මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිංසක පුද්ගලයෙක් සමාජය නිවැරදි කිරීමට දරන අවංක උත්සාහයක් ගැන කියවෙන, රාජ් කපූර්, ප්‍රාන්, සහ පද්මිණි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින,…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිංසක පුද්ගලයෙක් සමාජය නිවැරදි කිරීමට දරන අවංක උත්සාහයක් ගැන කියවෙන, රාජ් කපූර්, ප්‍රාන්, සහ පද්මිණි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. මෙය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් “කසුන් හර්ෂණ අත්තනායක” සොයුරා ඇතුළු කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්“, “සුරාජ්“, “ගීත්” ,”අප්නා දේශ්“,”අර්සු“,”කැරවෑන්“, “අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“ යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිහයවෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු හතලිස් හතයි. තත්පර පනස් අටක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. ඉහත දක්වා ඇති ධාවන කාලය අනුව මෙම වීඩියෝව පහසුවෙන් අන්තර් ජාලය තුළින් සොයාගත හැකිය. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
2,630 downloadsDownload Jis-Desh-Men-Ganga-Behti-Hai-1960.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
17 comments
Chathuracjl
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru samarasekara
jaya wewa upasirasata bohoma thanx ayiya me puluwan nam Padosan (1968) me films akata upasirasa dennako
Priyantha Dayakeerthi
ඉසුරු සමරසේකර සොයුර,
ඉදිරි කාලයේදී ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්. ස්තුතියි!Priyantha Dayakeerthi
හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී…ආදී පැරණි හින්දි සිනමාපට විශාල ප්‍රමාණයක් මා දන්නා කෙනෙක් ළඟ සිංහල උපසිරසි සහිතව තිබෙනවා. කැමති නම් මේ අංකයට කතා කර එම ඩිවිඩි ලබා ගන්න. 0718020196
Kasun Harshana
Jish Desh Mein Ganga Behti Hai (1960) මා ඉතාමත් ඇළුම් කරන චිත්‍රපටයක්. 60 දශකයේ සුපර් හිට් එකක් කියල කිව්වත් වරදක් නැහැ. ඉතාම මියුරු කර්ණරසාලිප්ත ගායනාවන්ගෙන් සමන්විත චිත්‍රපටයක්. මෙහි එන ගී තනු ඇසුරෙන් ලතා වල්පොල මහත්මිය ගයන "ගලනා සීත ජලේ" ගීතය සහ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන "කදිර දේව සුරින්දු" යන අපේ රටේ අදටත් බොහෝ දෙනා ප්‍රිය කරන මියුරු සිංහල ගීත ද්විත්වය නිර්මාණය වී තිබීමෙන්ම එය ප්‍රත්‍යක්ෂ වනවා. කාගෙන් සම්මාන නොලැබුණත් පැරණි හින්දි චිත්‍රපට කියන මැණික් ගොඩ විටින් විට අවුස්සමින් එක් එක් වර්ගයේ "පැරණි හින්දි චිත්‍රපට නම් වූ මැණික්" අප වෙත බෙදාරීම පිළිබඳව පැරණි හින්දි චිත්‍රපට ලෝලින්ගේ ජනතා සම්මානය ඔබට හැමදාමත් හිමිවනවා. දිගටම සබ් කරන්න. ඔබට තෙරුවන් සරණයි.
Priyantha Dayakeerthi
කසුන් හර්ෂණ සොයුර,
ස්තුතියි ඔබේ අගනා අදහස් දැක්වීම පිළිබඳව. එය වටිනා දිරි ගැන්වීමක් ලෙසටද මා දකිනවා.
ඔබේ උපසිරසියක් කාලෙකින් දැක්කේ නැහැ. හැකිනම් වටිනා සිනමාපටයකට ළඟදීම උපසිරසි ලබා දෙන්න. ඔබට ජය!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
මේ වගේ ඒවා තව ගේන්da වාසනාව laබේ වාchandra
Thanks for your great attempt. Could you please prepare sinhala sub titles for "Mujhe Jeene Do" film. "Soora Chawuraya" is a copy of that film. Thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Priyantha Dayakeerthi
පැය දෙකයි, මිනිත්තු හතලිස් හතයි. තත්පර පනස් අටක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. Jis Desh Mein Ganga Baheti Hai (HD) යනුවෙන් ගූගල් තුළ සර්ච් කරන්න.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ.
ජයෙන් ජය.TharakaWAS
Subata Stutui...
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සියලුම දෙනාට උපසිරැසිය වෙනුවෙන් මහන්සි වුණාට..ජයවේවා !!
Advertisement

බොහොම ස්තුතියි. තවත් පැරණි චිත්‍රපට ලබා දෙන්න.