Watch Trailer

Dulari (1949) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ශෝභා” නමැති කුඩා දැරිය තම පියා සහ සේවිකාව සමඟ මල් වත්තක සිටිය දී, දෙදෙනෙකු විසින් ඇයව පැහැරගෙන යනු ලබයි. මව මි…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ශෝභා” නමැති කුඩා දැරිය තම පියා සහ සේවිකාව සමඟ මල් වත්තක සිටිය දී, දෙදෙනෙකු විසින් ඇයව පැහැරගෙන යනු ලබයි. මව මියගිය පවුලේ එකම දරුවා වූ ඇයට පියා මහත්සේ ආදර කරනු ලබයි. ඒ නිසා ඔහු මහත් පීඩාවකට ලක්වෙයි. මෙම දැරිය පැහැරගෙන යනු ලබන්නේ අහිගුණ්ටික පුද්ගලයන් පිරිසකි. මොවුන් කැලය තුළ වාසය කරයි. එහෙත් වරින් වර නගරයට පැමිණ නැටුම් ඉදිරිපත් කර ආදායමක් ද උපයා ගන්නා අතර මංකොල්ල කෑමද සිදුකරනු ලබයි.

මේ අතර පැහැරගෙන ගිය දැරියට “දුලාරි” යන නාමය තබා තරුණ වියට පත්වූ කළ ඇයට නර්තනය පුහුණු කරවයි. එය පුහුණු කරවනු ලැබුයේ “ජග්ගු” නැමැත්තා විසින්ය. ඔහු දුලාරි විවාහකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි. නමුත් දුලාරි, ඔහුට කැමැත්තක් නොදක්වයි. එහි සිටින “කස්තුරි” නමැති තරුණිය “ජග්ගු”ට කැමැත්තෙන් සිටියි. ඒ නිසා ඇය දුලාරි ගැන අමනාපයෙන් පසුවෙයි. මේ අතර දුලාරි ඇතුළු පිරිස නගරයට පැමිණ නැටුම් ඉදිරිපත් කරද්දී ධනවත් තරුණයෙක් වූ “ප්‍රේම්” ගේ සිත ඇය වෙත බැඳේ. මුදල් වෙනුවට ඔහු ඇයට තමාගේ රන් මුදුව පරිත්‍යාග කරයි. ඉන් පසු දිනෙයක ඔහු තම සගයෙක් සමඟ “දුලාරි” සොයායයි.

නමුත් මෙතැන් සිට “දුලාරිට සහ ප්‍රේම්ට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අවසානයේ දුලාරිට තම පියා හමුවේවිද? මධුබාලා, ගීතාබාලි සහ නසීම් අහමඩ් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් “සොහානී රාත්” වැනි හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” “කැරවෑන්“,”අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“, “අන්දාස්“, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ“, “තෙරේ ගර් කී සාම්නේ“,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්“, ”මිලැප්“, “බ්‍රහ්මචාරී“, “කාෂ්මීර් කී කාලි“  යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් හතරවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Dulari 1949 යනුවෙන් සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දහතුනයි, තත්පර තිස්දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1969 වර්ෂයේ තිරගත වූ “Pyar Ka Mausam” පැරණි හින්දි සිනමාපටයයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,304 downloadsDownload Dulari-1949-1.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,304 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Udaya Saman

    උපසිරසියට බොහොම ස්තූතියි...මම ඉලන් ඉන්නෙ ඉතින් විතානගේ සහෝදරයගේ උපසිරසියක් ලැබෙනකන්.ඉතින් මේකත් බලනවා.ඔබගේ ඉදිරි ගමනට මං සුභ පතනවා, පැරණි සිනමාව මෙලෙස නැවත ඔසවා තැබීමට දරණ මහන්සිය වෙනුවෙන්.

  3. tharindux265

    මේ වගේ වැදගත් සිනමාපට සඳහා උපසිරස දෙන්න තීරණය කිරිම ගැන මාගේ ස්තුතිය.

  4. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විතානගේ සහෝ.
    ජයෙන් ජය.

  6. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති අයියේ...
    පැරණි හින්දි චිත්‍රපට රසිකයින්ට ඔබ මහඟු සම්පතක්.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  7. TharakaWAS

    Upasirisiyata bohotma stutui...
    Jaya wewa...!!!!

  8. shanuka900

    උපසිරැසියට බොහෝම ස්තූතියි. junoon (1992) ෆිල්ම් එකටත් ඔය වගේම උපසිරැසි දෙන්න.

  9. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  10. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  11. Lasantharathnasirirox

    නියමයි..පැරණිම එකක්..බොහෝම ස්තුතියි.ජයවේවා "!"!"