා කාලයේදී ධනවත් පවුලකින් පැහැරගත් බවට මොහාන් හෙළි කර ගනී. මෙතැන් සිට “රජීව්ට සහ චම්පාට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ.
ෂම්මි කපූර්, ශර්මිලා තාගෝර් සහ ප්‍රාන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. “සඳ මෝදු වෙලා නැඟෙනා… රෑ කාලේ වසන්තයේ…” එයින් එක් ජනප්‍රිය සිංහල ගීතයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” “කැරවෑන්“,”අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“, “අන්දාස්“, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ“, “තෙරේ ගර් කී සාම්නේ“,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්“, ”මිලැප්“, “බ්‍රහ්මචාරී” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් තුන්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු තිහයි, තත්පර තිස්තුනක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. එමෙන්ම මෙයට ගැළපෙන, මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ මෙගා බයිට් 532 ක වීඩියෝවක් ද ඇත. මෙම උපසිරැසිය තුළ ද අදාළ වීඩියෝව බාගත කරගත හැකි ආකාරය දක්වා ඇත. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා මීළඟට ලබා දෙන්නේ 1949 වර්ෂයේ තිරගත වූ ” Dulari ” පැරණි හින්දි සිනමාපටයේ සිංහල උපසිරසියයි.

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,252 downloadsDownload Kashmir-Ki-Kali-1964.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
21 comments
හසිත මධුෂාන්
indika75
thanks..
Asitha Jayasinghe
ඔබගේ උත්සහයට සුභ පතනවා. ජය වේවා!!!
TharakaWAS
Sub 1kata bhohomatma stutui...
Jaya wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hegoda
බොහොම ස්තූතියි. සදා හදවතේ රැෙඳෙන ගීත කිහිපයක් .
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!indunil1940
එල
Kulanjana Maduranga
subata thanks saho,,,,
Sarathabbowa
Thank u so much....
shiranga
ගොඩක් පරන ඒවම දාන්නේ නැතුව , 1990 ඉදන් 1999 චිත්‍රපටි ටිකක් දාන්නකෝ , ගොඩක් අය ආසයි ඒ කාලේ ඒවාට , ගොඩක් පරන ඒ්වා අද කාලේ තරැනයෝ ඩෙිටා කපාගෙන එ්ක බලනවා අඩුයි. අනිත් ඒක පරන ඒවා ගොඩක් බලන්නේ ටිකක් වයස කටිටිය , ඒ ගොල්ලෝ ටොරන්ටි එකෙන් downlod කරලා , ඔය ගොල්ලන්ගේ site එකින් account එකක් හදා ගෙන බලන්න දන්නේ නැ, තරැන ගොඩක් අයත් torrent download කරන්න දන්නේ නැ , දැන ගත්තත් data නැති නිසා බලන්නැ , කවිරැ හරි pen එකකට දාලා දුන්නොත් බලනවා මිසක්. ගොඩක් අය බලන්නේ english , හින්දි බලනවා අඩුයි , ඉතින් පරන හින්දි බලන අය කොහොමත් අඩුයි , ඔයගොල්ලො මහන්සි වෙලා නිදි මරාගෙන sub කරන්නේ ගොඩක් අය බලයි නිසානේ , බැලුවෙි නැත්නමි වැඩක් නැනේ , කොහොම උනත් බයිස්කෝප් එකේ කටිටියට ගොඩක් පින් අපිට මෙි වගේ සේවයක් කරනවාට.
hiruni
eka aththa machan e kale awa godak lassana film.puluwan nam ewata sub eka diyan.
Priyantha Dayakeerthi
Shiranga සහ Hiruni,
ඔයාලා දෙදෙනාගේ අදහස් දැක්වීම් ගැන මා ගරු කරනවා. එමෙන්ම සමහර කරුණු පිළිගන්නවා. ඔයාලට 1990 දශකයේ පරණ හින්දි ෆිල්ම් බලන්න අවශ්‍ය නම් දැනට "දහරා මතු අමා" සොයුරිය ඒවාට උපසිරසි සපයනවා. දැනට ඇය ෆිල්ම් 66 ක් දීලා තිබෙනවා. මම දීලා තිබෙන්නේ 33 යි.
මෙහි සබ් කරන බොහෝ දෙනා සබ් කරන්නේ ඒ ඒ අයගේ පුද්ගලික රුචිකත්වය අනුවයි. මමත් එසේමයි
මම මේ සිනමාපට සිංහලෙන් තේරුම් ගන්න ඕන නිසා තමයි සබ් කරන්නේ. ඊට පස්සෙ කැමති කෙනෙක් ඉන්නවනම් නරඹන්නට තමයි මේ වෙබ් එකට දාන්නේ.
ඒ වගේම ඔයාලා නොදන්නවා වුණාට පැරණි හින්දි සිනමා රසික සංගමයක් තිබෙනවා මේ රටේ. එහි දහස් ගණනක් සාමාජිකයින් සිටිනවා. මමත් එහි සාමාජිකයෙක්. එහි සිටින එක්කෙනෙක් මාගේ මේ සියලු සිනමාපට ඩිවිඩි වශයෙන් දහස් ගණනක් බෙදා හරිනවා. දැන් හිතන්න ඔයාලද හරි, මමද හරි? ස්තුතියි අදහස් දැක්වුවාට! ඔයාලාගේ මාමලා, නැන්දලා, සීයලා ආච්චිලා ඉන්නවානේ. ඒ අයටත් සාධාරණයක් ඉටු කරමු නේද?shiranga
ඒක් ඇත්ත. , නමුත් 1966 වඩා 1990 -1999 ගනන් ෆිල්ම් එනවා අඩුයි. වයස අය ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්න දන්නේ නැ,තරුන අයත් දන් නැ, ඔය ගොල්ලෝ මහන්සි වෙලා කරන එකට ගොඩක් වටිනා කමක් තියෙන්න් ඔනේ,
Priyantha Dayakeerthi
Shiranga සොයුර,
මාගේ පුද්ගලික ප්‍රියතාවයත් 1972 වර්ෂයට පෙර බිහිවූ හින්දි සිනමාපට සඳහාම පමණයි. දැනට ඒ සඳහා ඉන්න රසික ප්‍රමාණය මට හොඳටම ඇති. ඔබේ අවශ්‍යතාවය හැකිනම් "දහරා මතු අමා" සොයුරියගේ post එකකට දාන්න. මා දන්නා අන්දමට ඇගේ ප්‍රධාන කැමැත්ත ඔබ ඉල්ලන 1990 දශකයේ සිනමාපට තමයි. ස්තුතියි!
Udaya Saman
උබගේ උපසිරසියක් එනතුරු බලන් ඉන්නෙ,උපසිරිසියට බොහොම ස්තූතියි.ෆීල්ම් එක ඩවුන්ලෝඩ් කරා.
Udaya Saman
ප්‍රියන්ත දයාකීර්ති සහෝදරයා ටයිප් කරන කොට වැරදිමකින් ඔබගේ වචනය උබගේ වෙලා.සමාවෙන්න ඕන ඒකට
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි. junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න.
Anonymous
Godak stuti mat asai Hindi old movie balanna Jaya weqa
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ප්‍රියන්ත සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!